ක්‍රීඩාව යන්න අතීතයේ කාන්තාවන්ට අනුචිතයැයි සලකනු ලැබූවත් වර්තමානය වන විට ක්‍රීඩාවෙන් දස්කම් දක්වන මෙන්ම ඒ හරහා සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයන් සපයන චරිත බිහිව තිබේ. මේ එවන් චරිත කිහිපයක් පිළිබඳව තැබෙන කෙටි සටහනකි.
01.සෙරීනා විලියම්ස්
ඇමෙරිකානු ජාතික ටෙනිස් ක්‍රීඩිකාවක වන සෙරීනා විසි එක් වරක් Grand Slam ශූරතාවය දිනාගත් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස හඳුන්වනු ලබයි. එදා මෙදා තුර ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ ශ්‍රේෂ්ටතම කාන්තා චරිත අතර ඇය ඉදිරියෙන්ම සිටී.
02.ජෙසිකා එනින්ස් හිල්
එංගලන්ත මලල ක්‍රීඩිකාවක වන ජෙසිකා සත් ප්‍රයාම ඉසව්වන්ගෙන් ඔලිම්පික් හා %World Championship heptathlon^ තරගාවලියේ ජයග්රාහිකාවද වෙයි.
03.රොන්ඩා රුසී
මාර්ෂල් ආර්ට්ස් (මිශ්‍ර) හා ජුඩෝකා ක්‍රීඩාවන්ගෙන් දස්කම් දක්වන රොන්ඩා ඇමෙරිකානු ජාතික ක්‍රීඩිකාවකි. ඇය %UFC Women's Bantamweight^ තරගාවලියේ ජය මෙන්ම 2008 ඔලිම්පික් තරගාවලියේ ජූඩෝ ඉසව්වට සහභාගි වෙමින් ජයග්‍රහණය ලබා ගත්තේ එම ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ඇමෙරිකානු කාන්තාව ලෙස ඉතිහාස ගත වෙමිනි.
04.ඩෙනිකා පැට්රික්
ඇමෙරිකානු මෝටර් රථ ධාවන ශූරියක් වන ඇය %IndyCar Series^ තරගාවලියේ ජය හිමිකරගත් එකම කාන්තාව ලෙසද ඉතිහාස ගතව ඇත.
05.මාරියා ශරපෝවා
රුසියානු ටෙනිස් ක්‍රීඩිකාවක වන ශරපෝවා %Grand Slam champion^ ශූරතාවය පස්වරක් දිනාගෙන ඇත. ඇය ලොව ජනප්‍රියම ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට කිහිපවරක්ම පත්වූවාය.
06.කාර්ලි ලොයිඩි
දෙවරක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ ඇමෙරිකානු පාපන්දු ශූරියක වන ලොයිඩ් %2015 ෆිෆා^ කාන්තා තරගාවලියේ ජය ඇමෙරිකානුවන්ට අත් කර දීමට සමත්වූවාය. කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී හැට්‍රිකයක් ලබාගත් පළමු ක්‍රීඩිකාව ලෙසද ඇය ඉතිහාස ගතව තිබේ. ඇයගේ නම 2015 වර්ෂයේ ෆිෆා හොඳම ක්‍රීඩිකාව ලෙසද නම් කරනු ලැබීය.
07.සයිනා නේවාල්
බැඩ්මින්ටන් ඉසව්වේ ලොව අංක එකේ ස්ථානයට පත්වූ පළමු ඉන්දියානු ක්‍රීඩිකාව වන්නට නේවාල්ට හැකියාව ලැබිණි. 2012 ඔලිම්පික් තරගාවලියේ ලෝකඩ පදක්කමක් හා 2015 ලෝක ශූරතා තරගවලියේ රිදී පදක්කමත් ඇය විසින් දිනාගන්නා ලදී.
08.ලීඩියා කෝ
නවසීලන්ත ගොල්ෆ් ක්‍රීඩිකාවක වක මැය ගොල්ෆ් ක්‍රීඩාවේ අංක එකට පත් ළාබාලතම ක්‍රීඩිකාව වන්නීය. 2014 වර්ෂයේ ලොවට ආදර්ශයක් ලබාදෙන ලොව බලගතුම කාන්තාවන්ගේ ලැයිතුවේ ඇයගේ නම සටහන්ව තිබිණි.
09.ඇලෙක්ස් මෝර්ගන්
ඇමෙරිකානු පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩිකාවක වන මොර්ගන් ඔලිම්පික් රන් පදක්කම් ලාභිනියකි. එසේම ඇය ෆිෆා ලෝක කුසලාන ශූරතාව දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවකි. ඇය 2012 වර්ෂයේ වසරේ පාපන්දු ක්‍රීඩිකාව ලෙසද නම් වූවාය.
10.රිම්ලා අඛ්තාර්
මුස්ලිම් කාන්තාවන් අතර පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් කටයුතු කරන රිම්ලා මුස්ලිම් කාන්තා ක්‍රීඩා පදනමේ සභාපති ධුරය දරයි. එංගලන්ත පාපන්දු ක්‍රීඩිකාවක වන ඇය %Football Association^ කවුන්සිලයේ සාමාජිකාවකි.
11.චාර්ලට් එඩ්වර්ඩ්
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස ඇය කටයුතු කළාය. 2008 වර්ෂයේ වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අයි. සී. සීය නම්කරනු ලැබුවේ චාර්ලට්ගේ නාමයයි.
12.මර්තා
බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩිකාවක වන මාර්තා එදා මෙදාතුර ලොව බිහි වූ හොඳම පාපන්දු ක්‍රීඩිකාව ලෙස හඳුන්වා දෙයි. ෙලා්ක කුසලාන කාන්තා තරගවල වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩිකාවට හිමි ස්ථානය ඇය සතුය. ෆිෆා නම් කිරීම් අනුව ලොව හොඳම පාපන්දු ක්‍රීඩිකාවට හිමි ස්ථානය ඇය 2005 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා අඛණ්ඩව වසර පහක් දිනා සිටින්නීය.
13.මිසී ෆ්රෑන්ක්ලින්
පසුපස ආර පිහිනුම් ඉසව්ව නියෝජනය කරමින් සිවුවරක් ඔල්ම්පික් රන් පදක්කම් දිනූ ඇය 2012 වර්ෂයේ ලොව හොඳම පිහිනුම් ක්‍රීඩිකාව ලෙස නම් කරනු ලැබීය.
14.සානියා මිර්සා
කාන්තා යුගල ටෙනිස් ශූරියක වන සානියා එම ඉසව්වේ ලොව පළමු ස්ථානයේ රැඳී සිටින ක්‍රීඩිකාවකි. ඇය එක්සත් ජාතීන්ගේ දකුණු ආසියානු සන්නාම තානාපතිනියක ලෙස 2013 වර්ෂයේ නම් කෙරිණි.
15. මර්ලෙන් ඔටේ
ජැමෙයිකානු මලල ක්‍රීඩිකාවක වන ඇය නවවරක් ඔලිම්පික් පදක්කම් දිනාගත්තාය. එසේම ලෝක ශූරතාවය තෙවරක් දිනාගැනීමට ඇයට හැකි විය.වර්තමානයේ ඇය ස්ලෝවේනියාව නියෝජනය කරන්නීය.