කුළුබඩු වර්ග යොදා ගනිමින් නොයෙක් ආහාර පිසගත් දීර්ඝ ඉතිහාසයක් ලාංකේය සමාජයට උරුමය. එය යම් ආහාරයක් රසවත් කිරීමට මෙන්ම සුවඳවත් කිරීමටද යොදාගත් අතර, බොහෝ විට ඇතැම් කුළුබඩු රෝග නසන ගුණයෙන් යුත් ඖෂධ විය.
යවැඩියාව, අධිරුධිර පීඩනය, අධික තරබාරුව මෙන්ම පිළිකා කාරකයන් නැසීමට මේවායේ ඇති ගුණය සැබෑවටම විශ්මයජනකය. එමෙන්ම පාචනය, ඉන්ෆ්ලුවෙන්සා උණ, බැක්ටීරියා සහ වෛරස් ආසාදන වැනි චර්ම රෝගයන්ටද මේවා ඉතා ගුණදායකය. ඒ නිසා මෙම කුළුබඩු නිරන්තරයෙන් තම ආහාරයන්ට මුසු කිරීමට ගෘහිණිෙයා් කිසිවිටෙකත් අමතක නොකරති.
අතීතයේ ගෘහිණියන් මේවා යොදා ගත්තද වර්තමානයේ කාර්යබහුල දිවියක් ගතකරන ඇතැම් ගෘහිණියන් කුළුබඩු වර්ග පිළිබඳ නොදන්නවා මෙන්ම එහි ඇති ගුණ පිළිබඳවද දන්නේ ඉතාම අල්ප වශයෙනි. ඇතැම් කුළුබඩුවල අන්තර්ගත වන ගුණ ගැන පැවසුවහොත් ඔබ පුදුම වනවා නොඅනුමානය.
එවැනි දේ පිළිබඳ අවබෝධය, දැනුම අල්ප වූ සමාජයක %කුළුබඩු රහස් - 1^ නමින් මුළුතැන්ගෙදර වෙද පොතක් රචනා කිරීම ඉතා ප්‍රශංසනීය කටයුත්තකි. දශක තුනක පමණ කාලයක් මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරමින් වෛද්‍යමය හා සෞඛ්‍ය පිළිබඳ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කළ ඇය නමින් සාගරිකා දිසානායක මහත්මියයි.
ඇය මේ ග්‍රන්ථය රචනා කරනුයේ මේ ක්ෂේත්රය පිළිබඳ ඇය ලැබූ දැනුමෙන් බිඳක් ලාංකේය ගෘහිණියන්ටත් ලබාදෙන අටියෙනි. ඇයගේ අදහස වන්නේ රෝග සුවපත් කිරීමට වඩා රෝග වළක්වා ගැනීමයි. එම නිසා බෝනොවන රෝග බහුලව සෑදෙන සමයක මෙවන් ග්රන්ථයක් රචනා කිරීම ඉතා අගේ කළ යුතුය.
මෙහි ප්‍රධාන කුළුබඩු වර්ග 23ක් පිළිබඳ තොරතුරු අන්තර්ගත ෙවයි. සුදුලූනු, කොත්තමල්ලි, කරදමුංගු, කරාබු නැටි, මාදුරු, සාදික්කා, පෙරුම්කායම්, කහ, ගම්මිරිස්, උළුහාල්, සියඹලා, දෙහි, ඉඟුරු, අබ, සූදූරු, කරපිංචා ආදියේ රසායනික සංයුතිය, රෝග නිවාරණ ගුණය, රෝග නාශක ගුණය පිළිබඳ පැහැදිලි විස්තරයක් මෙහි දක්වා තිබේ. ඉන් කිහිපයක් මේ අයුරින් හඳුනාගත හැකිය.
සුදුලූනු
කුළුබඩුවක් සේම බොහෝ රෝගයන්ට සුවදෙන ඖෂධයක් ලෙස ලෝකයේ සෑම රටකම පාහේ සුදුලූනු භාවිත කරයි. මධ්‍යම ආසියාව නිජබිම කරගත් සුදුලූනු පෙර කාලයේ පටන් චීනයෙහි වැවුණු බව ඉතිහාසයේ සඳහන් වේ. ඊජිප්තු පිරමීඩ නිර්මාණකරුවා වන Khmoum Khoufouf සිය ගෝලයන්ට සිරුරෙහි සෞඛ්‍ය හා ශක්තිය රැකගනු පිරිස සුදුලූනු ආහාරයට ගන්නා ලෙස උපදෙස් දී තිබේ. බැක්ටීරියා වෛරස සහ අභ්‍යන්තර පරපෝෂිතයන් රැසකට එෙරහිව ක්‍රියාකිරීමේ මාහැඟි බලයක් සුදුලූනුවල තිබේ. අධික රුධිර පීඩනය වළක්වයි. කොලොස්ටරෝල් අඩු කරයි. දරුණු ලේ කැටි ගැසීම් වළක්වයි. එමෙන්ම හෘදයාබාද සහ පිළිකාවලින් වැළකීමේ ගුණයද මෙහි අන්තර්ගත වේ.
මෙය බෝ නොවන රෝග වළක්වාලීමෙහිලා හොඳම ස්වභාවික ප්රතිශක්තිකාරකයෙකි. එමෙන්ම ගලපටල රෝගය නිවාරණය සඳහාද සුදුලූනු ප්රත්යක්ෂ ඖෂධයකි. සුදුලූනු බිකක් සපා කෑමෙන් රෝගියාගේ උණගතිය හා සෙම පටල බැඳුණු ගතිය අඩු කර සහනය ගෙන දෙයි. එමෙන්ම සුදුලූනු කදිම ප්රතිජීවකයෙකි. සුදුලූනු යුෂ බිදුවක් දෙකක් නාසයට දැමීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව සහ ඉන්ෆුලුවන්සාව බෝ කරන වෛරස නැසෙයි. එමෙන්ම සුදුලූනු නික්ෂේපනය (එන්නත් කිරීම)ද විශිෂ්ට විෂබීජ නැසීමේ ක්රමයකි. සැරව ගලන තුවාල සුද්ධ කිරීමට සහ සමේ ඇති වන ගෙඩි සේදීමටද සුදුලූනු යුෂ වඩාත් සුදුසුය. එමෙන්ම රුධිර කැටි වළැක්වීමේ ගුණයද මෙහි අන්තර්ගතය.
කරාබු නැටි
කරාබු ගස මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ශාකයකි. ආයුර්වේදයේ කරාබු නැටි තම්බා කසායක් ලෙස මෙන්ම කුඩු වශයෙන් බොහෝ ලෙඩ රෝග සඳහා ලබා දෙයි. කරාබු තෙල්වලට රුධිර සංසරණය ක්‍රමවත් කිරීම සහ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාවක් තිබේ. මෙය උදර වාතය හෙවත් ගෑස් ගතිය අඩු කිරීමට බෙහෙවින් උපකාරීවන අතර බඩ දැවිල්ලට, අජීර්ණය හා බඩේ කොරයට සහනයක් මෙමගින් ගෙන දේ. ආහාර විෂ වීමෙන් ඇතිවන දරුණු පාචනය සහ වමනය නතර කිරීමට පැය 24ක් පුරා වතුර වීදුරුවල කරාබු නැටි හයක් පමණ ප්‍රමාණයක් දමා එයට ලුණු ස්වල්පයක් සහ විනාකිරි තේ හැන්දක් දමා හොඳින් කලතා රෝගියාට පැය භාගයකට වරක් තේ හැන්ද බැගින් දීම සුදුසුය. කරාබු නැටි වේදනා නාශක ගුණයෙන්ද ඉහළවන අතර මෙමඟින් දත් කැක්කුම නසා දමයි. එමෙන්ම මෙය ශ්වසනාබාධවලට සහනය ගෙන දීමට සමත්ය.
එසේම ලිංගික අප්‍රාණිකත්වය හා බෙලහීනතාවට ප්‍රතිකාර කිරීමේදී කරාබු නැටි ප්‍රබල ඖෂධ සංයෝගයක් ලෙස භාවිත කෙරේ.
සියඹලා
අතීතයේ සිටම සියඹලා නාවිකයන්ගේ ආහාරයට එක් කෙරුණකි. ඒ එහි ඇති සීනි සහ අම්ල මගින් තෙල් සහ පිටි සහිත ආහාරවල තෙල් ගතිය පහ කිරීමටද උදවුවන නිසාවෙනි. සියඹලා ගසේ පොතු මෙන්ම ඇට කොටා තනා ගන්නා පල්පය ඖෂධීය ගුණයෙන් යුක්තය. සියඹලා කොළ උත්තේජකයක්, සිසිල් කාරකයක් මෙන්ම මුත්‍රා වර්ධකයකි. ඉදුණු සියඹලා මද පිත කිපීමෙන් ඇතිවන වමනය වළක්වාලයි. එමෙන්ම බඩ දැවිල්ල සහ අජීර්ණයට සහනයක් ඒ මගින් ගෙන දෙයි. බඩ වේළු අවස්ථාවකදී ඉදුණු සියඹලා කෑවිට බඩ බුරුල් වේ. සියඹලා කොළ තැම්බූ වතුරෙන් සේදීමෙන් ඉදිමුණු තුවාල ඉක්මනින් සුවපත් වන අතර, හන්දි රුදාව, ඉදමීම, රූමැටික වාත වේදනා සහ පා ඇඟිලි ඉදමීමටද සියඹලා කොළ ප්‍රතිකාරකයක් ලෙස භාවිත කෙරේ.
එමෙන්ම ඉදුණු සියඹලා මද විවිධ ව්‍යාංජන රස ගැන්වීමට සහ තැම්බුන් හොදි වගේම චට්නි වර්ග තැනීමටද භාවිත කරන අතර, වර්තමානයේ සියඹලාවලින් ජෑම් සහ ජෙලි නිෂ්පාදනය කෙරේ.