ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවට විමල්ගේ පක්ෂයේ විරෝධය
ද්විත්ව පුරවැසිභාවය, විගණනය හා හදිසි පනත් සමබන්ධයෙන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ සිය විරෝධය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් මගින් යොමුකර තිබේ.
නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ එම පක්ෂ නායකයා වන විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බවද එම ලිපියේ දැක්වෙයි.
මෙම යෝජනා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බවද ඔවුන් සිය ලිපියෙන් පවසයි.


popular news
- 
                            
ranjith Monday, 05 October 2020 03:33 AM
dwithwa purawesiyan mokatada parlimenthuwata rata palanaya karanna ochchara unanduwak thiye nam okawenas karagena enna berida eka kakulak pitarataka thiyagena rate minissu gonata andannada hadanne
Reply : 0 0
K. Ranaweera Wednesday, 07 October 2020 09:04 AM
You are not firm at the end of your letter to president it implies that you will not go against , by using your old hackneyed talk UNP ans SJB are the common enemy. Do not try to fall yourself into KARAPINCHA (curry leaves) catogory.
Reply : 1 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                