නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සහ ඇතැම් දිස්ත්‍රික්කවලින් ඉහළම මනාප ලබාගත් අපේක්ෂකයන් විසින් සිදු කරනු ලබන ඉල්ලීම් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවලදී දැඩි අප්‍රසාදයකින් පසුවන බව 'අද' ට වාර්තා වේ.
වාර්තා වන පරිදි අදාළ පාර්ශ්ව විවිධ උපක්‍රම භාවිත කරමින් සහ ඍජුවම ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීම් කරන බව සඳහන්ය.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර, ඒ අනුව එවැනි පාර්ශ්වයන්ට අමාත්‍ය ධුර ලැබීමට ඇති අවස්ථාව ඇහිරී යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී සිය දැඩි අප්‍රසාදය සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වවලින් විමසා ඇත්තේ 'වැඩ කරන්න අමාත්‍ය ධුර අවශ්‍යමද?' යනුවෙනි. තනතුරු, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් දේශපාලනයට පිවිසෙන පාර්ශ්වයන් රට ගොඩනැගීමේ තම දැඩි අවශ්‍යතාවට බාධාවක් වන බවත්, තමන්ට අවශ්‍ය වනුයේ තනතුරු හා අමාත්‍ය ධුර පසෙකලා රට වෙනුවෙන් කැපවීමට සූදානම් පිරිසක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇතැයිද සඳහන්ය.