Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ඇත්තටම අවුරුදු 10ක් ගෙවුණද කියලත් හිතෙනවා. කාලය ඉක්මනට ගෙවිලා වගේ. අවුරුදු 10ක් කියන්නෙත් පොඩි කාලයක් නෙමේ. දැන් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා දැන් 3 වසරේ. පොඩි පුතා ලබන අවුරුද්දෙ පාසල් යනවා. ඒ ගැන බලද්දී හරි සතුටුයි.
ඒ වගේම මම ක්ෂේත්රයේ ඉන්න කෙනෙක් විදිහට ගොඩක් කාර්යබහුලයි. ඒ ක්ෂේත්රයේ වැඩකටයුතුයි පුද්ගලික ජීවිතයේ වැඩ කටයුතුයි සාර්ථක කරගන්න මගේ මහත්තයා සුරංගගෙන් ලැබුණු දායකත්වය උපරිමයි. ඇත්තටම එයා මම සහ මගේ දරුවො දෙන්නා වෙනුවෙන් ගොඩක් කැපවෙලා ඉන්න කෙනෙක්. ගොඩක් වෙලාවට එයාගේ වැඩකටයුතු පවා පාඩු කරගෙන මගෙයි දරුවන්ගෙ වැඩකටයුතුවලට උදව් කරන්නෙ.
ශෂිකා නිසංසලා කියන ගායිකාවට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා. මගේ ගීතවලට විතරක් නෙමේ. මම ජීවත් වෙන විදිහට ගොඩක් අය කැමතියි. මොකද මම දරුවො, මගේ සැමියා එක්ක සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන නිසා මට මගේ රසිකයන්ගෙන් ඒ ප්‍රතිචාරයත් මට ලැබෙනවා. ඒ හැමදේම සාර්ථක කර ගන්න මටයි මගේ සැමියටයි උදව් කරන්නෙ මගේ අම්මයි තාත්තයි. මේ ගමන එන්න හරි අපහසු වෙනවා අම්මගෙයි තාත්තාගෙයි සහයෝගය වගේම මගේ සැමියගෙ සහයෝගය නැතිව. ඒ තුන්දෙනා නැත්නම් මට කවදාවත් මට මේ ගමන මේ විදිහට සාර්ථක කරගන්න වෙන්නෙ නැහැ.
අපේ සම්බන්ධය පටන් ගත්තෙ විශ්වවිද්‍යාලෙ යන කාලෙදී. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේදී. එයා එතකොට දෙවෙනි වසරෙ ඉගෙන ගත්තෙ. දෙවෙනි වසරෙ අය පළවෙනි අවුරුද්දෙ අය එක්ක කතා බහ කරනවනෙ. ඒත් අපේ කාලේ එහෙම ලොකු රැග් එකක් තිබුණෙ නැහැ. ඒ කාලෙ වෙද්දී මගේ සින්දු කීපයක්ම ජනප්‍රිය වෙලා තිබුණෙ. %පාරමිතා^ සහ %සඳ රෑට^ කියන ගීත ඒ වෙද්දී මිනිස්සු අතරට ගිහින් තිබුණත් මම සාමාන්‍ය කෙනෙක් විදිහට තමයි කැම්පස් එකට ගියේ. ඒ යන දෙවෙනි දවසෙ තමා සුරංග අයියව සහ ගොඩක් අය අඳුන ගත්තෙ. ඒ අඳුන ගත්ත අයගෙන් අපේ හිතට ගොඩක්ම සමීප වෙන්නෙ අපේ අදහස්වලට සමාන අය. එහෙම සමීප වුණ අයගෙන් එක්කෙනෙක් තමා සුරංග අයියා. අවුරුදු 2ට කිට්ටු වෙන්න අපි යාළුවො විදියට ආශ්‍රය කළේ. ඊට පස්සෙ දන්නෙම නැතිව ඒක ආදරයකට පෙරළුණා. මම හිතන්නෙ මගේ මහත්තයා මට ලැබුණෙ මගෙ පිනකට කියලා.
ඇත්තටම ආස හිතුනෙ ගොඩක්ම ඉයන් මල්ලි නිසා. මම ඒ මල්ලිගෙන් තමා උත්සවයකට එහෙම යද්දී ඩ්‍රෙස් කරන්න යන්නෙ. ඒ මල්ලි මට කිව්වා ගොඩක් දවසක ඉඳන් බ්‍රයිඩ්ල් එකක් කරමු කියලා. මම ඊට පස්සෙ තමා කිව්වෙ අපේ ඇනිවසරි එකට කරමු කියලා. ඇත්තටම අවුරුදු 10කට කලින් තිබුණ විලාසිතා හරිම වෙනස්. දැන් ඒවා එක්ක බලද්දී. දැන් හැමදේම අලුත් වෙලා. ඉතිං මටත් ආස හිතුණා දැන් විදිහට ඇඳලා පොටෝ ෂූට් එකක් කරන්න.
ඇත්තටම ගොඩක් සතුටුයි. ඇත්තටම එදා දවස මතක් වුණා. නමුත් එදා වගේ ඔළුවට ලොකු බරක් තිබුණෙ නැහැ. අපි දෙන්න තමා සියලු වැඩ කළේ. අපේ එක දවසෙ උත්සවයක් තිබුණෙ. එදා දවසෙ ඔළුවට තිබුණ පීඩනය තිබුණෙ නැහැ. ඒ නිසා හරි නිදහසේ ඇඳ පැලඳගෙන ලස්සනට පොටෝස් ගත්තා. ඒ වගේම පුතාලා දෙන්නා දැක්කට පස්සෙ ඒ දෙන්නට ගොඩක් ආස හිතුනා. අම්මා මනමාලියෙක්ට ඇඳලා හරි ලස්සනයි කියලා කිව්වා.
ඒ වගේම ගොඩ දෙනෙක් කිව්වා එදාටත් වැඩිය ගොඩක් ලස්සනයි කියලා. මම හිතන්නෙ ඒ දැන් හැම දේම අලුත් නිසා වෙන්න ඇති. මම ගත්තමත් ලොකු වෙනසක් වෙලා නැහැ. මගේ සමහර යාළුවො බැඳලා දරුවො ලැබුණට පස්සෙ ගොඩක් මහත්වෙලා, ගොඩක් රූපය වෙනස් වෙලා. ඒත් මම හිතන්නෙ මගෙ සහ මහත්තයගෙ එහෙම ලොකු වෙනසක් වෙලා නැහැ.
අනිවාර්යයෙන්. ක්ෂේත්රයේ වැඩකටයුතු එක්ක මම කාර්යබහුල වෙද්දී මගෙ අම්මයි, තාත්තයි දරු දෙන්නගෙ වැඩ කටයුතුවලට උදව් කරනවා. ඇත්තටම මට ඒක ලොකු හයියක්. දරුවො බලා ගන්න එක අද කාලෙ හැමෝටම තිබෙන ප්‍රශ්නයක්. ඒක අද කාලෙ ඕනම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. දෙන්නම රැකියාවක් නොකර අද ඇත්තටම ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසා ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක් දරුවන් බලා ගන්න කෙනෙක් නැති එක. මගේ අම්මයි තාත්තයි කැප වෙලා ඉන්නවා ඒ දේට. ඒ අයගේ ජීවිතෙ හැමදේම කැප කරලා තියෙන්නෙ දැන් මගේ දරුවො දෙන්නා සහ මං වෙනුවෙන්.
ක්ෂේත්රයේ වැඩකටයුතු ගත්තම කිසිම වෙලාවක මගෙ ඔළුවට බරක් දෙන්නෙ නැතිව මගේ සැමියා මට උදව් කරනවා. සමහර වෙලාවට භාර ගන්න බැරි තරම් සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒ හැමදේම බැලන්ස් කරලා මොන ප්‍රසංගවලටද අපි සහභාගි වෙන්නෙ, කීයටද අපි එතන ඉන්නෙ කියන හැමදේම හොයලා බලනවා. ඒ හැමදේම මට හිතේ සැහැල්ලුවෙන් කර ගන්න ලැබිලා තියෙන්නෙ මේ සහයෝගය නිසා.
මම පුතාලා හම්බුණ මුල් කාලයෙ කොහොමත් ක්ෂේත්රයේ වැඩවලින් ඈත් වෙලා හිටියෙ. ලොකු පුතා ලැබුණෙ 2010. මම පළවෙනියා නිසා ගොඩක් පරිස්සම් වුණා. අම්මා කෙනෙක් විදිහට බබා බඩට ආව දවසෙ ඉඳන් මම පරිස්සම් වුණා. අපි දුර ෂෝස් වගේම දුර ගමන් ගියේ නැහැ. ඒ වගේ ගොඩක් පරිස්සම් වුණා.
බබා ලැබුණට පස්සෙත් බබාගෙ වැඩ අම්මයි මමයි එකතු වෙලා කළේ. පොඩි පුතා ලැබුණට පස්සෙ එයාගෙ වැඩ තනියම කර ගත්තා. දැන් පාසල් යද්දී ඇත්තටම වැඩ වැඩියි. ඉතිං ඒ දේවල් මගේ සැමියත් සමග ඉඩ හදාගෙන සිදු කරනවා. දරුවො අම්මගෙන් හැම වෙලේම ආදරේ බලාපොරොත්තු වෙනවා. ඉතිං මට පුළුවන් හැමවෙලේම එයාලා එක්ක ගෙදර ඉන්න උත්සාහ කරනවා. පොඩි එක්කෙනා මම ගෙදර ඉන්නව නම් මගෙ පස්සෙන්මයි. සතියෙ දවස්වලට මම ගොඩක් වෙලාවට ගෙදරමයි ඉන්නෙ. මම එයාලාව පාසල් එක්කන් යනවා. ඒ හැමදේම සැමියගෙයි , අම්මගෙයි සහයෝගයත් එක්ක සිදු කරන්නෙ. ඒ වගේම සැමියගෙ සෑම දෙයකටම මම සහයෝගය දක්වනවා.
මේ ප්රශ්නය මගෙන් ගොඩක් දෙනෙක් අහනවා. මම හිතන්නෙ මගෙ කෑම රටාව වෙන්න ඇති. මම ගොඩක් කන්නෙ නැහැ. පොඩ්ඩයි කන්නෙ. ඒක මගෙ පොඩි කාලෙ ඉඳන් තිබිච්ච පුරුද්දක්. ඒ නිසා බබාලා හම්බෙන්න ඉද්දිවත්, ඊට පස්සෙවත් හුඟක් මහත් වුණේ නැහැ. මම මගේ උසට හරි යන බර පවත්ව ගන්න විශේෂ මහන්සියක් ගන්නෙ නැහැ.
ඒ වගේම මම හැම තිස්සෙම සැලූන් යන කෙනෙක් නෙමේ. ඒත් මම ලස්සනට ඉන්න ගොඩක් කැමතියි. ගොඩක් දෙනෙක් බැන්දට පස්සෙ හිතින් වයසට යන්නෙ. මම දැන් හුඟක් වයසයි. මට දැන් දරුවො ඉන්නවා. අන්න එහෙම හිතන්නෙ නැතිව අපි හිතින් හිතනව නම් අපි තරුණයි කියලා ඒ දේ අපේ රූපෙනුත් පෙනෙන්න ගන්නවා. අපි අපේ සම ගැන, නියපොතු, හිසකෙස්, ඇඳුම් පැලඳුම් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ දේවල්වලට මගේ සැමියත් උදව් කරනවා. මගේ මහත්තයත් එහෙමයි. එයාගෙ රූපෙත් තාමත් එදා වගේමයි. මහත්තයත් මම වගේම කෑම රටාවකට පුරුදු වුණ කෙනෙක්. මම හිතන්නෙ ඒ දේට මගේ ජොබ් එකත් බලපානවා. මට මේ ජොබ් එක කරන්න ලැබුණෙ මගෙ පිනකට. කෙනෙක්ව පිනවන එක තමයි මගේ රස්සාව. ඒ අය සතුටු වෙනවා මම සජිවීව දකිනවා. ඒ තෘප්තිය හරිම උපරිමයි. මම හිතන්නෙ ඒකත් හේතුවක් තරුණ බව රැකෙන්න.
ඇත්තටම පවුල් ජීවිතයක් සාර්ථක කර ගන්න ඉවසීම කියන දේ ඉතාම වැදගත්. අපි දෙන්නා යාළුවෙලා අවුරුදු හතර හමාරක් ගිහින් තමා අපි විවාහ වුණේ. අපේ අදහස් කොහොමද කියලා අපි දෙන්නා තේරුම් ගත්තා. එයා කැමති අකමැති දේවල් සහ මගේ කැමති අකමැති දේවල් තේරුම් ගත්තා. මගේ ක්ෂේත්රයේ ගමනට උදව් නොකරන කෙනෙක් වුණා නම් මගේ ක්ෂේත්රයේ ජීවිතය සහ විවාහ ජීවිතයවත් සාර්ථක වෙන්නෙ නැහැ. මේ දේ විවාහ වෙන්න කලින් හොඳින් තේරුම් ගන්න ඕන. දෙදෙනා එකිනෙකා වෙනුවෙන් කැප වෙන්න ඕන වගේම දෙදෙනා දෙදෙනා වෙනුවෙන් ඉවසන්න ඕන. ඒ වගේම හැමදේම සාකච්ඡා කරලා සිදු කරන්න ඕන. අපි දෙදෙනා ඕනම දෙයක් කරන්නෙ දෙදෙනාම සාකච්ඡා කරලා. ඒ නිසා අවසානයේ එන්නෙ හොඳම තීරණයට. මගේ සැමියා ගත්තම ඕනම දෙයක් ගැන පැති කිහිපයකින් හිතලා බලලා කරන්නෙ. ඇත්තටම මමත් දැන් ඒ දේට එයාගෙන් පුරුදු වෙලා ඉන්නවා. මම මගේ රසික රසිකාවියන්ට කියන්නෙත් තීරණයක් ගනිද්දී පැති කිහිපයකින් හිතලා තීරණ ගන්න. තමන්ට හරි කියලා හොඳටම විශ්වාස නම් ඒ දේ කරන්න. සමහර වෙලාවට අපි හදිස්සි තීරණ ගන්නවා. සමහර තීරණ තියනවා කාලයට භාර දෙන්න ඕන. සමහර ප්‍රශ්න තිබෙනවා කාලයට භාර දෙන්න ඕන. සමහර දේවල් තිබෙනවා ක්ෂණික තීරණ ගන්න ඕන. ඒ නිසා දෙන්නට දෙන්නා තේරුම් අරගෙන , කැප කිරීම් සිදුකරමින් ඉවසීමෙන් යන ගමනක් තමා විවාහය කියන්නෙ.
මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් මගේ පුතාලා දෙන්නගෙ අධ්‍යාපන කටයුතුවලට උපරිමයෙන් උදව් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අද සමාජය වෙනස් නිසා ඒ දෙන්නා පස්සෙන්ම ඉන්න වෙනවා. නමුත් අපිට කැමති දේවල් අපි එයාලා ලව්වා කර ගන්නෙ නැහැ. සමහරු පුංචි කාලෙ ඉඳන්ම හැමදේටම ටියුෂන් යවනවා. මේ දේ කරන්න, අනිත් අයත් කරනවා, ඔයා පන්තියේ පළවෙනියා වෙන්න කියලා. අපි දරුවන්ට බලපෑම් කරන්නෙ නැහැ. එයාලා දෙන්නගෙ ඔළුවට ලොකු බරක් දීලා නැහැ. එයාලට ජීවිතය කියන දේ විඳින්න දෙන්න ඕන. අපි එයාලව සැහැල්ලුවත් එක්ක තමා අධ්‍යාපන කටයුතුවලට යොමු කරන්නෙ. අපේ අම්මලා තාත්තලත් අපේ ඔළුවට ලොකු බරක් දුන්නෙ නැහැ. ඉතිං අපිත් ඒ අයගෙ ජීවිතෙ නිදහස දීලා තියනවා. සමහර ළමයින්ට අම්මලා දෙන පීඩනය නිසා ජීවිතය එපා වෙලා තියනවා. අපි දෙන්නා නිතරම දරුවන්ට තනියම ජීවිතයට මුහුණදෙන විදිහ හුරු කරනවා. අම්මා ජනප්‍රිය වුණාට ඒ දෙයින් එයාලට වාසි ප්‍රයෝජන ගන්න නෙමේ. ඒ අයට තමන්ගෙ ජීවිතේ සරලව හැඩගසාගෙන තනියෙන් නැගිටින්න උගන්නන්න ඕන. මොකද පුතාලා දෙන්නෙක් නිසා සමාජයට හුරු කරන්න ඕන.
ඒ වගේම මගේ ක්ෂේත්රයේ වැඩකටයුතුත් සාර්ථකව කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගෙ වාසනාවකට මට මේ ක්ෂේත්රයේ ප්‍රවීණ වගේම නවක ජනප්‍රිය අය සමග ප්‍රසංගවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. එහෙම මට ලැබෙන්නෙ මගේ නිර්මාණවලට රසිකයන්ගෙ තිබෙන කැමැත්ත නිසා. අපේ රටේ අනන්‍යතාවත් රැකෙන විදිහේ ගීත කරන්න මම බලාපොරොත්තු වෙනවා.
මම ජීවිතයේ දුක් විඳපු තැන් තිබෙනවා. මම බිංදුවෙන් පටන් ගත්ත කෙනෙක්. අම්මයි තාත්තයි මගේ සහෝදරයයි ජීවිතයෙ දුක් විඳපු තැන් තිබෙනවා. ආර්ථික පැත්තෙන් හරි අමාරුවෙන් තමා අධ්‍යාපන කටයුතුත් කළේ. නමුත් අද වන විට අපි සාර්ථක වෙලා ඉන්නවා. මම හිතන්නෙ දුෂ්කරතා මැද්දෙ ආ ගමන තමා ලස්සන. අපි එකපාර උඩින් ආව කට්ටිය නෙමේ. මේ හැමදේම සාර්ථක කර ගන්න මගෙ ළඟින් හිටියෙ අම්මා, තාත්තා, මගෙ සහෝදරයා, මගෙ සැමියයි. මගෙ දරුවො දෙන්නත් ඉදිරියේදී මට ශක්තියක් වෙයි. ඉදිරියටත් සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
හැඬගැන්වීම - ඉයන් සංජීව ඩයස් (සැලෝන් සිත්රූ) / ඇඳුම් සඳහා අනුග්‍රහය - Groom's Art/ Sri Vijayas/ මල් සඳහා අනුග්‍රහය - Raja Flora
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd