ඉහළම ජල විදුලිය මේ දවස්වල
පවතින වැසි තත්ත්වය නිසා මෑත ඉතිහාසයේ ඉහළම ජල විදුලි නිෂ්පාදනය මේ දිනවල වාර්තා කර තිබෙන අතර, විදුලි ඉල්ලුම ගිගාවොට් පැය දහයකින් අඩු වී තිබේ.
මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 55%ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ජල විදුලිය නිෂ්පාදනය කරන ජල මූලාශ්රවල ජල මට්ටම පොදුවේ 78% ඉක්මවා ගොස් ඇත.
මේ නිසා නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ දෙවැනි අදියරේ විදුලි නිෂ්පාදන යන්ත්‍රයද නවතා දමා තිබේ.
පවතින වැසි තත්ත්වය නිසා කාසල්රී ජලාශයේ ජල මට්ටම 93.6%ක්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 95.2%ක්, කොත්මලේ ජලාශයේ ජලමට්ටම 86.1%ක්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 74.7%ක්, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 17.4%ක් සහ සමනල වැවේ ජල මට්ටම 90.8%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
දෛනික විදුලි අවශ්‍යතාව ගිගාවොට් පැය හතළිස් අටේ සිට තිස්අට දක්වා පහළ ගොස් තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

popular news
-
අචලා මදුවන්ති Tuesday, 22 October 2019 09:15 AM
අද කාලගුනය දැන ගැනිම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

