Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මේ ව්‍යාපාරය ඇත්තෙන්ම මගේ තාත්තාගේ. තාත්තා තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙසට මෙය කරගෙන ආවේ. මේ ව්‍යාපාරය ආරම්භ කළේ 1995 වර්ෂයේදීයි. අපි කජු නිෂ්පාදන ආශ්රිත යන්ත්‍ර සූත්‍ර තමයි සකස් කළේ. මුල් කාලේ තාත්තාගේ මේ නිෂ්පාදනවල ලියනකියන අංශයට තමයි මම ගොඩක්ම යොමු වුණේ. නමුත් මම විද්‍යාපීඨ තේරිලා තිබුණ නිසා ඒ දේවල්වලින් ටිකක් අයින් වුණා. මට පළවෙනි පත්වීම හම්බවුණේ අනුරාධපුරයට. මම අවුරුදු 05ක් විතර ගුරුවරියක ලෙස සේවය කළා. මම ගුරුවරියක ලෙස සිටි කාලයේ වුණත් තාත්තාගේ ව්‍යාපාරයේ ලියකියවිලි සෑමදෙයක්ම සකස් කළේ මමයි.
2008 වර්ෂයෙන් පසුව නැවතත් මම රස්සාවට ගියේ නැහැ. මට සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපාර කටයුතුවලට මැදිහත්වෙලා කටයුතු කරන්න හැකි වුණා. අපේ පවුලේ පස්දෙනෙක් ඉන්නවා. ඒ නිසා තාත්තා 2007 වර්ෂයේ කොටස් සමානව පස්දෙනා අතරම බෙදී යන විදිහට 'බුද්ධි ඉන්ඩස්ට්‍රි' නමින් පෞද්ගලික සමාගමක් බවට නම් කළා. නමුත් ඒ වෙනකොට අපි ලොකු සාර්ථකත්වයක් ලබා තිබුණේ නැහැ. මේ කජු ආශ්රිත යන්ත්‍ර සූත්‍ර හදන එක ප්‍රාථමික මට්ටමක තමයි තිබුණේ.
මේ විදිහට ටික කාලයක් ගෙවිලා යනකොට අපි මේ නිෂ්පාදනයන් සඳහා වෙළෙඳ පොළක් නිර්මාණය කර ගන්න වෙබ් පිටුවක් ආරම්භ කළා. මෙය ආරම්භ කරලා ටික කාලයක් යන්නත් කලියෙන් විදේශිකයන්ගෙන් අපේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ආවා.
නමුත් මම ඒ වෙනකොට කොහොමද වෙනත් රටවලට මෙවැනි යන්ත්‍ර අපනයනය කරන්නේ කියල කිසිදෙයක් දැනගෙන සිටියේ නැහැ. එය මට විශාල අභියෝගයක් වගේම නුපුරුදු අත්දැකීමක් වුණා. මම අන්තර්ජාලය ඇසුරින් මේ පිළිබඳ සොයා බලා ප්‍රාමාණික දැනුමක් ලබාගත්තා.
වෙබ් පිටුව හරහා අපිට නොයෙක් රටවලින් ඇණවුම් ආවා. එවාට අපි අපේ යන්ත්‍ර අපනයනය කළා. ඒ විදිහට තමයි අපි මුලින්ම මාර්කට් එක සකස් කරගත්තේ.
මේ සම්බන්ධ විවිධ රටවල් ඒකාබද්ධ කරමින් විවිධ ජාත්‍යන්තර සම්මන්ත්රණ පවා පැවැත්වෙනවා. මම ඒවාට පවා සහාභාගි වුණා. ඒවායේ දේශනවලට සහභාගි වුණා. එහිදී ගොඩක් අත්දැකීම් ලබා ගත්තා.
මේ අනුව ටිකෙන් ටික මේ ව්‍යාපාරය කොහොමද සංවර්ධනය කරන්න ඕන කියලා හොඳ අවබෝධයක් ආවා. ඒ අනුව අපි මුලින්ම අපේ ආයතනය මේ අපනයන ක්‍රමයට සාපේක්ෂව ගැළපෙන අයුරින් සකස් කළා. මම මේ දේවල් මනාව සම්බන්ධ කරමින් සංවිධානාත්මක මෙහෙයවීමේ කාර්යය තමයි සිදුකළේ. ඒ තුළින් මම මගේ තාත්තාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබාදුන්නා.
අපිට තමයි මේ කජු ලෙලි ගහන යන්ත්‍රය සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රය 1999 වර්ෂයේ හිමි වුණේ. නමුත් පසු කාලයේදී බොහෝ රටවල් මෙම යන්ත්‍රය කොපි කරලා ඒ හා සමාන යන්ත්‍ර සකස් කළ නිසා අපේ ව්‍යාපාරය ටිකක් පසුබෑමකට ලක්වුණා. ඒ නිසා අපේ විදේශීය වෙළෙඳ පොළ යම් පසුබෑමකට ලක්වුණා .
අපි එයට විකල්පයක් වශයෙන් අලුත් මැෂින් එකක් නිෂ්පාදනය කරලා මේ වන විට එය වෙළෙඳ පොළට හඳුන්වාදී තිබෙනවා. ඒ වගේම අපි කජු ආශ්රිත නිෂ්පාදනයක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය (ලයින් එකටම) සියලුම යන්ත්‍ර එකවර නිර්මාණය කර දෙනවා.
දේශීය වෙළෙඳ පොළ කියන්නේ පොඩි එකක්. ලංකාවේ මේ කජු ව්‍යාපාර බහුතරයක් කරන්නේ නිවෙස්වල. නමුත් අපි මේ කජු ලෙලි ගහන මැෂින් එකයි, ලයින් එකටම අවශ්‍ය මැෂින් නිෂ්පාදනය කරන නිසා මේවා ගත්ත අය මහා පරිමාණයෙන් කරන්න යොමුවෙලා තිබෙනවා. ඊට අමතරව ලංකාවේ පවතින ලොකු ආයතනවලටත් මෙවැනි මැෂින් අරගෙන මේ හා සම්බන්ධ තමන්ගේ නිෂ්පාදන එම කර්මාන්ත ශාලාව ඇතුළෙහිම සිදුකරන්න යොමුවෙලා තිබෙනවා.
අපි විදේශීය වෙළෙඳ පොළ තුළ අපේ සේවාදායකයන් මැෂින් එකවර 30ක් හෝ 40ක් වැනි ප්‍රමාණයක් ඉල්ලුම් කරනවා. මොකද කලින් තිබුණේ කජු ලෙලි ගහන මැෂින් එක විතරනේ. නමුත් දැන් අපි කරන්නේ ව්‍යාපෘති වශයෙන්.
අපේ යන්ත්‍රවලට ඉහළ ඉල්ලුමක් තිබුණේ ඉන්දියාවෙන්. බටහිර අප්‍රිකානු රටවලින්ද ගොඩක් හොඳ ඉල්ලුමක් තිබෙනවා. දකුණු අප්‍රිකාවෙනුත් අපිට සැලකිය යුතු වෙළෙඳ පොළ ඉල්ලුමක් තිබෙනවා. ඊළඟට ඉන්දුනීසියාව, මියන්මාරය වැනි රටවලින්ද සේවාදායකයන් අපේ යන්ත්‍ර සූත්‍ර ලබා ගන්නවා.
මම උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් තමයි මුහුණ දුන්නේ. ඉන්පසුව තමයි මම විද්‍යාපීඨ ගුරුවරියක් ලෙස සේවය කළේ. දැන් මම
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්වය පිළිබඳ ඩිප්ලෝමාව සිට ඉහළට ඇවිත් දැන් පශ්චාත් උපාධියේ කටයුතු මේ දිනවල සිදුකරගෙන යනවා. ඒ ව්‍යවසායක උපාධියෙන් ඉගෙන ගන්නා දැනුම ඇත්තෙන්ම අපි ප්‍රායෝගිකව ව්‍යාපාරය තුළදී භාවිත කරනවා.
මගේ තාත්තා පී.කේ. මහීපාල, අම්මා ස්වර්ණතිලකා, අයියා බුද්ධික, නංගී හර්ෂනී. ඒ වගේම මම දැන් විවාහවෙලා ඉන්නේ. මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා.
අපේ පවුලේ පස්දෙනාම එකතුවෙලා තමයි මේ ව්‍යාපාරය සිදුකරන්නේ. අපිට 'බුද්ධි ඉන්ඩස්ට්‍රි' පෞද්ගලික සමාගම හා 'බුද්ධි ඉන්ටර්නැෂනල් ඉංජිනේරින්' පෞද්ගලික සමාගම ලෙසින් සමාගම් දෙකක් තියෙනවා.
අපි මේ යන්ත්‍ර ගැන විස්තර සහිත වෙබ් පිටුවක් ආරම්භ කළාම මෙය වෙළෙඳ පොළට අලුත් දෙයක් නිසා ඉහළ ඉල්ලුමක් තිබුණා. මෙවැනි යන්ත්‍ර ලබා ගැනීමට පෙර අපේ සේවාදායකයාට ඒ මැෂින් එක බලන්න අවශ්‍යයි කියනවා. නමුත් ඔවුන් ඇත්තෙන්ම පැමිණෙන්නේ මැෂින් එක පරික්ෂා කරන්න පමණක් නොවෙයි. ආයතනය විශ්වාසදායකයිද, එහි පරිසරය මොන වගේද කියලා බලන්න. අපේ මුල් කාලයේ තිබුණේ ඔෆිස් එකක්වත් නැති ප්‍රාථමික යන්ත්‍ර සූත්‍ර සකස් කරන තැනක්. ඒ තැනට තමයි අපේ සේවාදායකයන් ගෙන්වන්න සිදුවුණේ. එවැනි තත්ත්වයක් තිබියදී විදේශීය වෙළෙඳ පොළ දිනාගන්නවා කියන්නේ ඇත්තෙන්ම ලොකු අභියෝගයක්.
අපිට ඒ කාලයේ යන්ත්‍ර සූත්‍ර රැසක් එකවර සකස් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. අපි සමාන්‍යයෙන් යන්ත්‍ර 10ක් පමණ මාසයකට නිෂ්පාදනය කළා. නමුත් එන්න එන්නම එහි ඉල්ලුම වැඩි වුණා. ඒත් එක්ක ගැටලු රැසක් අපිට මතු වුණා. කම්කරුවන් සොයා ගන්න, ඉඩපහසුකම් වැනි දේවල් නිසා ඉල්ලුමට සරිලන යන්ත්‍ර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේදී බොහෝ අපහසුතාවට පත්වුණා. අපිට මෙහිදී මූල්‍ය පැත්ත ගැන වැඩි වශයෙන් දැනුණේ නැහැ. අපි අත්තිකාරම් මුදලක් සේවාදායකයාගෙන් ලබාගන්නා නිසා අපිට අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් තිබුණා.
අපි අපේ ආයතනය අලුතින් හදන්න වුණාත් ලොකු ණයක් ගත්තේ නැහැ. පොඩි ණයකින් තමයි ඒ සියලු දේවල් කළේ. මම කලින් පැවසුවා වගේ අපේ තිබුණේ ප්‍රාථමික මට්ටමින් ක්‍රියාත්මක වුණු තැනක්. ඒ නිසා අපි ආයතනයක් වශයෙන් සකස් කළාට පසුව ආයතනයේ වැඩ කරන සේවකයාගේ සිට මුල ඉඳලම සකස් කරන්න වුණා. විශේෂයෙන්ම පවුලක් මේ ව්‍යාපාරය කරන්නේ. ඒ කියන තත්ත්වයෙන් මුදවන එක අතිශය දුෂ්කර දෙයක් වුණා. ඔවුන්ව ආකල්පමය වශයෙන් වෙනස් කරන්න අවශ්‍ය වුණා. අපේ ගමේ අය තමයි ගොඩක්ම මෙහි වැඩ කළේ. පොඩි තැනක වැඩ කරලා ඒක දියුණු වෙනකොට ඔවුන් පවා විවිධ ගැටලු ඇති කළා. ඔවුන් නිෂ්පාදන නවත්තන්න බැලුවා, වැඩවර්ජන කළා. නමුත් අපි ඔවුන්ව ඉවත් නොකර ආකල්ප වර්ධන වැඩසටන් රැසක් ක්‍රියාත්මක කළා. අපි හැමෝගෙම අදහස වුණේ රටට දෙයක් කරනවා කියන හැඟීම. ඒ නිසා කළමනාකාරීත්වයේ සිට පහළම සේවකයා දක්වා ඒ ආකල්පයෙන් යුතුව වැඩ කළා. අවශ්‍ය නැති අය ඉවත් වෙලා ගියා.
මුල් කාලයේ සේවකයන් 14ක් 15ක් වගේ ප්‍රමාණයක් තමයි සේවය කළේ. දැන් සේවකයන් 53ක් වගේ ප්‍රමාණයක් සේවය කරනවා.
නැහැ. අපි විශේෂයෙන්ම කජු සම්බන්ධව පැවැත්වෙන අන්තර්ජාතික සම්මන්ත්රණ සඳහා සහභාගි වෙනවා. අනිත් රටවලට නම් මේ සම්බන්ධ ව්‍යාපාර සිදුකරන්න විශාල සහයෝගයක් රාජ්‍ය අංශයෙන් ලබාදෙනවා.
අපි අප්‍රිකානු රටක් ගත්තොත් ඒ රටවල රජයේ එකම අරමුණ වන්නේ කජු නිෂ්පාදනය වැඩි කරන්න. ඔවුන් වැඩි වශයෙන් සිදුකරන්නේ කජු ලෙලි විදිහට අපනයනය කිරීම. ඒවා තව තවත් ප්‍රවර්ධනය කරන්න රජය විසින් කිලෝග්‍රෑම් එකකට යම් ගණනක් අතිරේකව ගෙවනවා. ඒ වගේ විශාල සහයෝගයක් රාජ්‍ය අංශයෙන් එම රටවල කජු ආශ්රිත ව්‍යවසායකයන්ට ලබාදෙනවා.
අන්තර්ජාතිකව මේ සම්බන්ධයෙන් පිහිටුවාගත් සමුළු රැසක් තිබෙනවා. අපි ඒ හැම එකකටම වාගේ සහාභාගි වෙනවා. නමුත් අපි දැකල නැහැ ලංකාව නියෝජනය කරමින් කජු සංස්ථාවෙන් කවමදාකවත් මෙවැනි සමුළු සඳහා සහාභාගි වී සිටිනවා. අපි තමයි ශ්‍රී ලංකාවෙන් නියෝජනය කරන එකම පිරිස වෙන්නේ. ඒක රාජ්‍ය අංශයෙන් සිදුවන බරපතළ අඩුපාඩුවක්.
ලංකාවේ කජු සංස්ථාවක් තිබෙන්නේ ඒවායේ ප්‍රවර්ධනය උදෙසා වැඩකටයුතු කරන්න. නමුත් එය සැබෑ ලෙසම සිදුවෙනවාද යන්න ගැටලුවක්.
අපිට රජය විසින් බදු සහනයක්වත්, දිරිදීමක්වත්, ආධාර ලෙස කිසිම දෙයක්වත් ලබාදෙන්නේ නැහැ. අපි මේතරම් දුරක් ව්‍යාපාරය තුළින් පැමිණියේ අපේම වෙහෙස මහන්සියෙන්. අපි මේ සඳහා අවශ්‍ය වෙළෙඳ පොළ සකස් කරගන්නේත් තනියම. නමුත් අනෙකුත් රටවල මෙවැනි මැෂින් නිපදවන්නන්ට රාජ්‍ය මට්ටමින් විශාල සහනයක් ලබා දෙනවා.
අපි යන්ත්‍ර සූත්‍ර සකස් කිරීම සඳහා අවශ්‍ය උපාංග ගෙන්වන්නේ ඉන්දියාවෙන්. අපේ ප්‍රධාන තරගකරුවන්ද ඉන්නේ ඉන්දියාවේ. නමුත් ඔවුන්ට අවශ්‍ය උපාංග ලබාගන්නේ ඔවුන්ගේ රට තුළින්මයි. ඒ නිසා ඔවුන්ට වඩා වැඩි වියදමක් අපිට යන්ත්‍ර සකස් කිරීමේදී දරන්න සිදුවෙනවා. මොකද ඉන්දියාවේ ඉඳන් ලංකාවට ගෙන්වීමේදී ඊට වඩා වැඩි මුදලක් ඒ සඳහා වැය වෙන නිසා. අනෙක් අතින් තාක්ෂණික අතින්ද ඉන්දියාව ඉදිරියෙන් සිටින්නේ. වියට්නාමය වගේ රටවල් තමන්ගේ යන්ත්‍ර වැඩිදියුණු කරන්නේ ඒ රටේ විශ්වවිද්‍යාල සමග එක්තු වෙමින්. නමුත් ඒවායේ සම්පූර්ණ අයිතිය හිමිවෙන්නේ අදාළ ආයතනයට.
ඒ ගැන නම් තිබෙන්නේ හොඳ ආකල්පයක් නෙමෙයි. අපෙන් මැෂින් එකක් අරගෙන වරක් කජු සංස්ථාව විසින් විවෘත විශ්වවිද්‍යාලයට දී තිබුණා. මෙය භාරකර තිබුණේ ඉංජිනේරුවන් තිදෙනෙක්ට. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් දී තිබුණත් අවසානයේ සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, රුහුණ විශ්වවිද්‍යාලයේ ආදී වශයෙන් විශ්වවිද්‍යාල රැසකට මේ යන්ත්‍ර දියුණු කරන්න දී තිබුණත්, ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූයේ නැහැ. නමුත් අපේ තාත්තට පුළුවන් වුණා ඊට වඩා බොහෝ දුරක් මේ මැෂින් එක දියුණු කරලා සකස් කරන්න. ඒ නිසා අපිට අවශ්‍ය දේ කිරීමට හැකි වේවිද, ඒ සංවර්ධන කටයුතු කරන්න පුළුවන් වේවිද කියන සැකය දැන් අපි හිතනවා.
අපිට මේ යන්ත්‍ර නිෂ්පාදනය සම්බන්ධයෙන් සම්මාන රැසක් හිමිවෙලා තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්රදානය කරන 2015 වර්ෂයේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය හා 2011 වර්ෂයේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය. 2013 වර්ෂයේ ශ්‍රී ලංකා ව්‍යවසායක රන් සම්මානය (මධ්‍යම කාණ්ඩය) හා ඒ වර්ෂයේම බස්නාහිර පළාත් හොඳම ව්‍යවසායක රන් සම්මානය, 2013 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය (කුඩා කාණ්ඩ), 2013 වර්ෂයේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයෙන් ප්රදානය කරන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය, ජාතික කර්මාන්ත මණ්ඩලයෙන් ඉදිරිපත් කරන 2013 වසරේ හොඳම කාර්යසාධන රන් සම්මානය, 2012 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය - ඉංජිනේරු අංශය, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 2012 වර්ෂයේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය ආදී වශයෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි වෙලා තිබෙනවා.
ව්‍යාපාරය ආරම්භ කරනකොට සේවාදායකයා හා සම්බන්ධවෙලා හිටපු ලංකාවේ එකම නියෝජිතයා මම. මම තාත්තත් එක්ක සිටිමින් ඔහුගේ වැඩට සහයෝගය ලබා දුන්නත් තාක්ෂණික දැනුම ගැන මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ප්‍රවර්ධන ක්‍රියාවලියේදී පාරිභෝගිකයාට මැෂින් එක පිළිබඳ පැහැදිලි කරන්නේ මම. වීඩියෝවලින් හරි ඒ හඳුන්වාදීම සිදුකරන්නේ මම පළමුව ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා. ඒ වගේ හැමදෙයක්ම මම කරනවා. ඒ නිසා මේ සමස්තය ගැනම යම් දැක්මක් මට තිබෙනවා.
මම කුමන වෙලාවකවත් මට බැහැ කියන තැන හිටියේ නැහැ. මම දකින විදිහට නම් කාන්තාවට හැකියාව තිබෙනවා. නමුත් ඒ සඳහා තිබෙන බාධක පිරිමින්ට සාපේක්ෂව වැඩියි. මොකද කාන්තාව බැඳීම් ගොඩාක් සමග සිටින නිසා. මට වුණත් බබාලා තුන්දෙනෙක් ඉන්නවා. මම මේ ව්‍යාපාරයට යන්න ප්‍රථම බබාලගේ ආරක්ෂාව, ඔවුන්ගේ කෑම බීම, මගේ ස්වාමිපුරුෂයාගේ වැඩකටයුතු ආදී සියල්ලක් ගැනම බලන්න ඕන.
ඇත්තෙන්ම සමහර තැන්වලදී ළමයින්ට අසාධාරණකම් සිද්ධවෙලා තිබෙනවා. මගේ පළවෙනි බබා හම්බවෙලා සතියෙන් මම බබත් අරගෙනම වැඩ කරන්න ගියා. ඒ වගේම මගේ පොඩි පුතා හම්බවෙලා ගෙදර එන දවසේ සම්මානයක් සඳහා අයදුම් කරන්න තිබුණා. ඒ යන අවසන් තත්පරයේදී පවා මම ඒ සඳහා අවශ්‍ය ලියවිල්ල සකස් කරමින් හිටියේ. මගේ දරුවෝ පොඩි කාලෙ ඒ වගේ දුෂ්කර කාලයක් තමයි තිබුණේ. නමුත් දැන් එයාලා ටිකක් ලොකුයි. ඒ නිසා දැන් මගේ කාලයෙන් වැඩි කොටසක් මම වෙන්කරලා තිබෙන්නේ ඔවුන් වෙනුවෙන්. මොකද මුල් කාලයේ වගේ ව්‍යාපාරයට සම්පූර්ණයෙන් මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. දැන් ඒ වෙනුවෙන් මම යටතේ පුහුණු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මම දැන් වැඩියෙන්ම සිදුකරන්නේ ඔවුන්ව මෙහෙයවන එක.
අපි කුමන ස්ථානයක වැඩ කළත් අපි ඒ ආයතනයේ ප්‍රධානියාට යටත්වෙලා ඔවුන් කියන දේ කරගෙන ඉන්න ඕන. නමුත් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන එක හොඳයි. මොකද ඒක හරිම නිදහස්. අනෙක් අතට ප්‍රධානියෙක් යටතේ සිටින විට අපේ කිසිම දියුණුවක් හෝ නව නිර්මාණයක් බිහිවෙන්නේ නැහැ. මොකද අපි කරන්නේ අපේ ප්‍රධානියාට අවශ්‍ය දෙය. නමුත් ව්‍යාපාරයක් කරද්දී දවසින් දවස ලොකු අභියෝග එනවා. අපි ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගන්නවා. මමත් ගුරුවරියක ලෙසින් සිටියා නම් අදටත් ළමුන්ට උගන්වන දෙයින් පරිබාහිරව කිසිදෙයක් සිදුකරන්නේ නැහැ. නමුත් අද මම ලෝකේ ගැන බොහෝ දේවල් දන්නවා. දවසින් දවස මේ ක්ෂේත්රයේ අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. වැඩිදුර ඉගෙන ගන්න ආසාව, දේවල් අත්හදා බලන්න ආසාව එන්නේ ඒ තුළින්. කාන්තාවක් වීම තුළ නොයෙක් බාධක තිබෙනවා. නමුත් අපි දැනගන්න ඕන ඒ බාධක මගහරවාලමින් සාර්ථකව ව්‍යාපාරයේ ඉදිරියට යන්න.
popular news
Suraj Saturday, 15 October 2022 02:24 AM
කජු මැෂින් එකක මිල කීයද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd