පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු සඳහා එළැඹෙන 26 දා පෙ.ව. 8.00 සිට 28 දා පෙ.ව. 8.30 දක්වා කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් කටුනායක හා පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධානය සිදු නොකරන බැවින් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධානය කොළඹ කොටුව සිට කටුනායක දුම්රිය ස්ථාන අතර පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.