Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
මම ඇත්තෙන්ම මගේම ඇකඩමියක් %සිරියස්^ යන නමින් (Sirius academy (pvt) Ltd ) පවත්වාගෙන යනවා . ඒ ඇකඩමිය තුළින් අපි ඉංග්‍රීසි භාෂාව , අයි. ඊ. එල්. ටී. එස්. (IELTS) වගේම පෞර්ෂත්වය වර්ධනය, ආකල්ප වර්ධනය පිළිබඳ පුද්ගලයන්ට පුහුණුව ලබාදීම සිදුකරනවා. ඒ කටයුතු මම වෘත්තියක් ලෙස කරන අතරතුර, ප්රවෘත්ති වාර්තාකාරිනියක්, නිවේදිකාවක් වශයෙන්ද කටයුතු කරනවා.
ඒ වගේම ටිවී වන් නාළිකාවේ මම %බිස්නස් බියුරෝ^ නමින් මගේම වැඩසටහනක් කරනවා. ඒ වගේ හොඳ වැඩසටහන් ආවොත් එහි ගුණාත්මකභාවය ගැන විමසා බලා හොඳයි නම් ඒවාත් මම කරනවා.
මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් වශයෙන්ද, මෘදු කුසලතා වර්ධනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආරාධිත දේශකවරියක් වශයෙන්ද කටයුතු කරනවා.
ඊට අමතරව මොරටුව, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය සහ පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාලවල බොහෝ විද්‍යාර්ථයන්ට පුහුණු වැඩසටහන් මම සිදුකර තිබෙනවා.
ආයතන වශයෙන් ගත්තොත් දැනට ආයතන 25ක වගේ සේවක පිරිසක් සඳහා මම පුහුණු වැඩමුළු පවත්වා තිබෙනවා. ලංකාවේ ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ඉහළ තලයේ සිටින බැංකු, රක්ෂණ වැනි සමාගම් රැසකට මම පුහුණුවීම් සිදුකර තිබෙනවා. පෞර්ෂ වර්ධනය මෙන්ම සන්නිවේදනය කියන අංශවලින් මම ලංකාව තුළ මෙන්ම ඉන්දියාව තුළත් පුහුණු වැඩසටහන් රැසක් මේ වන විට සිදුකර තිබෙනවා.
2013 වර්ෂයේ වර්ල්ඩ් පබ්ලික් ස්පීකින් නම් ලෝක කුසලතා මට්ටමේ පැවති තරගාවලියක අනුශූරතාව දිනාගැනීමට දකුණු කොරියාවේ පැවැති තරගාවලියකදී මට හැකි වුණා. ඒ අන්තර්ජාතික සම්මන්ත්‍රණය සඳහා 5000කට අධික පිරිසක් සහභාගි වී සිටියා. එය මගේ ජීවිතයේ ලද විශාල ජයග්‍රහණයක්. දැනට ආසියානු හා පැසිෆික් තුළ හොඳම කථිකයන් අතරින් තුන්වැනි ස්ථානය මම හිමි කරගෙන තිබෙනවා. ලෝක මට්ටමෙන් ගත්විට දසවැනි ස්ථානය පමණ දිනාගන්නට මට හැකියාව ලැබී තිබෙනවා.
ඒ වගේම මට ජනාභිමානී සම්මානයත් දිනාගැනීමට හැකියාව ලැබුණා. එය මට හිමි වුණේ සන්නිවේදන නායකත්වයට. මේ වටිනා සම්මාන රැසක් හිමි කරගත්තේ විවිධ ක්ෂේත්රයන්හි ප්‍රවීණ පුද්ගලයන්, ඒ වගේම හොඳම ව්‍යවසායකයන්. ඒ අතරින් එම සම්මානය ලද ළාබාලම කෙනා මම යැයි කිව්වොත් එය නිවැරදියි. මේ වර්ෂයේ රයිගම් සම්මාන උළෙලේ හොඳම ඉංග්‍රීසි නිවේදිකාව වශයෙන් මට සම්මානයක් හිමි වුණා. මම පුවත් වාර්තාකරණය කරන්න ආරම්භ කර මාස 4ක් වැනි කාලයක් තුළදී රයිගම් සම්මාන උළෙලේ හොඳම තිදෙනා අතරට නම් කරනු ලැබුවා. ඇත්තෙන්ම ප්‍රධාන පුවත් වාර්තාකරන්නියක් වශයෙන් කටයුතු කර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ තමයි මට මේ සම්මානය හිමි වුණේ.
2011 වර්ෂයේ කළමනාකරණය පිළිබඳ වරලත් ගණකාධිකාරී පාඨමාලාව (CIMA) සිදුකරන කාලයේදී ළමයින් 200 දෙනෙකුට වඩා වැඩි පිරිසක් සහභාගි වූ තරගාවලියේ පෞර්ෂත්ව කුසලතා, ඉදිරිපත් කිරීමේ කුසලතා, සහජ හැකියා සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවැති සෑම තරගයකින්ම හොඳම ලකුණු අරගෙන මුළු තරගාවලියම ජය ගැනීමට මට හැකි වුණා. එහිදී මට Achieve a Idol යන සම්මානය හිමි වුණා.
මම පාසල් ගියේ කොළඹ 7 පිහිටි සෙන්ට් බ්‍රිජට් කන්‍යාරාමයට. ඒ කාලයේදී ක්‍රීඩාවලට විශාල කැමැත්තක් දක්වපු නිසා මම පාසල් කාලයේදී ක්‍රීඩා රැසකට සහභාගි වුණා. දැල්පන්දු, මේසපන්දු, මලල ක්‍රීඩා, අත්පන්දු, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩාවලට මගේ විශේෂ කැමැත්තක් තිබුණා. ඒ වගේම ඒ කාලයේ දැල්පන්දු කණ්ඩායමේ නායිකාව වගේම මේසපන්දු කණ්ඩායමේ උපනායිකාව වශයෙන්ද කටයුතු කළා. අවසානයේ මට පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් වගේම පාසලේ ක්‍රීඩා නායිකාව වශයෙන්ද කටයුතු කිරීමට හැකියාව ලැබුණා. ඒවගේම මම පාසල් වර්ණලාභිනියක්. එය පාසල් සිසුවෙකුට ලබාගත හැකි ඉහළම මට්ටමක් ලෙසයි මම සලකන්නේ.
පාසල් කාලයේ සහභාගි වුණ හැම තරගයකින්ම වගේ මම ජයග්‍රහණය කරලා තියෙනවා. හැබැයි ඒ එක දෙයක්වත් ජීවිතයේ ලේසියෙන් ජයග්‍රහණය කරපු ඒවානම් නෙමෙයි. ඒ හැම ජයග්‍රහණයක් පසුපසම මම බොහෝ බාධකවලට මුහුණදී තිබෙනවා. ඒ හැම තරගයක් සඳහාම මම උපරිමයෙන්ම මහන්සිවෙලා තමයි ජයග්‍රහණය හිමි කරගත්තේ. නායකත්වය වුණත් මට හිමිවුණේ එකපාරම නෙමෙයි. මම ඒ ක්‍රීඩාවේ උපරිමයෙන්ම කැපවෙලා වැඩ කළා. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය කරලා තමයි මම ඒ තැනට තේරී පත්වුණේ.
පසුව ජාත්‍යන්තර වශයෙන් සන්නිවේදනය හා නායකත්වය සම්බන්ධයෙන් %ටොස්ට්මාස්ටර්^වල (toastmasters) ලබාගන්න පුළුවන් ඉහළම පදවිය වන ඩී.ටී.එම් (District toastmasters) දක්වා පැමිණීමට මට හැකියාව ලැබුණා. මම තමයි ඒ වෙනකොට එය ලබාගැනීමට හැකි වුණ ලංකාවේ ළබාලතමයා. ඒ දිනවල ඒ පදවිය ලබාගත් ලෝකයේ ළාබාලතම දසදෙනා අතරටද මගේ නම එකතු වෙලා තිබුණා.
මම දැන් ගොඩක්ම කාලය කැප කරන්නේ විශ්වවිද්‍යාල ළමයින් වෙනුවෙන්. විශේෂයෙන්ම මගේ කාලය ඉෙගනගන්න ළමයින් වෙනුවෙන් කැප කරන්න මම ගොඩක් කැමතියි. නායකත්වය හා සන්නිවේදන හැකියා පිළිබඳව පැවැත්වෙන දේශන, සම්මන්ත්රණ, වැඩමුළු සඳහා මම සහභාගි වෙනවා.
කවුරු හරි මගෙන් ඔයා කරන රැකියාව මොකක්ද කියලා ඇහුවම ඇත්තෙන්ම මට හිතාගන්න බැහැ මම මොකක්ද කියන්නේ කියලා. මම මේ හැම දෙයක්ම කරන්නේ ඇත්තෙන්ම මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන්ම නෙමෙයි. මම නිවේදන හා ප්රවෘත්ති වාර්තාකරණය කරන්නේ සැබැවින්ම විනෝදාංශයක් ලෙසින්.
නමුත් මගේ ඇකඩමිය පවත්වාගෙන යන්නේ ඇත්තටම වෘත්තියක් ලෙසින්. විශේෂයෙන්ම මම විශ්වවිද්‍යාලයේ දේශන සිදුකරනවාට ගෙවීමක් සිදුකළා වුණත්, ඒ කරන දෙයින් ළමයෙකුගේ ධනාත්මක පරිවර්තනය තුළ ඇති වන තෘප්තිය ඇත්තෙන්ම කියා නිම කරන්න බැහැ.
මට ළමයින්ට පංති කරලා හවස් වෙනකොට ඇත්තෙන්ම මහන්සිය වැඩියෙන් දැනෙනවා. සමහර දවස්වලට දවසම හිටගෙන ඉන්නවා. විභාග ළං වුණාම ගෙවල්වලට පවා ළමයින් එනවා පාඩම් වැඩ අහගන්න. මට කොච්චර මහන්සියක් තිබුණත් තව කෙනෙක් වෙනුවෙන් එය මගහරින්න බැරි තත්ත්වයක් තමයි මට නම් තිබෙන්නේ.
මේ ඇකඩමිය පටන් ගන්නකොට මට අවුරුදු 18යි. මට ඇත්තෙන්ම අනාගතයේදී සාර්ථක වෙන්න ඕන කියලා අදහසක් තිබුණා. ඒ නිසා තමයි මම මේ ඇකඩමිය පටන් ගත්තේ. මගේ පුරුද්දක් තිබුණා හැමෝටම උදව් කරන. ඒක තමයි අවසානයේ රැකියාවක් දක්වා වර්ධනය වුණේ. මුලින්ම පොඩි ළමයින්ට ටියුෂන් ක්ලාස් එකක් විදිහට තමයි මේ ඇකඩමිය ආරම්භ කළේ. නමුත් මම හිතුවා මේක ක්ලාස් එකක්ම නොවී ඊට වඩා වෙනස්ව ටිකක් ලොකුවට කරන්න ඕන කියලා.
ඒ ආරම්භ කළ ඇකඩමිය අද වෙනකොට ගොඩක් සංවර්ධනය කිරීමට මට හැකිවෙලා තිබෙනවා. අපේ ඇකඩමිය තුළ විවිධාකාරයේ පාඨමාලාවන් රැසක් මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. එහි විශාල පිරිසක් දැනට අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා. නමුත් අපි කිසිම ප්‍රවර්ධන වැඩසටහනක් නොකර වුවත් අපේ ඇකඩමිය අපේක්ෂා කරන සිසුන් ප්‍රමාණයක් එහි අධ්‍යයන කටයුතු සඳහා අනිවාර්යයෙන් පැමිණෙනවා. එක පාඨමාලාවක සිසුන් පිරිස ඉවත්ව යන විට තවත් ඒ හා සමාන අලුත් ළමයින් පිරිසක් පාඨමාලාව සඳහා සහභාගි වෙනවා. නමුත් අපි ඉදිරියේදී ඇකඩමිය අලුත් සැලැස්මක් යටතේ වැඩිදියුණු කර ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා.
ඇත්තෙන්ම මම ඇකඩමිය මීට වඩා දියුණු කරන්න අපේක්ෂා කරනවා. විධායක නිලධාරීන්, කළමනාකරුවන් වැනි වෘත්තීය මට්ටමින් ඉහළ තැන්වල සිටින පුද්ගලයන් අපේ ඇකඩමියේ පාඨමාලා සඳහා සහභාගි වෙනවා. වෘත්තීය මට්ටම තුළ ඔහුගේ හෝ ඇයගේ පෞර්ෂත්වය වර්ධනය කරගන්නේ කෙසේද යන්න ඔවුන් එහිදී ඉගෙන ගන්නවා. සුප්‍රසිද්ධ ව්‍යවසායකයන් පවා මේ පාඨමාලා හදාරන්න සහභාගි වෙනවා. ඔවුන් ව්‍යාපාරය තුළින් ජාත්‍යන්තරය ජයගැනීමට කටයුතු කරන්නේ කෙලෙසද යන්න පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනවා. කතාකරන ආකාරය, ආහාර ගන්නා ආකාරය පිළිබඳව පවා දැනුමක් මෙහිදී අපි ඔවුන්ට ලබාදෙනවා.
ගැහැනු ළමයෙක්ට ජීවත් වෙනකොට බොහෝ දේවල්වලට මුහුණදීමට සිදුවෙනවා. ඒක හැම අතින්ම වගේ දැකගැනීමට තිබෙන දෙයක්. මම පැමිණි ගමන ගැන නැවත සිහිපත් කරලා බලනකොට එහි වැඩි ස්තුතියක් හිමිවිය යුත්තේ මගේ අම්මාට. ඇය හැම දෙකදීම මගේ ළඟ හිටියා. මම මාධ්‍ය ක්ෂේත්රයේ ඕනෑම වැඩකට යනකොට යන්නේ මගේ අම්මත් එක්ක.
අනෙක් කාරණය තමයි අපි අභියෝගවලට මුහුණදෙනකොට කිසිම විටෙකත් ගැහැනු ළමයෙක්ද, පිරිමි ළමයෙක්ද කියා සිතීමට හොඳ නැහැ. මම කතා කරන්නේ පිරිමි ළමයෙක් සමගද ගැහැනු ළමයෙක් සමගද කියා සිතන්නේ නැතිව මම තවත් මම වගේම මනුෂ්‍යයෙකු සමග කතා කරන්නේ යැයි සිතා කටයුතු කළහොත් එය අපට එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට පහසුවක් කියා මම හිතනවා. මම නම් හිතන්නේ උනන්දුවක් තිබෙනවා නම් ගැහැනියෙකුටත් කරන්නට බැරි දෙයක් නැහැයි කියලා.
ලංකාවේ තිබෙන තත්ත්වයත් සමග ඉදිරියට යන එක කාන්තාවකට ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. තවමත් කාන්තාවකට රාත්‍රී කාලයේ මාර්ගයේ ගමන් කිරීමේ ආරක්ෂාව ගැන පවා අපිට 100෴ක විශ්වාසයක් තබන්නට බැහැ. ඒ නිසා අපි තරුණියක් ලෙසින් තමන් කරන දෙය, යන ගමන, කවුද මුණගැහෙන්නේ, අපි මොනවද දෙන පිළිතුරු යන ආදිය පිළිබඳ බුද්ධිමත්ව සිතා බලා කටයුතු කළ යුතුයි. අපි යම් තීරණයක් ගැනීමේදී සෑම අංශයක් කෙරේම සිතීමට අවශ්‍යයි. එහිදී දැන් පවත්නා තත්ත්වය පමණක් නොව අනාගතයේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳවද සිතා තීරණ ගැනීමට අවශ්‍යයි. නැතිනම් අපි යම් දෙයක් පිළිබඳ වර්තමානයේදී ගන්නා තීරණය අනාගතයේදී ප්‍රශ්නයක් වීමට පුළුවන්.
සාමාන්‍යයෙන් සමාජයේ මතය තමයි ශාරීරිකව පුරුෂයෙකුට වඩා කාන්තාව ශක්තියෙන් හීන බව. නමුත් හදිසි අවස්ථාවක වුවත් ගැහැනු ළමයෙක්ට ඕනෑම දෙයක් කිරීමට පුළුවන්. ඒ ධෛර්යය ඔවුන්ට අනිවාර්යයෙන් හිතට එනවා.
අනෙක් අතින් ගැහැනු ළමයෙක්ට මානසික වශයෙන් හොඳ දරා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එවැනි හැකියාවක් තිබෙන විට ඇය බහුහැකියා ඇති අයෙක්. එවැනි අය නිවසට පමණක් සීමා කර තිබීම අපරාධයක්. නමුත් එය ප්‍රදර්ශනාත්මක වීමට අවශ්‍ය නැහැ. අරමුණ පිවිතුරු හා පිරිසුදු වෙන්න ඕන. සාමාන්‍යයෙන් ගැහැනු කෙනෙක් ඉහළ මට්ටමකට පැමිණිවිට ඇයට නිවසේ රාජකාරි අමතක වෙනවා යන්න බොහෝ දෙනෙක් පවසන මතයක්. නමුත් අපි දැනගන්නට ඕන ඒ හැම දෙයකින්ම ඉදිරියට ගිහින් කොහොමද ඒ හැම දෙයක්ම සමබර කරගන්නේ කියලා.
මම වුණත් මම කරන හැම දෙයක්ම ගාණට සමබර කරගෙන යනවා. මම හිතනවා ඒකට කාන්තාවන්ට ඇත්තෙන්ම වැඩි හැකියාවක් තිබෙනවා කියලා. මම ගෙදර වුණත් මගේ අම්මා එක්ක හැම දෙයක්ම සමබරව සිදුකරගෙන යනවා. අපි අදහන ආගම පවා මම කිසිලෙසකින් අතපසු කරන්නේ නැහැ. මගේ අම්මා බෞද්ධ, තාත්තා කතෝලික. නමුත් මම ඒ ආගම් දෙකම අදහනවා.
මම සාමාන්‍යයෙන් අඩුවෙන් නිදාගන්න කෙනෙක්. ඇතැම් අවස්ථාවල ළමයින්ගේ ප්‍රශ්නපත්‍ර බලන්න වුණත් ඇතැම් දිනවල වැඩි වේලාවක් ගත කිරීමට සිදුවෙනවා. ඒ කෙසේ වෙතත් මම උදේ පාන්දරම නැගිටලා සුපුරුදු පරිදි දවස පටන් ගන්නවා. තමන් ඇත්තෙන්ම තමුන්ට වෙන්නට ඕනෑ කවුද, ඇයි එහෙම වෙන්න ඕන කියා මුලින්ම හිතන්න ඕන. ඇත්තටම වෙනත් කෙනෙක් දිහා බලලා ඒ විදිහට වෙන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඇත්තටම අපි අවංකවම කවුරු වීමටද කැමති කියා සිතා බලන්නට ඕන. කවදාටද එහෙම වෙන්න ඕන කියලා හිතන්න ඕන. මේ හැම දෙයක් තුළින්ම ජීවිතය සමබරව පවත්වාගෙන යන්නේ කෙසේද කියා සැලසුම් කරනවා නම් ඇත්තෙන්ම එය සාර්ථකයි. හොඳට කල්පනා කරලා තීන්දු තීරණ ගැනීමට අවශ්‍යයි. කිසියම් කෙනෙකුට තම ජීවිත කතාවේ මුල වෙනස් කරන්න බැරි නමුත් තමන්ගේ ජිවිත කතාවේ අවසානය ලස්සන හා සාර්ථක නිමාවකින් අවසන් කිරීමේ හැකියාවක් තිබෙනවා. එය ඒ ඒ පුද්ගලයාගේ උනන්දුව හා කැපවීම මත රඳා පවතින්නක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd