ඉන්දියානු සහන ණය ව්‍යාපෘතියයටතේ දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහඉන්දියානුදුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනයක් අතර ගිවිසුම් අත්සන් කර තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා සහ ඉන්දියානුRight සමාගමේ තාක්ෂණික අධ්යක්ෂ මලික් රතෝර් මහතා අතර අත්සන් කළ මෙම ගිවිසුම යටතේ මිලදීගන්නා දුම්රිය මැදිරි සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 82.6ක් වැයවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
මෙම දුම්රිය මැදිරි යටතට ආසන 90ක් සහිත තුන්වැනි පන්තියේ මැදිරි 41ක්, ආසන 64ක් සහිත දෙවැනිපන්තියේ මැදිරි 41ක්, ආසන 50ක් සහිත තුන්වැනි පන්තියේ නියාමක මැදිරිය සහිත මැදිරි 17ක්, ආසන 38ක් සහිත දෙවැනි පන්තියේ නියාමක මැදිරි 08ක්, ආසන 58ක් සහිත භෝජනාගාර මැදිරි 13ක්, ආසන 50ක් සහිත වායු සමනය කරන ලද මැදිරි 35ක් සහ පාර්සල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා මැදිරි 05ක් අයත් වන බවදඑම අමාත්‍යාංශය සඳහන් කරයි.
වායු සමනය කරන ලද මැදිරි තුළ නවීන තාක්ෂණයෙන් යුතු ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සහිතව ජී.පී.එස්. තාක්ෂණය සහ භෝජනාගාරය ඇතුළත මගීන්ට අවශ්‍ය මයික්‍රෝ උදුන්ද සවිකර ඇති බවදප්රවාහන අමාත්‍යාංශය පවසයි.
දුම්රිය සේවාව පවත්වාගෙන යෑම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය මැදිරි 250ක අවශ්‍යතාවක් තිබෙන බවත්, පසුගියදා (07දා) අත්සන් කළ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත දුම්රිය මැදිරි ඉදිරි වසර 1 1/2 -02 ඇතුළත මගී ප්‍රවාහනය සඳහා යොදාගත හැකි බවත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ශ්‍රීලංකාවේ දුම්රිය සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු ණය සහනාධාර වැඩපිළිවෙළ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 580ක් ලබාදී ඇති බවත්,මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රියඑන්ජින් 12ක් සහබලවේග කට්ටල 10ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාගැනීමට කටයුතු කරන බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ග ප්‍රතිසංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කරයි.