රාජ්‍ය යන්ත්‍රය රාජ්‍ය නායකයා විසින්ම අකර්මණ්‍ය කිරිමකට ඉඩ දිය නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (12) දින ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ජනාධිපතිතුමා නැවත වතාවක් පාර්ලිමේන්තුවත් ආණ්ඩුවත් සමඟ ව්‍යවස්ථාමය ගැටුමකට, නීතිමය ගැටුමකට හා දේශපාලනමය ගැටුමකට යොමු වී තිබෙනවා. ඒකට හේතු හැටියට එතුමා දක්වා තිබෙන්නේ පවත්වාගෙන යන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් ජාතික ආරක්ෂාව යම් යම් හානිකර දේවල් හෙළිදරව් කරනවා. ඒ නිසා ඒ තේරීම් කාරක සභා කි‍්‍රයාවලිය නතර කළ යුතුයි කියන පදනමේ හිඳගෙන කැබිනට් මණ්ඩලය කැඳවීම නතර කර තිබෙනවා. පළමුවෙන්ම සඳහන් කළ යුතුයි ජනාධිපතිතුමා මෙම ක්‍රියාදාමය මගින් චේතාන්විතව රාජ්‍ය විධායකය, ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමේ වගකීම් විරහිත කි‍්‍රයාවලියක නිරත වී සිටිනවා.
අපේ ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව විධායකය සතු බලතල මොනවාද, ජනාධිපතිතුමා සතු බලතල මොනවාද ඒ වගේම පාර්ලිමේන්තුව සතු බලතල මොනවාද කියන එක වෙන් වෙන්ව පැහැදිලිව නිශ්චිතව දක්වලා තිබෙන ව්‍යවස්ථාවක්.
මේ ව්‍යවස්ථාවේ වගන්ති පිළිබඳව යම් යම් සැක මුසු තැන් තිබුණා නම් පසුගිය දින 51 දී මේ රටේ ඇති වූ ප්රජාතන්ත්රවාදී විප්ලවය පැවතුණු කාලයේ මෙරට අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දු මගින් ඉතාම පැහැදිලිව විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය මගින් සිදු කරන ලද වෙනස්කම් වලට පැහැදිලිව ජනාධිපතිතුමාගේ බලතල මොනවාද? ඒවා නතර වෙන්නේ කොතැනද? ඔහුට අභිමතයෙන් සිදු කළ හැකි දේවල් මොනවද? ඒවා නතර වෙන්නේ කොතැනද, පාර්ලිමේන්තුව සතු බලතල මොනවාද? නතර වෙන්නේ කොතැන ද කියන එක පිළිබඳව නිශ්චිත විවරණයක් ලබා දුන්නා. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් හිතුමතේ විසුරුවාලීම, ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති පුද්ගලයෙක් අග්රාමාත්යධූරයට පත් කිරීම කියන මේ සියලු කාරණාවලට අධිකරණය විසින් විවරණයක් ලබාදුන්නා.
අපේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා, ආණ්ඩුවේ - කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා, ඒ වගේම විධායකයේ ප්‍රධානියා. එනමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමෙන් බැඳී සිටිනවා. ඒ නිසා මේ රාජ්‍ය යන්ත්‍රණය විධායකය අඛණ්ඩව පවත්වාගෙන යෑම කවර තත්ත්වයන් යටතේ උවත් ජනාධිපතිවරයාගේ පැහැදිලි, නිශ්චිත වගකීමක්.
ඊයේ දින කැබිනට් මණ්ඩලයට ලැයිස්තු ගත කැබිනට් පති‍්‍රකා 51 ක් සහ අලූත් කැබිනට් පති‍්‍රකා 19 ක් සමඟ ඔක්කෝම 70 ක් එතන තිබෙනවා. ඒ වගේම ආයතන කමිටුව මගින්, විවිධ කැබිනට් අමාත්‍යවරු විසින් පුද්ගලයින් ආයතනවලට පත් කිරීම පිළිබඳව තිබෙන යෝජනා පිළිබඳ කැබිනට් පත්‍රිකා 34ක් තිබෙනවා. ඔක්කොම 104 ක් වෙනවා. එතකොට රාජ්‍යයේ මේ කැබිනට් පති‍්‍රකා සාකච්ඡා කර අනුමත කර ගන්නේ නැතිව රාජ්‍ය අකර්මණ්‍ය කිරීම, හිතාමතාම, චේතනාන්විතව එතුමා බලය අයුතු ලෙස පාවිචිච් කිරීමක් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
කෂිනි හපුආරච්චි