වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු ගංජා සහ මත්කරල් සන්තකයේ තබාගෙන සිටියදී වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ ගංජා මිලිග්රෑම් 900 ක් හා මත්කරල් 7 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මීතොට මුල්ල ප්රදේශයේදීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.