එජාපය දිනවිමට අගමැතිවරයා ඕනම පරිත්‍යාගයක් කිරිමට සුදානම් - කබීර්
එක්සත් ජාතික පක්ෂය දිනවීමට ඕනම පරිත්‍යාගයක් සිදු කිරීමට අගමැතිවරයා සූදානම් බවත්, රටේ වැඩි ජනතාවක් ඉල්ලන නායකයා එක්සත් ජාතික පක්ෂයෙන් ලබා දෙන්න සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ තලාව , කැකිරාව, ගනේවල්පොළ , දාච්චිහල්මිල්ලෑව මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සමාරම්භ කිරිම සඳහා එප්පාවල නගරයේ පැවති උත්සවයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“දැන් අර කොළඹ 07 ඉන්න, ආර්ථික ඔස්ථාර්ලා, අර කොක්ටේල් සමාගමේ ඉන්න නොනලා ඔවුන්ගේ මහත්තුරුන්ට කොන්ත්‍රාත් නැති නිසා හොරකම් කරන්න බැරි නිසා අපේ ආණ්ඩුවට විරුද්ධව චෝදනා කරනවා. ඒ නිසා ඒ ගොල්ල අලුත් මගක් හදාගෙන, වියත් මග කියලා. අවුරුදු 20 ක් බලයේ ඉන්න කොට මොන පාරෙද ගියේ. අවුරුදු 20 ක් මදි වුණාද ඒ ගොල්ලන්ට රට හදන්න. රාජපක්ෂ මහත්තයාලට අවුරුදු 10 ක් සුද්දම බලය තිබුණා. විධායක බලය තිබුණා. මහා ආණ්ඩුවේ, පළාත් සභාවේ බලය තිබුණා. ඒ බලය අනුව ගෑණියෙක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගෑණියෙක් කරන්නයි විතරයි බැරිකම තිබුණේ ජේ.ආර් මහත්තයාගේ ව්‍යවස්ථාවෙන්. ඒත් ඒ මුකුත් කළේ නෑ.
ඔවුන්ගේ ගජ මිතුරු සමාගම් පෝෂණය කරලා හම්බ කර ගත්තා. ඔවුන්ගේ දෑත් ශක්තිමත් කර ගත්තා. පොඩි මිනිස්සු පාරට බැස්සා නම් වෙඩි තියලා උණ්ඩයෙන් වෙඩි කන්න සිද්ධ වුණා. එහෙම නැත්නම් සුදු වෑන් වලින් උස්සන් ගියා. ඕක තමයි ඒ කාලේ තිබුණ සංස්කෘතිය දැන් ඇවිත් කියනවා මහ ලොකු උත්සවයක් තියලා ජනතාව ඉල්ලන අපේක්ෂකයා දෙනවා කියලා. පොහොට්ටුවේ අපේක්ෂකයා තේරුවේ රාජපක්ෂ වලව්වේ. ඒකනේ අර තිබුණ මහා උත්සවයේ පසුබිම සලකුණක් හැටියට තිබුණේ ඒ ගොල්ලන්ගේ මහ වලව්ව. ඒ වගේම ඒ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා වාඩි වෙලා ඉන්නේ උස පුටුවක. අනෙත් අය ඉන්න පුංචි බංකු වල වගෙයි. අර වැඩවසම් ක්රමයම ඒකෙන් පෙන්නලා දුන්නා.
අපිට ඕන, ඒකාධිපතියෙක්ද , නායකයෙක්ද? ඔබ දන්නවා බෞද්ධයෝ හැටියට චන්ඩාශෝක රජතුමා මහ ලොකු විනාශයක් කරලා ජීවිත දහස් ගණනක් විනාශ කළාට පස්සේ නිග්රෝදා සාමණේර ස්වාමීන් වහන්සේගේ බණ අහගෙන තමයි ඒ චන්ඩාශෝක රජු ධර්මාශෝක රජු බවට පරිවර්තනය වෙලා ධාර්මිකව රට පාලනය කරන්න පටන් ගත්තේ.
අපිට ඕන ඒකාධිපතිවරු නෙමෙයි මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙන ඒ මිනිස්සුන්ගේ මට්ටමට බැහැලා කථා කරන්න පුළුවන් නායකයෙක්. ඒ නායකයා තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ඔබතුමන්ලාට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නායකයා ජනතාව ඉල්ලන සැබෑ නායකයා. ගෙදර කුස්සියේ තෝරා ගත්ත නායකයා නෙමෙයි. ඒක අපේ පක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදය. අපේ පක්ෂයේ අද තියෙනවා සංවාදයක් කවුද පත් කරන්න ඕන කියලා. ඔවුන්ගේ පක්ෂ වල වගේ පවුලේ ඊළඟ කෙනාට දෙන ක්‍රමය අපේ පක්ෂයේ නෑ. අපේ පක්ෂයේ අපි විවෘතව කථා කළා. අපි ගහ ගන්නේ නෑ. අපි බොහෝම සමගියෙන් කථා කරනවා. අපි මේ පක්ෂය කිසිම දවසක බෙදන්න ඉඩ තියන්නේ නෑ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Champa Friday, 13 September 2019 03:56 PM
ඔන්න වැඩ. කැඩිලා වෙන් වෙනවා කියල පොහොට්ටුව කියපු යූඑන්පී එක ආයේ සමගි වුනා දෙවෙනි පාරටත්. කොහොමද? පලවෙනි පාර මහින්දට අගමැතිකම දීල මෛත්‍රී කලේ එතෙක් දුර්වලව වැටිලා තිබ්බ යූඑන්පී එකට සමගි වෙලා ශක්තිමත් වෙන්න අවස්ථාවක් හදල දීපු එක. ඊළඟ ජනාධිපතිවරනෙට එනව තියා හිතන්නවත් බැරුව හිටපු යූඑන්පී එකට අන්තිමේ අපේක්ෂකයෝ වැහි වැහැල දැන්. ඊළඟට දැන් දෙවෙනි පාරටත් ඒකම කළා බැඳුම්කර නඩුවට මෙච්චර අවුරුදු 4ක් නොගේන්වපු මහේන්ද්‍රන්ව ගෙන්වනවා කියල. ඒක කියපු ගමන් යූඑන්පී එක එකතු වුනා ඒ මොකොද කිව්වා නම් බැඳුම්කර නඩුවෙන් ඔක්කොටම කන්න වෙන හින්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

