ඇමෙරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් දිවයිනට
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මේ වනවිට ඇමෙරිකානු ආරක්ෂක භටයින්, මාධ්‍යවේදීන්, සත්කාරක නිලධාරීන්, රහස් පරීක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් පසුගිය 21 දා සිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.
ඒ අනුව ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ආර්.සී.එච්.- 1815 දරන විශාලතම ප්‍රවාහන ගුවන් යානයක් එරට සිට 10/23 දින සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එමෙන්ම අද අලුයම 1.45 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් ද තවත් එවැනි ඇමෙරිකානුවන් 13 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එසේම මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයීය නිලධාරීන් , ගුවන් තොටුපළ බලධාරීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් සහ පොලීසියේ සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වල උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය පිළිබඳව සාකච්ඡාවක් පවත්වමින් සිටියි.
popular news
-
Hot land Tuesday, 27 October 2020 07:36 AM
අමෙරිකාව තමය් ලෝකේ දරුනුම කොරෝනා රට .උන්ට තියා උන්ගේ ජනාධිපති ත් බෙරුනේ නහ.උන් අපේ රට අතුලට කෙලින්ම අතුල්වෙනව කිසිම ප්‍ර්ස්නයක් නොමැතිව.අපේ මහ එවුන් උන්ට පාවඩ එලලා කෙලින්ම රට අතුලට ගන්නෙ කොහොමද .එදා චීන්නු සෙට් එකක් අවා.අපෙ බූරුවන් ට්ව් එකින් පන්පොරි ගහනව උන්ට කොරෝනා නතිලු.උන් මිනිස්සු නොවෙය් වෙන්න අති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

