ජවිපෙ ප්රමුඛ ජාතික ජනබලයේ ජනපති අපෙක්ෂකයා අනුර
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
දේශපාලන පක්ෂ හතරක් හා විද්වතුන්, කලාකරුවන් ඇතුළු සංවිධාන 26කට වැඩි ප්‍රමාණයකින් සමන්විත ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මේ මස 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.
ගොඩනගා තිබෙන ජාතික ජනබලවේගය ජනාධිපති නියෝජනය කරන අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහත් පත් කිරීමට එහි සාමාජික කණ්ඩායම්වල වැඩිම කැමැත්ත වී ඇතැයිද කියවෙයි.
මේ අනුව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ජනාධිපති අපේක්ෂකයා තේරීම ජාතික ජනබලවේගය නියෝජනය කරන කණ්ඩායම් සමග සාකච්ඡා කර තීරණය කරන බවයි. අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනට කීමට නොහැකි වුවත්, මේ මස 18 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජනබලවේගය මංගල රැලියේදී එය ප්‍රකාශයට පත් කරන බවද ඔහු පවසා සිටියේය.
ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාට කිසිදු උසාවියක නඩු නොමැති සේම වරදකරුවෙකුද වී නොමැති බවත්, ඔහු මූල්‍ය විනය, පරිපාලන විනය හා නායකත්ව පරිණතභාවය සහිත රට හදන්නට හැකි ප්‍රතිපත්තියක් සහිත පුද්ගලයෙකු බවත් හෙතෙම සඳහන් කළේය.

popular news
- 
                            
chris Tuesday, 13 August 2019 12:54 PM
අනුර උඹටත් පිස්සුද බන් ,උඹත් සිරිසේනය වගේ ජෝකර් කෙනෙක් වෙන්න හදනවද
Reply : 14 6
Bandula Ratnayake Wednesday, 14 August 2019 07:17 AM
අනුර කුමාර සුදුසු පුද්ගලයෙක් නායකයෙකුට , ප්රශ්නය තියෙන්නේ චන්ද දායකය ඔහුගේ වටිනාකම තේරුම් ගෙන නැතිකමය. හරකුන් බලාගැනීමට අවශ්‍ය වන්නේ කෙවිටක් අතින්ගත් ගොපල්ලකු මිස සාන්තුවරයකු නොවේ. මෙය අපේ අවසනවන්තකමය. හොරුනට අවශ්‍ය හොරුන් කුපාදීන් මිස යහපත් මිනිසුන් නොවේ.
Reply : 0 2
හෙරත් Tuesday, 13 August 2019 10:09 PM
ජනතා විමුක්ති පෙරමුණ තමන්ට තිබුන බොහෝ අවස්ථා නැති කරගත් පක්ෂයකි! තවත් විගඩම් නොකර තම නයකයා කවුද කියා රටට කියන්න ඒකට විද්වත් කමිටු මොකටද!
Reply : 1 1
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                