ඇඳුම්පැලඳුම් යන්න මේ වනවිට විලිවසා ගැනීමට වඩා විලාසිතාවක් බවට පත්ව ඇති බවට ජනතාව අතර කතාබහක් ඇති වී තිබේ. ඒ නිරුවත වසා ගැනීමටත් වඩා අඟපසග වක්‍ර ආකාරයෙන් දක්වමින් ඒවා පරිසරයට නිරාවරණය වන පරිදි තම ඇඳුම් මෝස්තර නිර්මාණය කර ගැනීම නූතන ලෝකයේ තවත් මෝස්තරයක් බවට පත්ව ඇති හෙයිනි.
සැබැවින්ම කොළඅතු මගින් විලිවසා ගත්තා යැයි පැවසෙන කාලයක සිට ක්‍රමයෙන් විකාශය වූ ඇඳුම් පැලඳුම් මෝස්තරවල අතීතය සොයා යන ගමනේදී හමුවන සාධක අපමණය. එයින්ද ශ්‍රී ලංකවේ 18 වැනි සහ 19 වැනි සියවස් කාලය තුළ ඇඳුම් පැලඳුම් සුවිශේෂ අංශයක් බව පුරාවිද්‍යාත්මක තතු ඇසුරු කරන අයෙකුට පැහැදිලි වන කරුණකි.
එබැවින් ඇඳුම් පැළඳුම්, ආයිත්තම් සම්බන්ධයෙන් පවතින සංවාදය සහ අදටත් පවතින උනන්දුව සමග ඇඳුමේ ප්රභවය පිළිබඳව සොයා යෑමට අප තීරණය කළෙමු. මේ පිළිබඳව අදහස් දැක්වීමට අප සමග එකතුවූයේ මහනුවර කෞතුකාගාරයේ සංවර්ධන නිලධාරිනී දිනුෂා ප්‍රේමරත්න මහත්මියයි.
&විළිවසා ගැනීමට ඇඳුම් යොදා ගත්තා යැයි කීවත් අප්‍රිකාවේ ඇතැම් ගෝත්‍රිකයන් ඇඳුම් නොමැතිව ජීවත් වෙනවා. එනිසා ඇඳුම් පැලඳුම්හි අවශ්‍යතාව කුමක් නිසා හටගත්තේද යන්න විවාදිතයි. නමුත් පරිසරය තුළ බිහිවී පරිසරය සමග ජීවත්වන මිනිසා ඇඳුම් පැළඳුම් කෙරෙහි යොමුවන්නට ඇති. උතුරු ඇමෙරිකාව සහ කැලිෆෝනියාව වැනි රටවල ඇතැම් ගෝත්‍රික ජනතාව ලිංගික නොවන වෙනත් ශරීර අවයවයන් වසා ගත් බව අනාවරණය වෙනවා. ඒ නිසා මානව විද්‍යාඥයන්ගේ එක් මතයක් වී ඇත්තේ විළිබිය නිසා ඇඳුම් ඇති වූවාට වඩා ඇඳුම් නිසා විළිබිය ඇති වූ බවයි.
දේශගුණික විපර්යාසයන් නිසා සහ පරිසරයට ගැළපෙන පරිදි ඒවාට අනුකුලවන පරිදි ඇඳුම් භාවිත කරන්නට ඇතැයි විශ්වාසයක්ද පවතිනවා. නමුත් එයද පිළිගත නොහැක්කේ අරාබි රටවල ජනතාව සිය සිරුර සම්පූර්ණයෙන් වසා ගැනීමත්, ඇන්ටාටික් දේශගුණයේ මිනිසුන් ඉතා කෙටි රෙදිකඩකින් සිය සිරුර වසා ගැනීමත් නිසායි.
අනෙක ගැහැනිය පිරිමියා කෙරහිත්, පිරිමියා ගැහැනිය කෙරෙහිත් ආකර්ශනය කර ගැනීම සඳහාද ඇඳුම අනුබලයක් වූ බව පෙනෙනවා. මෙවැනි හේතූන් මත ඇඳුම කවදා සිට කුමක් වෙනුවෙන් ඇන්දේදැයි යන ප්‍රශ්නවලට පිළිතුරු දීම අපහසුයි.
ලක්දිව ඇඳුම් භාවිතය ගැන විමසීමේදී විජය කුමාරයා සත්සියයක් පිරිවරා මෙරටට පැමිණෙන විට කුවේණිය කපු නූල් කටිමින් සිටි බව පුරාවිද්‍යා තොරතුරුවල දැක්වෙනවා. එසේම බෙලිකටු, සත්ත්ව ඇට සහ දත් ආදියද ආභරණ වශයෙන් පලඳා ඇති බවද සොයාගෙන තිබෙනවා.
නමුත් ඇඳුම් භාවිත කළ බවට පුරාවිද්‍යාත්මක සාධක නැහැ. ගස්වල පට්ටා, සුඹුලු, කොළ අතු වගේම සත්ත්ව හම්වලින් මිනිසා විළි වසාගන්නට ඇතැයි අනුමාන කරනවා. මේවා පරිසරය තුළින් ලබාගත් සහ පරිසරය්දී ස්වභාවිකවම විනාශවී යන දේ නිසා ඒවා කාලයත් සමග දිරා යන්නට ඇති. ඒ නිසා එවැනි දේ සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.
ඒ ඒ කාලවලදී භාවිත කළ ඇඳුම් පිළිබඳ එම යුගයන්හි නිර්මාණයවූ කලා සිතුවම්, කැටයම් මගින් තොරතුරු ලබාගත හැකියි. විශේෂයෙන්ම ක්‍රි.ව.5 වැනි සියවසේ කාන්තා ඇඳුම් හා ආභරණ පිළිබඳ සීගිරි සිතුවම් ඉසුරුමුණි කැටයම් මගින් දැක්වෙනවා.
මධ්‍යතන යුගයේ භාවිත කළ ඇඳුම් පැලඳුම් අතර ඒවා නිමකළ රෙදිපිළි, නොයෙක් විසිතුරු පටවස්ත්රයන් ප්‍රධාන වෙනවා. චීනයෙන් ගෙන්වූ පට වස්ත්‍ර පිළිබඳ විශුද්ධි මාර්ගයේත්, ක්‍රිව 11 වැනි සියවසේ බුරුමයෙන් ලැබුණු වටිනා රෙදිපිළි පිළිබඳවත් වංශ කතාවන්හි සඳහන් වෙනවා. කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍යයන්හි පවා මේ රෙදිපිළි පිළිබඳ යම්තාක් දුරට තොරතුරු සපයාගත හැකියි.
තමන්ගේ කැමැත්ත අනුව හෝ රටේ පවතින සිරිත් විරිත් සමාජ සම්මතයන්ට අනුව ශරීර අලංකරණයේ අරමුණ ඇතිව රන් රිදී මුතුමැණික් පබළු සහ ඇත්දත් ආදී ද්‍රව්‍යයන්ගෙන් සකස් කර නිර්මාණය කර ගන්නා දේ පැලඳුම් ලෙස දැක්විය හැකියි. සෞන්දර්ය රසාස්වාදය ආරක්ෂාව සහ රෝග නිවාරණය පිණිස පැළඳුම් භාවිත වූවා. එසේම ආගමික වතාවත් වෙනුවෙන්ද සමාජ තත්ත්වය හැඳින්වීම වෙනුවෙන්ද අරමුණ කර ගනිමින් පැලඳුම් භාවිත කර තිබෙනවා. ඒ සඳහා දිවිදත්, දිවි නියපොතු, අලි කෙඳි සහ මුදු වටිනා ගල් වර්ගයන්ගෙන් කරවන ලද අතමුදු, කණකර ආභරණ, ඔටුණු, කඩුකස්තාන, සකස් වුණා. සාරිකටු, බඳපටි, හවඩි ආදියද එහිදී තවත් එකතුවක්. එහෙත් ඔවුන් සතුන් මරා අවශ්‍ය ඇත්දත් කොටි දත් ලබාගත්තේ නැහැ.
ඇඳුම් පැලඳුම් ගැන කෙරෙන කතාබහ තුළ ඒ මගින් යම් සමාජ මට්ටම් කෙරෙහි පැවැති බලපෑම සම්බන්ධයෙන්ද අපේ ඉතිහාසය සාක්ෂි සපයයි. එහිදී මහනුවර යුගයේදී එම තත්ත්වය වඩාත් පැහැදිලිව පෙනේ. අප ඒ සම්බන්ධයෙන් දිනූෂා මහත්මියගෙන් විමසුවෙමු.
&මහනුවර යුගයේ රජ බිසව උඩුකයට ගෙත්තම් කළ අත්කොට හැට්ටයක් හැඳ යටිකය වෙනුවෙන් ඇස්වට තෙක් වැටුණු රන්වන් සේලයකින් සැරසී ගත්තා. කරවටා විසිතුරු මන්තයක් යෙදුවා. අලංකාර පාවහන් දමා මාල වළලු ආභරණ පැලඳ සිටියා.
මන්තයක් සහිත හැට්ටයක් බැඳ, මාල පදක්කම්, මුදු හා වළලු රදළ කාන්තාවන් විසින් පලඳන ලද බව පෙනෙනවා. රෙද්දේ කොන උරහිස මතට දමමින් අඳිනු ලබන ඔසරිය 18 වැනි සියවසෙන් පසු බහුල ලෙස දැකිය හැකියි.
සාමාන්‍ය කාන්තාවන් විසින් අඳිනු ලබන රෙද්ද පාදය නමින් හැඳින්වූවා. එය දිගෙන් රියන් 6ක් හෝ 7ක් වනවා. නමුත් රෙද්දේ පළල රෙද්ද අඳිනු ලබන අයගේ කුලය අනුව වෙනස් වුණා.
උසස් පවුල්වල කාන්තාවන් නිවසින් පිටතට යනවිට ඇඳුම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූවා. නිල් හෝ රතු පැහැ නූලෙන් ගෙත්තම් කළ සිනිඳු කපු පිළියෙන් කළ අත්සහිත හැට්ටයක් ඇඳ සිටි බව රොබට් නොක්ස් එදා හෙළදිව ග්‍රන්ථයෙන් දක්වනවා. විසිතුරු සේද උරමාලයක් පැලඳ අලංකාර කැටයම් කළ රිදී තහඩු දෙපස එල්ලු රිදී හවඩියක්ද ඉණ වටා ඔවුහු බැඳ සිටියා.
නමුත් පහත් යැයි සම්ම්ත කුලවල ජනතාව ඔවුන්ගේ ඉඟටිය ඔස්සේ දැවටූ පටු රෙදි කඩක් පමණක් බැඳ සම්පූර්ණව නග්නව සිටියා. පහත් කුලයේ කාන්තාවන් පියොවුරු නොවසා ගෙලෙහි රන් හෝ රිදී මාලත්, අතැඟිලි හා පයෙහි ඇඟිලිවලට මුදු දමා තිබෙනවා. ඉවසාගත නොහැකි සීතලකදී තම පිට හරහා වස්ත්‍රයක් දමා ගැනීමට ගැහැනු සහ පිරිමින්ට අවසර තිබුණු බවද පැවසෙනවා. නමුත් ගමනේදී මග තොටකදී කුලවතෙකු හමුවුවහොත් “බය බෝයි ශීතලට,* යනුවෙන් පවසා ඔවුන් සමාව ඇයද සිටිය යුතු වුණා.
රොඩී ගැහැනු ලේන්සුවක දෙකොණක් ගෙලවටාද දොකොණක් ඉණවටාද බැඳීමෙන් පියවුරු වසා ගත්තා. හැළිවළං උළු ගඩොල් සැපයීම කළ %බඩහැල^(කුඹල්) කුලයේ අයටත්, බඩුබාහිර ගෙන යෑමේ යෙදුණු %රදා^ කුලයේ අයටත් පල්ලැක්කි හා බඩු බාහිරාදිය ගෙනගිය පදු කුලයේ අයටත් බෙරවැයීම කළ බෙරවා කුලයේ අයටත්, බෙරවැයිම සහ බඩු ගෙනයාම කළ %කින්නර^ කුලයේ අයටත් හැට්ටය ඇඳීමත් දණින් පහළට වස්ත්‍ර දිගට ඇඳීමත් තහනම් බව පැවසෙනවා.
මේ වනවිට බොහෝ විවාහ මංගල අවස්ථාවන්හිදී මනාලියත්, මනාලයාත් උඩරට ක්‍රමයට ඇඳුම් ඇඳීමට යොමුවී සිටී. මේ සම්බන්ධයෙන්ද අප දිනුෂා මහත්මියගෙන් විමසා සිටියෙමු.
“මහනුවර රජුගේ ඇඳුම් පැලඳුම් ගත්තොත්, යටට අදින දිග කළිසමකින් (උඩය) සහ එයට උඩින් බඳ පටිය, තුප්පොට්ටියක් සහ රන් හා රිදී නූලින් ගෙත්තම් කළ මන්තයක්ද, රතු හැට්ටයක්ද ඇඳ තිබෙනවා. මල්ගහ සහිත ඔටුන්නක් මෙන්ම පදක්කම් සහිත මාල, කර්ණාභරණ, පේරැස් මුදු ආදියත්, මිරිවැඩි සඟලද, මුතුකුඩයද රාජකීයන්ගේ ඇඳුමට ඇතුළත් වුණා.
ඉංග්‍රීසි යුගය වනවිට උඩරට නිලමෙවරුන්ගේ ප්‍රධාන ඇඳුම බවට මුල් ඇඳුම භාවිත වුණා. එය පිළිගත් සම්මතයකට යටත් වූ බවද පෙනෙනවා.
මුල් ඇඳුම ගත්තොත්, එයට අමතරව මැණික් ඔබ්වන ලද මුදු, විසිතුරු කැටයම් සහිත වළලු හා රන් මාලවලින්ද මුල් ඇඳුම සකස්කර තිබූ බව පෙනෙනවා. තුප්පොට්ටිය යනු මධ්‍යයයෙන් එකට එකතු කළ හැකි ආකාරයේ කැබලි දෙකකින් යුතු අටරියන් රෙද්දක්. ලංකාවට පෘතුගීසි ලංදේසීන්ගේ පැමිණීමත් සමග පහතරට ගැහැනු, පිරිමි විවිධ මෝස්තර සහ ඇඳුම් පැළඳුම්වලට යොමුවූ බවද අමතක නොකළ යුතුයි. උඩරට බෝරිච්චි හැට්ටය, ඔසරිය සහ මාල හත වෙනුවට පහත රටින් වේලය, සාරිය, ටයිකෝට් බිහි වන්නේත් ඒ නිසයි.
මහනුවර යුගයේ ප්‍රචලිත වූ අබරණ විශේෂ ගණනාවක් දැකිය හැකියි. එහෙත් ඒවා පිළිබඳ විමසීමේදී ඒවාද පරිසරයේ අප නෙත ගැටෙන ඇතැම් ශාකයන්ගේ ආභාෂයට අනුව නිර්මාණය කළ අයුරු ඔබට දැකගත හැකියි.*
මෙහිදී දිනූෂා මහත්මිය කෞතුකාගරයේ ඇති සත්පොට මාලය පිළිබඳව විස්තරයක් අප සමග මෙසේ පැවසූවාය.
“මේ මාලයේ බෙල්ලට සමීපව මැද සිට බලන්න. පළමුව රතුපහැති ගල් ඇල්ලූ කැටයම පොල්මල් මාලයයි. දෙවනුව සිරිබෝ මාලයයි. තුන්වෙනුව වැටකේ මාලයයි. ඊළඟට නෙරළු මාලයයි. ඊළගට අගස්ති මාලයයි. එය පාෂණ වර්ගයක්. ඊළඟට කිරිබත් මාලයයි. අනෙක පෙති මාලයයි. කොණ්ඩකූරු, කොණ්ඩමල්, සාරිකටු, කරාබු එදා කාන්තාවගේ සුන්දරත්වය වැඩි කළ පැලඳුම් ලෙස දැකිය හැකියි.
තෝඩු, කඩුක්කන් යනුවෙන් කරාබු වර්ග දෙකක් තිබෙන අතර, ඒ පිළිබඳව විස්තරයක්ද දිනූෂා මහත්මිය අප සමග මෙසේ පැවසූවාය.
&නළල් පටි, මුක්කුත්ති, පබළු පොට හෙවත් පවලම් පොට, තැලි ගෙල, පටි බොටු පෙති, එදා ආබරණ අතර අදටත් අප අතර භාවිත වන පැලඳුම් ලෙස දැක්විය හැකියි. සාරි, වළලු ගත්තොත් කංකනාද වළලු,වීදුරු වළලු, ගෙඩිවළලු, කොරල් වළලු, අවුල් හැර වළලුත් තිබුණා. මුදු වගේම හවඩි දැක්වීමේදී තෙල් හවඩි, පේරැස් මුද්ද වැනි දේත් එදා පැලඳුම් අතර වැදගත් තැනක් ගත්තා.
ඇතමුන් ගුප්ත විශ්වාසයන්ට අවනතව අලි කෙඳි මගින් මුදු වැනි දේ භාවිත කළා. ගජමුතු වැනි දේ ඇසුරෙන් ආභරණ නිෂ්පාදනය කළා. දිවි දත්වලින් මාල හදා පැලඳ සිටියා. එයින් පරිසරයේ සතුන්ගේ එවැනි කොටස් යොදා ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගත් බව පෙනෙනවා.
විශේෂයෙන්ම අපේ රටේ එදා කපු රෙදිපිළි සකස් කරගැනීම වෙනුවෙන් කපු කර්මාන්තය යම් මට්ටමකින් ව්‍යාප්තව තිබූ බවක්ද පෙනෙනවා. එහෙත් එහිදී එය පරිසරයට අනුගතවන පරිදි මිස පරිසරය අභිභවා නොයන තැනට කටයුතු කිරීමට එදා ගැමියා වගකීමෙන් කටයුතු කර තිබෙනවා.
කඩුක්කන් වැනි දේ අපට එකතුවීම සමග ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසව සහ ඔවුන්ගේ ඥාතීන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු ව්‍යප්තවීමට ඇතැයි විශ්වාස කරනවා. අදටත් මාලිගාව අසලින් දිවෙන මාර්ගය මලබාර් පාර යනුවෙන් හැඳින් වෙන්නේ එම ඥාතීන් එම පෙදෙෙස් පදිංචි කළ නිසයි. ඔවුන්ගේ පැමිණීම සමග ඔවුන් ඉන්දියාවෙන් ගෙන්වා ගත් ඇඳුම් පැලඳුම්, ආභරණ මෙරට ඇඳුම් පැලඳුම් කෙරෙහි යම් බලපෑමක් කරන්න ඇති. අනික එදා රජවරු විදේශයන් සමග මුතු මැණික් ගනුදෙනු පවා හුවමාරු කරගත්තා. තවත් ඵෙතිහාසික සාක්ෂි ඒ වෙනුවෙන් තිබෙනවා. මා මේ කතා කරන්නේ මහනුවර යුගයට අදාළවයි.
කෞතුකාගාරයේ වීදුරු අල්මාරියක සුරක්ෂිතව තිබුණද ඒ හැම ඇඳුමක්, පැළඳුමක්ම අපට යම් දෙයක් කියයි. ඒ හැමදෙයක්ම අපට කියන්නේ පරිසරය සමග සුන්දරත්වයෙන් ජිවත්වෙමුයි යන පණිවිඩයයි.
එහෙත් නූතනයේ අප සුන්දරත්වය සොයා යමින් තත්කාලීන සමාජයේ ඇඳුම් පැලඳුම් අතර කෘතිම රෙදිපිළි මගින් නිමකළ ඇඳුම් මෙන්ම කෘතිමව සහ ප්ලාස්ටික් වැනි දෙයින් කළ ආභරණයන්ද විලාසිතාවක් බවට පත් කරගෙන තිබේ.
එහෙත් අද එසේ නිමවන මේ කිසි දෙයකට භාවිතයෙන් පසු මූල්‍යය හෝ සංස්කෘතික හෝ කලාත්මක වටිනාකමක් නැති බව පැහැදිලිය. එහෙයින් රුව හැඩ කළද පරිසරයට සිදුවන හානිය අදටත්, හෙටටත් නොව මතු දිනයකට පරිසරයට එකතු කරන තවත් නොදිරන සහ ඵලක් නැති කුණු කන්දක් තරමටම ප්‍රලබ විය නොහැකි දැයි අතීතයේ කෞතුක සටහන් අතරින් ඇසෙන මැසිවිල්ල සාක්ෂි දරනු ඇත.
විමසුම සහ සේයාරූ - ලාල් ජයසුන්දර