අධ්‍යාත්මික රෝග සුව කිරිමේ කඳවුරකදි 18 ක් රෝහලට - දෙදෙනෙකු මිය යයි
අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනක් අතරතුරදී රෝගීව සිටි කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් , අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක.271/1 ආබ්‍රපුර, මහවස්කඩුව, කළුතර ලිපිනයෙ පදිංචි පත්තිනිගේ දිනූෂා ද සිල්වා (39), සහ දික්හේනවත්ත, ඌරල,වදුරඹ, ගාල්ල, ලිපිනයේ පදිංචිව සිටි අත්තනායක මුදියන්සේලාගේ රණවක (78), යන දෙදෙනාය.
අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනක් හොරොව්පොතාන මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඊයේ (07) රාත්‍රියේ සිට අද (08) දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණ අතර , ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ රෝගාබාධවලට ලක්වූ විශාල රෝගීහු සංඛ්‍යාවක් සහභාගී වී සිට ඇතැයි හොරොව්පතාන පොලීසිය පවසයි.
මියගිය රෝගීන් දෙදෙනා සහ රෝහල් ගත කළ රෝගීන් 18 දෙනා එම වැඩසටහනට සහභාගී වීමට පැමිණ ඇති බවද පොලීසිය සඳහන් කළේය.
එම වැඩසටහන අතරතුරදී ඔවුනට වැළඳී තිබූ රෝග උත්සන්න වීම නිසා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ අනෙක් රෝගීන් 18 දෙනාගෙන් 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

popular news
-
dilal Sunday, 08 September 2019 09:54 PM
මෙම වැඩසටහන මමත් නරබනවා.මෙම වැඩසටහනේ වැඩි කාලයක් රෝගින්ටවත් රෝගවලටවත් අදාල නැති අනවශ්‍ය වැල්වටාරම් දේසනා නිසා රෝගීන් වෙහෙසටත් පීඩාවටත් පත්වෙනවා,එළිමහනේ සිටීමෙන් ඇතිවන අව්ව වැස්ස පින්න සීතල හුලන් වලට අමතරව.නොමිලේ කෑම දෙනවා කීවට රෝගීන් පැමිණෙන්නේ රෝගසුවකරවගැනීමට මිසක් කෑම සඳහා නොවෙයි.මෙහි භාවනා වැඩ සටහන්කරනවා.නරකද ආරම්භයේදීම මෙම ඉස්තානයට පැමිණි කිසිවෙක් මම ස්ථානයේදී මරණයට පත්නොවෙවා,පැමිණ සිටින කිසිවකුගේ රෝග තත්වයන් උත්සන්න නොවේව කියා අධිෂ්ටාන කරගෙන වැඩසටහන ආරම්බකොලොත් මිට වඩා මහත් පල මහානිසංස බලාපොරොත්තුවෙන්
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

