ගෝඨාගේ තීන්දුවට එරෙහිව තේනුවර හා වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ලබාදී තිබෙන තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සාමාජික, ලේඛක ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් තීරණය කර තිබේ.
මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු හෙට (07දා) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.
අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීරණයක් අභියෝගයට ලක්කිරීමට දින 42ක කාලයක් තිබෙන බවත්, එම අවස්ථාව යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට හේතු අද (07දා) දිනයේදී දැනුම්දෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන බැවින් එම කරුණු අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ වැඩපිළිවෙළ සකස් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
popular news
- 
                            lakshman Monday, 07 October 2019 04:30 AM බොරු වේද කරන්න එපා ඒ තීන්දුවත් ඕක මි තර ගෙට මුහුණ denna Reply : 2 0 Devinda Uduwara Tuesday, 08 October 2019 03:41 PM We need to know the truth. Reply : 0 0 Deepal Nirosh Friday, 11 October 2019 12:19 PM තමුන් නියෝජනය කරන අපේක්ෂකයට අනිවාර්යයෙන් දිනන්න පුළුවන් නම් ඇයි ප්‍රතිවාදියාට මෙච්චර වෙට්ටු දාන්න හදන්නෙ? තරඟයට මුහුණ දීල ජය ගැනීමයි වැදගත්. "උගේ වෛරය"ක තරම? අපි හිතුවෙ "ඇගේ වෛරය" විතරයි කියල. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                