හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න අද (09) නියෝග කළා.
ප්රධාන මහේස්ත්රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණය අද නිකුත් කළ ප්රතිශෝධන පෙත්සමේ නියෝගයට අනුවයි.
පාස්කු ඉරිදා ප්රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ඇප මත මුදා හරිමින් නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවීමටයි කොළඹ මහාධිකරණය අද මෙම නියෝගය සිදු කළේ.