Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
රටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නොමැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී ඇති බවත් අදට වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් අග්‍රාමාත්‍ය ධුරය යළි ලබානොදිය හැකි බවට වූ දැඩි ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින අතර, අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ වෙනත් නායකයෙකු පත් කරන ලෙසටද ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයේ සිටියි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් එක්සත් ජාතික පෙරමුණවටා එක්ව සිටින බවට පෙනීගියත් එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ප්‍රධානතම බාධාව රනිල් වික්‍රමසිංහ මහතා බවද ජනාධිපතිවරයා එම පෙරමුණේ නායකයන්ට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ කණ්ඩායමට ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.
එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය යන දෙදෙනාගෙන් අයෙක් අග්‍රාමාත්‍ය ධුරය බාර නොගන්නේ නම් රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න හා තිලක් මාරපන යන මහත්වරුන් අතරින් අයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවද ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණට දැනුම් දී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග අදට සඳහන් කළේය.
මේ පිරිස අතරින් ජනාධිපතිවරයාගේ වැඩි කැමැත්ත හිමිව ඇත්තේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාට බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා රංජිත් මද්දුමබණ්ඩාර මහතා සම්බන්ධයෙන් ඇති විශ්වාසය නිසා මීට පෙර ඇමති මණ්ඩල සංශෝධනයකදී වගකීම් සහගත අමාත්‍යාංශයක් වන නීතිය හා සාමය පිළිබඳ වගකීමද ඔහුට පැවරුවේද ඒ නිසා බව ප්‍රකාශ වේ.
පවතින දේශපාලන අස්ථාවරත්වය විසඳීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදීමටද, පිහිටුවන කෙටි කාලීන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය පාඨලී චම්පික රණවක මහතාට ලබාදීම සුදුසු බවටද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය විසින් නම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා විසින් ද්‍රවිඩ ජාතික සන්ධානයට ලිඛිතව දැනුම් දී තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කබීර් හෂීම් මහතා මෙම දැනුම් දීම කර ඇත.
ආර්. සම්බන්ධන් මහතාට යැවූ ලිපියේ පිටපත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යැවීමට කබීර් හෂීම් මහතා පියවර ගෙන තිබේ.
අගමැතිවරයෙකු පත් කිරීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කරමින් එහි මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව නොවැම්බර් 29 වැනිදා ජනාධිපතිවරයාට යැවූ ලිපියට ප්‍රතිචාර ලෙස කබීර් හෂීම් මහතා ඉහත ලිපිය යැවීමට තීරණය කර තිබේ.
මේ අතර, වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර පැවැත්වීමට තිබූ සාකච්ඡාව අද (03දා) සවස දක්වා කල් ගියේය.
popular news
Don Monday, 03 December 2018 09:38 AM
අනුන්ගේ පෙරමුණුවලට නයකකයෝ පත්කරන්න ඇති අයිතියක් තියෙනවද ? තමන්ගේ වැරදි වහගන්න අමුඩ හොයන්නේ මොකද ?
Reply : 102 149
chathuri Monday, 03 December 2018 10:22 AM
ඔබට රනිල්. අගමැති වුනොත්. එක විනාඩියක් ඔය පුටුවේ. ඉන්න. බැහැ , එකයි මෙතන. තියෙන ප්රශ්නය මාළුවා නහින්නෙත් කට නිසා දැන්. තව මාස ගානක් අදින්නේ නැතිව. ඔබ රට බර දීලා අයින්වෙන්න , ඔබට අයිතියක් නැහැ වෙන. පක්ෂ වල. නායකයා තෝරන්න ඔබ සමගිකයෙක් නෙමේ ඔබට පුලුවන්ද පොහොට්ටුවේ නායකයා තෝරන්න බැහැ නේද . විමල් ගෙන් හොන්ද් ඒවායින්. ටිකක්. අහගන්න පුළුවන් ඔබහිටිය ඇති. යන්න
Reply : 133 171
Champa Monday, 03 December 2018 11:09 AM
මම රනිල්ට හුඟක් විරුද්ධයි. නමුත් මෙතන තියෙන්නේ රනිල් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. රනිල් 2020 කොහොමත් ගෙදර යනව. හැබැයි ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු සම්ප්රදාය කඩන්න ඉඩ දුන්නොත් මේක ඉතාම වැරදි පූර්වාදර්ශයක් වෙනවා. අනාගතේ තමන්ගේ නායකයාගේ පිහිටෙන් පක්ෂේ චන්ද වලින් පාර්ලිමේන්තු ඇවිල්ල, පස්සේ තමන්ගේ නායකයට විරුද්ධව ජනාධිපතිට ගානක් දීල අගමැති කම ගන්න මන්ත්‍රීවරු පෙළඹෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒ කියන්නේ අගමැතිකම්ටත් deal එකක් දානවා. ලංකාවේ මිනිස්සු, මොන පක්ෂේ වුනත් පක්ෂ මාරු කර ඒ පැත්තත මේ පැත්තට පනින කිසි ප්‍රතිපත්තියක් නැති දේශපාලකයන්ට කැමති නැහැ. ආප්ප විප්ලව වලට කැමතිත් නැහැ. දේශපාලන කුමන්ත්‍රණ වලට කැමතිත් නැහැ. පාට පක්ෂ භේදයක් ජාති ආගම් භේදයක් නැතුව ජනතාව කැමති නියමිත කාලෙට තියන චන්දෙකින් ආණ්ඩු වෙනස් කරන්න. ඒ හින්ද ඒ සම්ප්රදාය වගේම පාර්ලිමේන්තුවේ ඉතාම දීර්ඝ කාලයක් තියෙන සම්ප්රදායයන්, නීති රීති කඩන්න ජනාධිපතිවරයාට ඉඩ දෙන්න හොඳ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පක්ෂේ නායකයා අගැමති වෙන්න තියෙන අයිතිය රනිල්ට වුනත් මහින්දට වුනත් විමල්ට වුනත් අනුරට වුනත් සම්පන්දන්ට වුනත් හකීම්ට වුනත් එක වෙන්න ඕනේ.
Reply : 0 22
Nandana Monday, 03 December 2018 02:13 PM
අගමැතිකමට රනිල් හෝ මොන යකා ආවත් එය බහුතරයකින් සම්මත වෙනවානම්, ජන්දීපතිට ඇති අමාරුව මොකද ?,පුලුවන්නම් වැඩ කරන්න නැතිනම් ගෙදර යන්න , ඔබට ඉන්න කියන්න කෙනෙක් ඉන්නවද ?.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd