අධ්‍යාපන වෘත්තිකයින්ට ජාතික වෘත්තීය හැඳුනුම්පත්
පාසල් ගුරුභවතුන්ටත්, විදුහල්පතිවරුන්ටත්, ගුරු උපදේශකවරුන්ටත්, ගුරු අධ්යාපනඥයින්ටත්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ටත් වඩාත් ගෞරවනීය හා වෘත්තීමය අනන්‍යතාවක් ලබා දීම ජාතික යුතුකමක් හා වගකීමක් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටී.
මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීකයින් බහුතරයක් බොහෝ කලක පටන් භාවිත කරන නිල රාජකාරී හැඳුනුම්පත සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිය බුද්ධිමය දායකත්වය නොමසුරුව ලබාදෙන ගෞරවනීය වෘත්තීකයින් වෙත මෙතෙක් කල් හිමි නොවීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් ඇතුළු අනෙකුත් වෘත්තීකයින්ට මෙන් ම මෙරට ගුරුභවතුන් ඇතුළු සමස්ත වෘත්තීකයින් වෙත ද ඔවුන්ගේ අනභිබවනීය වෘත්තීය දායකත්වයට නිල වටිනාකමක් එක්කර දීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, ඉතා නුදුරේ දී ම හඳුන්වාදීමට නියමිත මෙම නිල වෘත්තීය හැඳුනුම්පත ගුරු සේවයේ මෙන් ම මෙරට අධ්‍යාපන ක්ෂේත්රයෙහි විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවයේ නිරත සියලු නිලධාරීන් වෙත ද ලබා දෙනු ලැබේ. මෙම වෘත්තීය හැඳුනුම්පත නවීන තාක්ෂණයෙන් සපිරිව නිර්මාණය වන අතර ම එමඟින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ නිරතවන සියලු වෘත්තිකයන්ට විශේෂ සහන සේවා රැසක් ලබා දීමට ද දැනටමත් සැලසුම් සකස් කර ඇත.
මෙරට අධ්‍යාපන පද්ධතියේ සේවය කරන සියලු වෘත්තීකයින්ගේ වෘත්තීමය ගරුත්වය හා ආරක්ෂාවත්, සමාජ පිළිගැනීමත් වෙනුවෙන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රකාරව කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඇපකැප වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
dhamneth Saturday, 01 August 2020 12:54 PM
mema handunumpath danata wisama labaa athi adyapana wurthikayantada wisamika yana kotasada ekathukara ho nathuwa labadenna .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

