Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමත්, රනිල් වික්‍රමසිංහ මහතා එයින් ඉවත් නොවීමත් තුළ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අවස්ථාව අහිමි වී යෑමේ තත්ත්වයක් හටගෙන ඇති බැවින් අගමැති අපේක්ෂකයා තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර දීර්ඝ සාකච්ඡා ආරම්භ වී තිබේ.
මෙම රහස් ඡන්දය සඳහා ඡන්දය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම 80දෙනෙක් පමණවන එජාපෙ මන්ත්‍රී කණ්ඩායම විසින් සිදුකළ යුතු බවටද එජාප ප්‍රබලයෝ සිය සාකච්ඡාවලදී එකඟතාවලට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, මෙම අගමැති නම් කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම තුළින් එ.ජා.ප නායකත්වය පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාගත හැකි බවට එජාප ප්‍රබලයෝ විශ්වාසය පළ කරති.
මේ අතර, පෙරේදා (04දා) අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායම් රැස්වීමේදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වනු ලැබූ දැඩි ස්ථාවරත්වය හා දැඩි ප්‍රකාශයන් පිළිබඳව එජාප මන්ත්‍රීවරු රැසකගේ ප්‍රසාදය හිමිව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් පළ කිරීම, මෙම රහස් ඡන්දය පැවැත්විය යුතු බවට එජාප ප්‍රබලයින් වඩාත් උනන්දුවීමට ද හේතුවී ඇති බවද ප්‍රකාශ වේ.
එජාප රැස්වීමේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ, පක්ෂය තමන්ගෙන් වැඩක් නොගත් බවත් සෑම අවස්ථාවකම තමා පාපිස්සක් ලෙස භාවිත කළ බවත්ය.
රට තුළ පවතින තත්ත්වය කොළඹ 07 ජීවත්වන මිනිසුන්ට නොතේරෙන බවත්, ගමේ පවතින තත්ත්වය අවබෝධ කරගත යුතුව ඇති බවටත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා තිබේ.
නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම, පොහොර සහනාධාර වෙනස් කිරීම ආදිය නොකළ යුතුව තිබූ බවත් දූෂිතයන්ට දඬුවම් දීමේ පොරොන්දුවෙන් බලයට පැමිණි ආණ්ඩුව කිසිදු දූෂිතයෙකුට දඬුවම් නොකළ බවත් මහ බැංකු බැඳුම්කර සිදුවීමෙන් එජාප නායකයන්ට සිය පාක්ෂිකයාට මුහුණ දීමට පවා නොහැකි තත්ත්වයක් උදාවූ බවත් සෑම විටම සජිත් ප්‍රේමදාස චරිතය ඉස්මතු වන්නේ යම් අර්බුදයක් හටගත් විට පමණක් බවත් මේ තත්ත්වය වහා වෙනස් විය යුතු බවත් තමන් ඒ සඳහා සූදානම් බවත් පවසා තිබේ.
popular news
Champa Thursday, 06 December 2018 09:17 AM
පක්ෂ ඇතුලේ පෞද්ගලික ප්‍රශ්න වලින් රටට වැඩක් නැහැ. මෛත්‍රී ශ්‍රී ලංකා එකෙන් අයින් වෙලා, හංසයාගෙන් චන්දෙට ඉල්ලලා දිනුවට පස්සේ මහින්දගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර උදුරා ගත්ත වෙලාවේ ඔය වගේ රහස් චන්දයක් තිබ්බ නම් මෛත්‍රීට කවදාවත් ශ්‍රී ලංකා නිහදස් පක්ෂේ සභාපති තනතුර හම්බ වෙන්නේ නැහැ. අද වුණත රහස් චන්දයක් තිබ්බොත් ඉතුරු වෙලා ඉන්න ශ්‍රී ලංකා කාරයෝ ටිකත් මෛත්‍රීව එපා කියනව. අද ශ්‍රී ලංකා එකේ සභාපති වෙලා ඉන්නේ 2015 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකේදීම ශ්‍රීලනිපයට එරෙහිව යූඑන්පී එක දිනවන්න වැඩ කරපු මෛත්‍රී. එදත් තිබුනේ පෞද්ගලික අමනාපකමක්. අදත් තියෙන්නේ පෞද්ගලික අමනාපකමක්. රටේ ප්‍රධානම මැතිවරණ දෙකේදීම තමන්ගේ පක්ෂේ පරද්දන්න වැඩ කරපු පක්ෂ සභාපති කෙනෙක් තවමත් පක්ෂේ තියාගෙන ඉන්න එකම පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒ හින්ද පක්ෂ වල ඇතුලේ වැඩ කොහේ බැලුවත් ප්රජාතන්තවාදී විදිහට සිද්ධ වෙලා නැහැ. ශ්‍රීලනිප එක දිය කරලා මහින්දගෙන් පලි ගත්ත වගේ යූඑන්පී එක දිය කරලා රනිල්ගේනුත් පලිගන්නවා. දැන් බය දෝෂාභියෝගෙට. රනිල් හිටියොත් දෝෂාභියෝගයක් එයි කියලා බයට මස් කට්ටක් දීල තමන්ට අවනත මිනිහෙක් යූඑන්පී එ
Reply : 0 6
daham Thursday, 06 December 2018 09:30 AM
හම්බන්තොට වත් දිනාගන්නට බැරි ප්‍රේමදාසට රටේම චන්ද ලැබෙයිද ? නිකම් කට මැත දොඩවනවා .
Reply : 107 3
තර්ස්තයා Thursday, 06 December 2018 12:01 PM
ඔන්න බලල මල්ලෙන් පනින්නයි යන්නේ . හැමෝම ඉන්නේ බල තන්හාවෙන් , නැතුව රටට ආදරේ කමට නෙමේ . ඉස්සෙල්ලම ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහි විය යුතුයි . හැමෝම හිතන්නේ තමුන් වැඩකාරෝයෝ කියල . ඔතන තමයි දුර්වල තැන තියෙන්නේ . පක්ෂ වල දැන් මහත්වරු නැහැ කියල පැහැදිලිය් . හොර පුසෝ හැමතැනම .
Reply : 4 2
chandana Thursday, 06 December 2018 04:19 PM
තවත් ජනපතිගේ උගුල් වලට අහුවෙන අය එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවද? සමගි වෙන්න ඕන වෙලාවේ කාටද බල තණ්හාව මේ වෙලාවේ මොන දුර්වලතා තිබුණත් රනිල් නිසයි ලෝකේ සහය මේ සටනට ලැබුණේ. අනික ඔය අනාගත නායකයෝ වෙන්න සිටින සමහරුන්ට කෙලින් ජනපතිට බනින තරම් කොන්දක් අපි දැක්කේ නම් නැති තරම්. හදවතින්ම පක්ෂෙට ආදරේ කරන්න, ඉහල නයකයන්ට ගරු කරන්න නිසි වෙලාවට තැන ලැබේවි. ජේ අාර් ජයවර්ධන ආදර්ශයට ගන්න. මේ සටනේ රනිල් පෙන්නපු දක්ෂ තත්ත්වෙ රනිල්ට මොනවා වුණත් තව අවස්ථාවක් දෙන්නම ඕනේ. නැත්නම් අපි හැමෝම ජනපති වගේ ගුණමකු පිරිසක්. මොකද මේ ගේම පෙරදුන නම් රාජපක්ෂලා මේ රටේ සධාකාලික අයිති කාරයෝ එහෙනම් ඔය සමහරු නායකයෝ උනත් වැඩක් නෑ.
Reply : 7 430
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd