එදා මෙන් නොව, අද අප බෙහෙවින් කාර්යබහුලය. කෙතරම් වැඩ කළත් ඉවරයක් නොමැති වැඩ රාජකාරිවලින් හෙම්බත් වූ අපට කන බොන දෑ ගැන සොය සොයා ඉන්නට බැරිය. තිබෙන දේ, පහසු දේ තම්බා රත්කර කුසගිනි නිවා ගන්නවා හැරෙන්නට එහි අඩු වැඩි වශයෙන් 'සැඟවුණු වස විස' පිළිබඳ නොසිතුනේ නම්, මෙම ලිපිය ඔබ කියවිය යුතුමය. මන්ද ඔබේ දෑතින් මිලදී ගැනෙන ආහාර පාන හේතුවෙන් ඔබේ ආදරණීය දරුවන්ගේ ජීවිත බිල්ලට නොයා යුතු බැවින්ය.
ඈත අතීතයේ සිටම විචිත්‍රත්වයෙන්, විවිධත්වයෙන් යුතු පෝෂණීය ආහාර පරිභෝජන රටාවකට හුරුපුරුදු වූ අප, වර්තමානයේ වෙළෙඳ පොළ අවශ්‍යතා මත තීරණය වන ආහාර පරිභෝජන රටාවකට හුරුවෙමින් සිටින්නෙමු. එහෙත් කෙතරම් සමාජ, සංස්කෘතීන් සමග මිනිසුන් බාහිර වෙනස් වීමකට ලක්වූවද, පරිසර සාධක සමග අතීතයේ නිර්මාණය වූ මිනිස් ශරීර ජානවල විශාල පරිවර්තන ක්‍රියාවලියන් අදටද සිදුවී නොමැත. මේ නිසාම එම ආහාර පරිභෝජන රටාව කෘත්‍රිමව වෙනසකට පත්කිරීම අපහසු අතර, ජාන මගින් ඉල්ලා සිටින ආහාර සම්ප්රදායක් අප ශරීරය තුළ නිර්මාණය වී තිබේ.
නමුත් එලෙස ජාන මගින් ඉල්ලා සිටි ආහාර රටාව වෙනුවට ක්ෂණික, වෙළෙඳ පොළ විසින් තීරණය කරන විපරීත වූ ආහාර රටාවක් මත යැපෙන්නට යාම නිසා බොහෝ දරුවෝ පිළිකා, සැඟවුණු දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳිති.
මෙහිදී පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබට පැවරෙන වගකීම සම්බන්ධයෙන් වෙනස් කළ හැකි, වෙනස් කළ නොහැකි මත පසෙකලා සුබවාදී පියවරක් ඉදිරියට තැබීමට කාලය එළඹ තිබේ. හොඳම දේ දරුවන්ට යන කාරණාව තුළ දවස ආරම්භයේ සිට නින්දට යන අවසන් හෝරාව දක්වා අපේ දරුවන් හොඳම දේ ඔවුන්ගේ ආහාර රටාවට එක්කර ගන්නේද යන්න ඔබේ හදවතින් ඇසිය යුත්තකි.
අද ලෝකයේ ඇති ශක්ති ජනක පානය කිරිපිටි යැයි ඉස්මුදුනින් පිළිගන්නා අප එමගින් දරුවන්ගේ ශරීරයට එක් කරන්නේ විස වීදුරුවක් බව පිළිගත යුතුය. කිරි, පිටි බවට පත්කෙරෙන රසායනික ක්‍රියාවලියේදී එහි ඇති සියලු පෝෂණීය සංඝටකයන් විනාශ වන අතර, පසුව එක්කරන කෘත්‍රිම සංයෝග මගින් ඔබ අපේක්ෂා කරන කිසිදු බුද්ධි වර්ධනයක් නොලැබෙන බව අකමැත්තෙන් වුවද පිළිගත යුතුය.
එසේම උදෑසන පානය කරන කිරි වීදුරුවකින් පැයක කාලයක් තුළ පෙර සහ පසු අප ගන්නා ආහාරවල පෝෂ්‍ය පදාර්ථයන් උරා ගැනීම අවම කරනු ඇත. ඒ නිසා කිරි වෙනුවට ග්‍රීන් ටී පානයක්, ආයුර්වේද අනුමැතිය ඇති පැකට් කරන ලද ඖෂධීය පානයක් අත්‍යවශ්‍ය නම් ආදේශ කරගත හැකිය.
කොත්තමල්ලි ඇට කුඩුකර පානයක් ලෙස සකසා ගැනීමෙන් ශරීරය තුළ ඇති ආසනික් පවා ඉවත් කිරීමේ අපූරු ශක්තියක් ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. ඊටත් වඩා පොල් ගෙඩියක ඇති පොල් වතුර ලෝකයේ ඇති ශක්ති ජනක පානය ලෙස තහවුරු කර ඇති බව ඔබ නොදත් තවත් රහසකි. උදෑසන ආහාර පිළියෙල කිරීමේදී අපතේ යන පොල් දියරය තුළ පෝෂණීය හෝමෝන වර්ග රැසක් අන්තර්ගත වන අතර ඒවා සමෙහි පැහැපත් බවටත් හේතුවන බව සොයාගෙන තිබේ.
මෙලෙස උදෑසන පාන වර්ග මෙන්ම උදෑසන ආහාරයද ඔබේ අතින් පිළියෙල වන්නේ කාර්ය බහුල පසුබිමකය. එහිදී පාන්පිටි මගින් (තිරිඟු පිටි) සැකසෙන සියලු ආහාර ශරීරයට ගුණදායක නොවන බව සඳහන් කළ හැකිය. තිරිඟු පිටි සුදු බවට පත්කිරීම සඳහා සිදුවන රසායනික ක්‍රියාවලියේදී %ක්ලෝරීන් ඩයොක්සයිඩ්^ භාවිත කරන අතර, එමගින් තිරිඟු පිටිවල ඇති ගුණාත්මක බව වියැකී ගොස් ඒ වෙනුවට %ඇලෝක්ෂන්^ නම් රසායනික නිපදවෙමින් දියවැඩියා රෝගී තත්ත්වය ශරීරය තුළ ඇති කරවයි.
මේ නිසා පාන් පිටි වෙනුවට කුරක්කන් පිටි, හාල් පිටි, ආටා පිටි, කඩල පිටි වැනි ආදේශක මගින් දරුවන්ගේ ආහාර අවශ්‍යතා සපුරා දීමට ඔබට හැකිය. එසේම අප ආහාරයට ගන්නා එළවළු වර්ගවලද අඩුවැඩි වශයෙන් වස විස සැඟවී තිබේ. බැලූ බැල්මට ස්ථිරවම එය වස විස නාශක එළවළුවක්ද යන්න සැකහැර දැනගැනීමට අපහසු වුවද පණුවන් ස්පර්ෂ කොට නොමැති, විශාලත්වයක් ඇති, හුරුබුහුටියට පෙනෙන බොහෝ එළවළු විෂ සහිත එළවළු බවට යම් නිගමනයක් ලබාගත හැකිය.
පලතුරු වර්ගද (කෙසෙල්) සම්පූර්ණයෙන් කහපාට වී ඇත්නම්, කොළ පාට පුල්ලි සහිත නම්, ගස්ලබු ගෙඩි ඉදිරිපස සිට පසුපසට ඉදී ඇත්නම් (ගස්ලබු ගෙඩි ඉදීම සිදුවන්නේ පසුපස සිට ඉදිරියටය.) ඒවා කාබනික නොවන පලතුරු ලෙස සැලකිය හැකිය. මේ නිසා විශාල ගොඩවල් ප්‍රමාණයක් ඇති ස්ථානවලින් පලතුරු, එළවළු මිලදී ගන්නවා වෙනුවට සුළු ප්‍රමාණයෙන් අලෙවි කරන ස්ථානවලින් මිලදී ගැනීම මගින් මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇත.
විශේෂයෙන්ම කපා මලුවල බහා විකුණන පොළොස් වර්ගවල කහට ඇතිවීම වැළැක්වීම සඳහා %සෝඩියම් මෙටාබයි සල්ෆයි (SMS) භාවිත කරන අතර, එය ශරීරයට ඉතා හානිකරය. අර්තාපල් යනු කෘමිනාශක බහුලව යොදා මෙන්ම සම්පූර්ණයෙන් එම විෂ ගබඩා කර තබා ගන්නා එළවළුවකි. අපේ දරුවන්ට කුඩා කල අර්තාපල්, චීස්, බටර් සමග තුන්වේල දී හෝ වේල පිරිමසන්නට මවුවරු උනන්දු වන්නේ ඒවා පෝෂණීය ආහාරයක් යැයි පිළිගත් නිසා විය හැකිය.
නමුත් අල (අර්තාපල්) යනු පෝෂණය ඉතාම අවම, ආහාරයක් වන අතර කුඩා කල සිට මෙම විස සහිත ආහාරය ශරීර ගතවීමෙන් අධික තරබාරුව මෙන්ම රෝග රැසකට මූලික අඩිතාලම සැපයෙනු ඇත. අර්තාපල් මගින් දරුවෙකුට බලාපොරොත්තු වන පෝෂණීය ගුණය බතල, කිරිඅල, රාජාල, දන්දිල වැනි කෙඳි සහිත දේශීය ආහාර මගින් ආදේශ කරගත හැකිය. ව්‍යාංජන ලෙස උදේ, දිවා කෘෂි නාශක යොදන අර්තාපල් වෙනුවට දේශීය අල වර්ග අත්හදා බැලීම ඒකාකාරී ආහාර රටාවට අලුත් වෙනසක් එක්කරනු ඇත. දන්දිලවල අඩංගු %ඇන්තොසයොනික්^ යනු ලෝකය පිළිගත් පිළිකා නාශකයක් බවට අද තහවුරු වී ඇත. මෙම කෘමිනාශක වැඩිපුර භාවිත වන එළවළු වර්ග ලෙස තක්කාලි, ගෝවා, ලීක්ස්, ප්රමුඛ පෙළේ ස්ථාන අතර සිටියි. කෙසේ නමුත් එළවළු භාවිතයට ගැනීමට පෙර ගලා යන ජලයෙන් සෝදා කපාගත යුතු අතර, හැකි නම් විනාකිරි දමා සේදීමද වඩා සුදුසුය. කල්වේලා ඇතිව ආහාර කපා ශීතකරණවල තැබීමද නොකළ යුතු වන්නේ එමගින් එහි ඇති පෝෂණීය සංඝටක විනාශ වී යන නිසාය.
එසේ නම්, අපේ ආහාරයට එක්විය යුත්තේ මොනවාද? අල, කැරට්, වට්ටක්කා, බෝංචි, යන ඒකාකාරී ආහාර රටාවට හැඩගැසුණු අපේ දරුවන්ට දියහැකි වෙනත් විකල්ප එළවළු නොමැතිද? සැබැවින්ම ඒ පසුබිම යළි ගොඩනැගිය හැක්කේ ඔබටමය. ඒ අන් කිසිවක් නිසා නොව ඔබේ දයාබර දරුවන්ගේ අනාගත පැවැත්ම උදෙසාය. එහිදී පෝෂණීය අතින් ඉහළ සාරණ, තම්පලා, ගොටුකොළ, දඹල කොළ, කළුතැන්වේරියා, හිඳකොළ, කූර කොළ, නවුසි කොළ (ජපන් බටු) ප්‍රධාන ආහාර අතරට එකතු කළ හැකිය. කූර කොළ යනු සියලුම ඛනිජ ලවණ ගබඩා වී ඇති පළා වර්ගයකි. නිවිති කොළවල ග්‍රෑම් සියයක බීටා කැරොටින් අන්තර්ගත අතර, එය පිළිකා නාශකයක් ලෙසද මේ වනවිට හඳුනාගෙන තිබේ. මුරුංගා කොළ, රාබු කොළ, රාබු අල, කරවිල යනු ලේවල විෂ ඉවත් කරන එළවළු වර්ගය. ලුනුවිල මතකය අලුත් කරන පළා වර්ගයක් වන අතර ගොටුකොළ, නිවිති මෙන්ම ඔමේගා 3 (DHA) අඩංගු කුඩා මාළු වන සාලයා, ලින්නා, සුරාපරා, පියාමැස්සෝ ස්වාභාවිකව බුද්ධි වර්ධනයට ඉවහල් වේ. මෙරට භාවිත නොවූවද ආහාර රස කරන ප්‍රධාන රසකාරකයක් වන රම්පේ කොළ ටී බෑග්ස් ලෙස භාවිතයට ගන්නේ එය පිළිකා නාශකයක් මෙන්ම, අධිරුධිර පීඩනය පාලන ඖෂධයක් බවට සොයා ගන්නා ලද නිසාවෙනි.
නමුත් ඇතැම්විට වර්තමානයේ කාර්යබහුලත්වය නිසා ව්‍යංජන සඳහා රම්පෙ, කරපිංචා, සුදුළූණු, ඉඟුරු භාවිත නොවෙන තරම්ය. බොහෝ ආහාර පානවල ඇති විස අපේ දේශීය පාරම්පරික කුළුබඩු භාවිතය තුළින් අවම කරගත හැකි වුවද අද කෘත්‍රිම රසකාරක වෙනුවෙන් අපේ රස නහරද හැඩගැසී ඇත.
සැබවින්ම ඔබ මෙන්ම ඔබේ දරුවන්ද මෙම ඒකාකාරී ආහාර රටාවට කොටුවී අවසන්ය. නමුත් ඒ අවසානයට යළි ආරම්භක පියවරක් තබමින්, දරුවන්ගේ මානසිකත්වය මෙන්ම ඔවුන්ගේ ආහාර රුචියේද පියවරක් තබමින් දරුවන්ගේ මානසිකත්වයේ මෙන්ම ඔවුන්ගේ ආහාර රුචියේද ගුණාත්මක වෙනසක් කිරීමට ඔබ තරම් තවත් සුදුස්සෙකු නොමැත. ආරම්භය බොහෝ අසීරුය. ඒ සඳහා උපක්රමශීලීව ජයගැනීමට ඔබට ශක්තිය ඇත. ඒ ශක්තියට අවස්ථාව දිය යුතුය. ඒ ඔබේ පරම්පරාවේ අනාගත පැවැත්ම උදෙසාය. නොඑසේ නම් යුරෝපීය ළමා රෝග විශේෂඥයෙකු වන ස්ටීව් රයන් පවසන ආකාරයට %වර්තමාන පරම්පරාව තමන්ගේ දරුවන්ගේ සොහොන් කොත්වල පහන් දල්වන දෙමවුපියන්^ බවට පත්වනු නිසැකය.
විශේෂ ස්තුතිය ගැමුණු සාලිය මහතා (උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මාධ්‍ය උපදේශක)