2001 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවකට ජනපති වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා කටයුතු කරන කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා විවිධ අපහසුතා සඳහා මුහුණ දුන් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ගලේවෙල පැවැති උත්සවයකදී අද (03දා) පැවසීය.
2001 වසරේ සිට රට සංවර්ධනය වන විට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවත් එම අත්දැකීම්ද අවධානයට ගෙන මෙවර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ බවත් ඔහු පෙන්වා දුන්නේය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාටත් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබිය නොහැකි බවත් අවුරුදු පහක් දක්වා පත්වූ ආණ්ඩුවට වැඩකළ හැකි බවත් ඔහු පැවසීය.