ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම වැඩිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් වැඩසටහන් රජය දියත් කළේ එබැවින් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අනාගතයේ දී යහපත් රටක් ගොඩනැඟිමට මත්ද්‍රව්‍යවලින් නිදහස් ගමක් ගොඩනැගිය යුතු බව ද පැවසීය.
ග්‍රාම ශක්ති ජනතා වැඩසටහන යටතේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් රුපියල් ලක්ෂ 800ක වියදමින් සංවර්ධනය කෙරුණු අනුරාධපුර, පලුගස්වැව, ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පවරාදීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.