රජය මගින් පනවා ඇති ඇඳිරි නීතිය අවසන්වූ වහාම පාරභෝගික ජනතාවට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර බොදා හැරීමට විවෘත කරන බව සමූපකාර සංවර්ධන කොමසාරිස් සුවින්ද සිංගප්පුලි මහතා පවසයි.
සමූපකාර වෙළඳසැල්වලට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතී නම් තම පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස් මගින් සීමාසහිත ශ්‍රී ලංකා සමූපකාර අලෙවි සංගමය සමග සම්බන්ධවී භාණ්ඩ ලබාගැනීමට කටයුතු කරන ලෙසත් කොමසාරිස්වරයා පවසයි.
එසේම සීමා සහිත ශ්‍රී ලංකා සමූපකාර අලෙවි සංගමය සතුව සමූපකාර සමිති සඳහා අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.