එංගලන්ත කසළ කන්ටේනර් රටතුළට ගෙන ඒමට අවසර නෑ
එංගලන්තයේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු රේගු නිලධාරීන් භාරයේ පවතින කැළිකසළ කන්ටේනර් රට තුළට ගෙන ඒමට අවසර ලබා නොදෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව රටකින් රටකට කුණු රැගෙන ඒමට නොහැකි බවත්, මේ නිසා එම අපද්‍රව්‍ය නැවත වතාවක් කැළිකසළ ගෙන ආ රටටම යැවිය යුතු බවත් එම අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයවර්ධන මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ කන්ටේනර් පිළිබඳ රේගුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි.
පරීක්ෂණ කටයුතු අවසන් වූ පසු අදාළ කන්ටේනර් තොගයට සිදු කරන්නේ කුමක්ද යන්න තීරණය කරන බවද ඒ මහතා පවසා සිටියේය.
එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වූ භාවිතයෙන් ඉවත් කළ මෙට්ට තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කන්ටේනර් 100කට ආසන්න ප්‍රමාණයක තිබී මෙම මෙට්ට තොගය සොයාගෙන තිබෙන අතර, මේ ආකාරයට ගෙන්වූ භාවිතයෙන් ඉවත් කළ මෙට්ට අඩංගු කන්ටේනර් කිහිපයක් වරාය තුළ තිබෙන බවට සැකයක් මතුව තිබෙන හෙයින් ඒ පිළිබඳ සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද වාර්තා වේ.

popular news
-
dilal Thursday, 11 July 2019 01:27 PM
එංගලන්තයෙන් පමණක් නොවෙයි කිසිම රටකින් ලංකාවට කුණු ගෙනෙන්න ඉඩ දියයුතු නැහැ.දඬුවමක් වසයෙන් ඔය කුණු ගෙන්වූ අයට පවරන්න ලංකාවේ කුණු එකතුකරන්න.
Reply : 0 0
ලසන්ත Thursday, 11 July 2019 05:30 PM
ලංකාවේ කුණු ප්රශ්නය ඉතාම උග්‍රව තිබියදී එංගලන්තයේ කුණු ඉවත්කිරීම භාරගත් පුද්ගලයාට මේරටේ කුණු ප්රශ්නය විසඳීමට භාරදෙන්න සාර්ථකව කලහොත් පමණක් ගාස්තු ගෙවන්න.දැනට තොරතුරු දැනගැනීමේ පනත වලංගුනම් රටේ ජනතාවට දැනගැනීමට එම පුද්ගලයා කවුද කියන්න.රටට ද්‍රෝහීන් වන එවැන්නන් ගැන රටවැසියා දැනගතයුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

