Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මම මුලින් කාර්යාලයක රැකියාවක් කළ කෙනෙක්. ඒ කාලයේදී මම කිතුල්ගල වෝටර් රාෆ්ටින් ගිහින් අඩි 30ක් පමණ උස දිය ඇල්ලකින් පහළට වැටුණා. එහිදී මගේ කකුල කැඩුණා. ඒ නිසා මට අවුරුදු තුනක් පමණ යනකම් අධාරකයක් මගින් තමයි ඇවිදින්න සිද්ධ වුණේ. ඒ කාලෙදී මගේ හිතට ගොඩක් දේවල් ආවා. මම හදිසියේවත් පැරලයිස් වුණොත් කියලා හිතුණ අවස්ථාද බොහෝ තිබුණා. ඒ නිසා තමයි මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න මම හිතුවේ. ඒ නිසා මගේ තියෙන දැනුම පාවිච්චි කරලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න න්‍යායික දැනුම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායක අධ්‍යයනය හදාරන්න පටන් ගත්තා. මම මුල් දවස්වල ආධාරකයක් භාවිතයෙන් තමයි අදාළ දේශනවලට පවා සහාභාගි වුණේ.
ගුවන් ටිකට්පත් සේවා හා ඒ ආශ්රිත වීසා ලබාගැනීම, හොලිඩේ පැකෙජ් වැනි දේවල් තමයි අප ආයතනය මගින් අපේ සේවාදායකයන්ට ලබාදෙන්නේ. කොහුවල තිබෙන මගේ ඒජන්සිය %ලෙගසි ට්‍රැවල්ස්^ පෞද්ලික සමාගම නමින් තමයි හඳුන්වන්නේ. දැන් මම මේ ව්‍යාපාරය ආරම්භ කරලා වසර 8ක් වගේ කාලයක් වෙනවා.
අපි යුරෝපය, චීනය, මැලේසියාව ආදී රටවලටත් යෑමට අවශ්‍ය සේවාදායකයන්ගේ විදෙස් ගමන් සම්බන්ධ කටයුතු සිදුකරනවා. ඒ වගේම විශාල කණ්ඩායම් වශයෙන් යනකොට එවැනි අවස්ථාවන්ට අවශ්‍ය පහසුකම්ද අපි සලසනවා. බොහෝ වේලාවට විදෙස්ගත වන්නෙකු ට්‍රැවල් ඒජන්සියක් වෙත පැමිණෙන්නේ ඔවුන්ට විදෙස්ගත වීමට අවශ්‍ය ලියකියවිලි හා පැකේජයක් නම්, නවාතැන්, ප්‍රවාහන, ආහාර ආදී සෑම පහසුකමක්ම සලසා ගැනීමේ අපේක්ෂාවෙන්. අපි ඔවුන්ගේ ඒ අවශ්‍යතා ඉටු කර දීමට කටයුතු කරන්නේ ඔවුන්ට ඒ පිළිබඳ තනිවම කර ගැනීමට නිසි අවබෝධයක් නොමැති නිසා. අපි අපේ සේවාදායකයන්ගේ ගුවන් ටිකට්පතේ සිට සියලු කටයුතු වගකීමෙන් හා විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුකර දෙනවා.
මීට අමතරව ජයවර්ධනපුර, කැලණිය යන විශ්වවිද්‍යාලවල ආරාධිත දේශන සඳහාද මම සහභාගි වෙනවා.
මම වැඩිපුරම උනන්දුවක් දක්වන්නේ අධ්‍යාපනික සංචාර සඳහා. ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, මොරටුව හා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලවල බොහෝ විදෙස් අධ්‍යයන චාරිකා මෙහෙයවීමට මට හැකි වී තිබෙනවා. විශේෂයෙන්ම එවැනි අධ්‍යයන සංචාර දැනට යුරෝපය මෙන්ම ආසියාවේ බොහෝ රටවලට සිදු කර තිබෙනවා.
මම සංචාරය කරන්න ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසා තමයි මේ වගේ දෙයක් තෝරා ගැනීමට මුල් වුණේ. මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඇත්තෙන්ම මම සත පහක්වත් යෙදෙවූයේ නැහැ. මුලින්ම නිවසේ සිටින අතරතුරම තමයි මම මේ රැකියාව ආරම්භ කළේ. එහිදී මම දන්න අඳුරන සම්බන්ධතා මත මුලින්ම අන්තර්ජාලය හරහා මේ වැඩකටයුතු සිදුකරගෙන ගියා. ඒ හැම කෙනෙක්ම මම හොඳින් දන්නා හඳුනන අය. මම අන්තර්ජාලය හරහා ඔවුන් හා සම්බන්ධ වෙලා මුදල් ගනුදෙනු සිදුකළා. ඇත්තෙන්ම මම මෙහි හුවමාරු කිරීමක් පමණයි මුලින්ම සිදුකළේ. මම මේ ව්‍යාපාරය ආරම්භ කළ මුල් කාලයේ හරිහැටි ක්‍රමවේදයක්වත් තිබුණේ නැහැ. අඩුම තරමේ කාර්යාලයක්වත් නැහැ.
නමුත් මේ විදිහට කාලයක් අන්තර්ජාලය ඔස්සේ වැඩකටයුතු සිදුකරනකොට මම හිතුවා මේක මීට වඩා දියුණු කරන්න අවශ්‍යයි කියා. පසුව බොරලැස්ගමුවේ පොඩි කාර්යාලයක් සකස් කරලා එහි සේවය සඳහා දෙන්නෙක් වැඩට ගත්තා. අන්න ඒ විදිහට තමයි මම වැඩ පටන් ගත්තේ.
ඔව්. මම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවශ්‍ය නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායක අධ්‍යයන අංශයේ පාඨමාලා හැදෑරීමට යොමු වුණේ. අද වෙන කොට මට ව්‍යවසායක අධ්‍යයන අංශයේ පශ්චාත් උපාධිය පවා හිමිකර ගැනීමට හැකි වී තිබෙනවා. ඇත්තෙන්ම ඒ උපාධිය නිසා තමයි මම මේ වගේ තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන්න යොමු වුණේ.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආභාසය නිසා මට විශ්වවිද්‍යාල රැසක සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකි වුණා. ඒ ඔස්සේ මගේ ව්‍යාපාර කටයුතු අද වන විට ගොඩක් දියුණු වෙලා තිබෙනවා. මම දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපන සංචාරවලට තමයි වැඩි නැඹුරුවක් දක්වන්නේ.
මිනිසුන් වැඩිපුරම කැමති විදෙස්ගත වීම් සම්බන්ධ කටයුතු ඔන්ලයින් හරහා සිදුකරන්න. වෙබ් පිටු හරහා අපි දැනට කටයුතු සිදුකරගෙන ගියත් මේ ඔන්ලයින් ක්‍රමවලට මිනිසුන් බහුතරයක් යොමු වී තිබෙනවා. ඒ නිසා මමත් ඔන්ලයින් ක්‍රමයකට යොමු වෙන්න අපේක්ෂා කරනවා. පළවෙනි පාර වෙනත් රටකට යන්න ඉන්න අයට ටිකක් මේ වැඩ තනියම කර ගැනීමේ අපහසුවක් තිබෙනවා. පළමු වර ඔන්ලයින් හරහා විදෙස්ගතවීම් කටයුතු සිදුකිරීමත් අපහසු දෙයක්. ඒ නිසා අපේ ආයතනය විසින් ඉදිරියේදී එය සේවාදායකයන්ට හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.
බොහෝ අය දකින්නේ ෆේස්බුක්වල නරක පැත්ත විතරයි. නමුත් මම නම් මෙහි හොඳ පැත්තකුත් දකිනවා. මගේ ව්‍යාපාරයේ බොහෝ සම්බන්ධතා සකස් වුණේ මේ ෆේස්බුක් පිටුව හරහා. මම හිතනවා ඕනම දෙයක් හරි විදිහකට යොදා ගත්තොත් ඇත්තෙන්ම එයින් හොඳ දෙයක් ලබාගන්න පුළුවන් කියලා. මම ගොඩක් වැඩකටයුතු සිදු කරන්නේ ෆේස්බුක් හරහා. මම දැනට ඔන්ලයින් වැඩ නොකළත්, විද්‍යුත් ලිපි හරහා ඊමේල් කැම්පේන් වගේ දේවල් සිදුකරනවා.
ඔබට මේ ව්‍යාපාරය හරහා විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට පවා රැකියා අවස්ථා උදා කර දීමට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?
මගේ ළඟ දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ උපාධිය හැදෑරූ ශිෂ්‍යයෙකු වැඩ කරනවා. ඊට කලිනුත් මගේ ආයතනයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ළමයින් සේවය කරලා තිබෙනවා. මම ඇත්තෙන්ම සතුටු වෙනවා මේ වගේ විශ්වවිද්‍යාලවලින් උපාධිය නිම කර පැමිණෙන ශිෂ්‍යයන්ට පවා රැකියා අවස්ථා ලබාදීමට පුළුවන් වීම පිළිබඳ.
ඇත්තෙන්ම මගේ හිතේ තිබෙන ශක්තිය තුළින් තමයි මම මේ තරම් දුරක් පැමිණියේ. දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මට ඒ කාලේ ඉඳන්ම තිබුණ දෙයක්. මොන අභියෝගයක් ආවත් ඒ සඳහා සාර්ථකව මුහුණදෙන්න හිතාගෙන තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඇත්තෙන්ම ගැහැනු කෙනෙක් වීමත් ඇතැම් අවස්ථාවල වාසි සහගත වෙනවා. නරක විදිහට නම් නෙමෙයි. ඕන තැනක ගිහින් ඉක්මනට වැඩක් කර ගන්න පිරිමි කෙනෙකුට වඩා ගැහැනු කෙනෙකුට වැඩි අවස්ථාවක් තිබෙනවා.
අපි මේ ව්‍යාපාරයක් කරන්න වුණත් බලපත්‍රයක් ගන්න අවශ්‍යයි. මේ වගේ ලියකියවිලි වැඩ කරගන්න ගියහම ඇත්තෙන්ම කාන්තාවකට වැඩි ගෞරවයක් ඒ නිලධාරීන් දක්වනවා. ගොඩක් කාන්තාවන් සිතන්නේ කාන්තාවන් වීම ඇත්තෙන්ම ඇතැම් තැන්වලදී පීඩනයක්, බාධාවක් ලෙසින්. නමුත් කාන්තාවක් වීම මම හිතන විදියට ඇත්තෙන්ම බොහෝ අවස්ථාවලදී වාසිදායකයි. ඇත්තෙන්ම එය ව්‍යාපාරික අංශයටත් ඉතාම සාර්ථකව යොදා ගැනීමට පුළුවන්. මම හිතන විදිහට නම් ඒ ගැහැනුකම අභියෝගයක් කරගෙනම යම් දෙයක් ආරම්භ කරනවා නම් එයින් හුඟක් දුර යන්න අපිට පුළුවන්.
මම ඇත්තෙන්ම අභියෝගවලින් පැනලා යන කෙනෙක් නෙමෙයි. අභියෝග බාරගෙන සාර්ථකව ඉදිරියට යන්න මම හරි කැමතියි. මම මගේම යහළුවෙක් සමග තමයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ. නමුත් කාලයක් යන විට මට තේරුණා අපි දෙන්නගේ ව්‍යාපාර අදහස් මාර්ග දෙකක යන ඒවා කියලා. නමුත් මම මුලදී බය වුණා එයා ගියොත් මේ ව්‍යාපාරයේ කඩා වැටීමක් වේවි කියලා. නමුත් මට ඊට වඩා වැඩි ලාභයක යටතේ මගේ ව්‍යාපාරය කරගෙන යන්න මට හැකි වුණා.
අපේ ආයතනවලට සේවකයන් ගැනීමේදී ඇත්තෙන්ම ගැටලුකාරී තත්ත්වයන්ට අපි මුහුණදෙනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් ඇතැම් විට අපේ ආයතනවලට පැමිණ සේවය කරනවා. ඔවුන් අපේ කාර්යභාරයන්ට හොඳින් පුරුදු පුහුණු කළ විට අවසානයේ රැකියා සුලභත්වය හා ඒ ඒ ක්ෂේත්රයේ තවත් රැකියාවක් සොයා යෑම මත සේවයෙන් ඉවත්ව යනවා.
රැකියාව සඳහා කෙනෙක්ව ගත්තහම අවුරුද්දක් වගේ ඉඳලා හොඳ මට්ටමකට පැමිණියාට පස්සේ ඔහු හෝ ඇය යන්න යනවා. තව කෙනෙක් පුහුණුව සඳහා ගත්තත් ඒ ගැටලුවම තමයි මතුවෙන්නේ. ඒක තමයි මට මේ ව්‍යාපාර ක්ෂේත්රය තුළ ආපු ලොකුම ගැටලුව. නමුත් දැන් මම යටතේ වැඩකටයුතු කරන්න හොඳ සේවක මණ්ඩලයක් ඉන්නවා.
ඇත්තෙන්ම මට අම්මයි, තාත්තයි දෙන්නම නැහැ. මගේ වයස අවුරුදු දහතුනක් විතර වෙනකොට ඔවුන් දෙන්නම මට නැති වුණා. ඒ නිසා හැම දෙයක්ම තනිවම තමයි සිදුකළේ.
මගේ පවුල් පසුබිම වුණත් ව්‍යාපාරික අංශයට වැඩි නැඹුරුවක් තිබෙන එකක්. අපේ තාත්තා වගේම අයියලා අක්කලා ඔක්කොමලා එවැනි ව්‍යාපාරික පසුබිමකින් පැමිණි අය.
මටත් තිබුණා ගොඩක් අයට හිතෙනවා වගේ රස්සාවක් කරන්න ඕන කියන මතය. කාර්යාලයක සේවය කරන්න. නමුත් පස්සේ හිතුණා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා තව කෙනෙක්ට හරි රැකියාවක් ලබාදෙන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. විශේෂයෙන්ම මගේ අක්කා මේ හැම දෙයක් පිටුපසම මගේ උදව්වට හිටියා. ව්‍යාපාර වැඩවලදී පැනනගින ගැටලු විසඳා ගන්න ඇය මට ලබාදුන් සහයෝගය පිළිබඳ බෙහෙවින් කෘතඥ විය යුතුයි.
කාන්තාව, කාන්තාවක් වීම සම්බන්ධයෙන් යම් බියක් හිතේ තබාගෙන සිටිනවා. ඔවුන් සිතන්නේ කාන්තාවකට වැඩක් කරගන්න බැහැ, පිරිමි ඉක්මනින් දියුණු වෙනවා කියන කාරණය. නමුත් මම නම් කියන්නේ එසේ නොසිතා කුමක් හෝ අලුත් වැඩක් සාර්ථකව පටන් ගන්න කියලා.
කාන්තාවක් වීම අනිවාර්යයෙන් තමාට ලැබුණු වාසියක් සේ සිතා කටයුතු කිරීම අවශ්‍යයි. සමාජයේ තියෙන ප්‍රශ්නත් එක්ක කාන්තාවට අලුතින් තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බියක් ඇති වෙන්න පුළුවන්. අපි ඒ හැම දෙයකටම නොබියව මුහුණදිය යුතුයි. ඒ හැම දෙයකටම අපි හුරුවෙන්න ඕන. ඇතැම් කාරණා අප එතරම් ගණන් ගතයුතු දේවල් නෙමෙයි.
සමාජයේ මිනිසුන් බොහෝ කතා කියනවා. නමුත් අපි ඒ හැම දෙයක් ගැනම සිතන්ට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ සෑම අභියෝග හමුවේ සාර්ථකව ව්‍යාපාරයන් ආරම්භ කිරීමට කාන්තාව කිසිවිටකත් පසුබට වීම හොඳ නැහැ. කෙනෙකුගේ යටතේ සේවය කරනවාට වඩා අලුතින් එක් අයෙකුට හෝ රැකියා සඳහා ඉඩප්රස්ථා ලබාදීමට ඒ තුළින් ඔබට හැකි වේවි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd