‘‘මනුස්සා (මන+උස්සා) නැතහොත් මනස උසස් කර ගනිමින් බුද්ධිය වර්ධනය කරගැනීමට හැකියාව ඇති පරිණාමයේ ඉහළම තලයක සිටින සත්ත්ව කොට්ඨාසය වනුයේ මිනිසාය. එහෙත් මිනිසා තුළ පවතින චිත්තා වේගයන් හේතු කොට ගෙන මුළු ශරීරයම ඇවිස්සීමකට භාජනය වේ. මෙයින් සිදුවන්නේ තමන් මවාගත් අදහසට අනුව මොළය විසින් අදාළ ග්රන්ථීන්වලට පණිවුඩ යවනු ලැබීමයි.
මෙයට ප්‍රතිචාර දක්වන එම ග්රන්ථීන් එයට අනුකූල වන හෝමෝන ලේ ධාතුවට ශ්‍රාවය කරනු ලබයි. එයින් ලේ ධාතුව අපිරිසිදුවන අතර, එම අපිරිසිදු ලේ හෘදය මාර්ගයෙන් මූළු ශරීරය පුරාවට විසිරුවයි.
මේ අනුව උසස් මනසක් ඇති මිනිසා අමුනුෂ්‍යයන් සහ තිරිසනුන් ලෙස කටයුතු කරන බව අපට වර්තමාන සමාජය දිහා බලන විට හොඳින් පෙනී යන කරුණකි. මේ සියල්ලක්ම ඇතිවන්නේ සිතුවිලි (Thoughts) හා චිත්තාවේග (Emotions) මුල් කරගෙනයි. චිත්තාවේග හා සිතුවිලි එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් දෙකක් බවත්, ඒ වගේම එම ක්රියාකාරීත්වයන් සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳවත්, වර්තමාන විද්‍යාඥයන් පර්යේෂණ මගින් යම් දුරකට සොයා ගෙන තිබේ.
ඒ අනුව සිතුවිලි, මොළයේ මතුපිටින්ම ඇති ‘සෙබ්රල් කෝටෙක්ස්^ (cerebral Cortex) හි ඇති ‘‘න්‍යුරෝන (Neurons)වල ආධාරයෙන් පණිවිඩ ගමන් කිරීම නිසා සිදුවන බවද චිත්තාවේගවලට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ මොළයේ ඇති ‘‘ඇමිග්ඩෙලා (Amygdala) නම් කුඩා ග්‍රන්ථිය බවද සොයාගෙන තිබේ. මෙම පද්ධතියට ලිම්බික් සිස්ටම් (Lymbic System) යනුවෙන් බටහිර ජීව වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වයි. මෙම පද්ධතියට ලිම්බික් සිස්ටම් (Lymbic System) යනුවෙන්ද බටහිර ජීව වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබනවා.
මේ ‘‘ඇමිග්ඩෙලා (Amygdala) පාලන මැදිරියක් සේ ක්‍රියා කරමින් ඒ ඒ චිත්තාවේගවලට අනුකූලව අදාළ ග්රන්ථීන්වලට පණිවිඩ යවමින් අදාළ හෝමෝන රුධිරයට ශ්‍රාවය වීමට කටයුතු කරයි. ඉන්පසු එම රසායනික ද්‍රව්‍ය සහිත වූ අපිරිසිදු වූ ලේ මුළු සිරුරේ සියලුම සෛල තුළ ගමන් කරයි.
රුධිර ධාවන පද්ධතියේ පොම්පය නැත්නම් පාලන මැදිරිය, හදවත බවද විද්‍යා පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මේ අනුව චිත්තය සහ හදවත අතර ඇති සබඳතාවත්, මොළය (මනස/මනෝ) හා සිතුවිලි අතර ඇති සබඳතාවත් මීට අවුරුදු 2500කට පෙරදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කර ඇති ආකාරය සම්බන්ධයෙන් බොහෝ විද්වතුන් මවිතයට පත් වී සිටිනවා.
චිත්තාවේගයන්හි ක්‍රියාකාරීත්වය මුළු ශරීරය පුරාම සිදුවන ක්‍රියාවලියක්. ඒ නිසා චිත්තයේ ඇවිස්සීම මුළු ශරීරයේම ඇවිස්සීමක් වෙනවා. මෙහිදී අප ඉහත දැක් වූ පරිදි අපිරිසිදු වන ලේ ධාතුව හෘදය ආධාරයෙන් ශරීරය පුරා විසිරුවා හැරෙන නිසා හෝමෝනවල අඩංගු රසායනික ද්‍රව්‍යයන් අනුව මුළු ශරීරයේම සියලු පද්ධතීන්හි ක්රියාකාරීත්වයේ වෙනසක් සිදු කරනවා.
අපේ සිතේ පමණක් නොවේ ගතේ ද ඇතිවන මේ ඇවිස්සීම නිසා ශරීරයේ මාංශ පේශීන් හා අවයව තද වීමකට හෝ දැඩි පීඩනයකට පත්වෙනවා. අපට දැනෙන මෙම අපහසුතාවෙන් මිදීමට ආවේගයන් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙයින් සිදුවන්නේ තද වුණ මාංශ පේශීන් බුරුල් (Relax) වීමයි. මේ ගැන තවදුරටත් විග්රහ කළොත්, බයක් දැනුන විට - ඇඩ්රිනලින් (Adrenalene) හෝමෝනය විෂ රසායනික ද්‍රව්‍ය රුධිරයට එක් කරනවා. මේ අනුව මුහුණපා ඇති අවදානමින් බේරීමට ක්ෂණික ශක්තියක් ලබා දෙනවා. එමගින් සිදුවන්නේ හදවතේ ගැස්ම වැඩිකර ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අක්‍රිය කරමින් ශරීරයේ සියලු පද්ධතීන් තුළ ක්ෂණික වෙනසක් ඇති කිරීමයි. එවිට අපේ මාංශ පේශීන් තද වී අපට පැන දිවීමට හෝ අවදානම ඉවත් කරගැනීම සඳහා ශරීරය සූදානම් කරනු ලබනවා. එවිට අප චිත්තාවේගයට අවනතව ආවේගශීලීව සටන් කිරීමට හෝ එයින් පැන දිවීම කරනු ලබනවා. %Fight Or Flight Response^ යනුවෙන් මෙය හඳුන්වනවා.
ආශාවක් ඇති වූ විට - එය ලබා ගැනීම සඳහා අපමණ වූ උත්සාහයක යෙදේ ශෝකයක් ඇති වූ විට - කෑ කෝ ගසමින් හඬා වැලපේ. තරහක් ඇති වූ විට - කෑ ගසමින්, පරුෂ වචනයන්ගෙන් බැණ අඬ ගසමින්, බඩු පොළවේ ගසමින්, ගහ ගනිමින් ආවේගශීලීව හැසිරේ. ඇතැම් විට මේවා කෙළවර වන්නේ මිනී මැරුම්වලිනි. නමුත් ප්‍රතිවාදියා බලවත් වුණොත් එයින් ජීවිත හානිය තමන්ට සිදු විය හැකියි.
මේ ආකාරයෙන් චිත්තාවේග ක්‍රියාවට නැංවීමෙන් තමා තුළ ඇති වූ අසහනය දුරු කර ගැනීමට නොදැනම කලා වූ උත්සාහයේ ප්‍රතිඵලය වන්නේ ශරීරයේ තද වුණ මාංශ පේශීන් ලිහිල් වීමයි (Relase Or Tension) මේ නිසා අප සමාජයේ වෙසෙන බොහෝ දෙනා අතර විවිධ ගැටීම් නිතරම සිදු වේ.
යම් කෙනෙකු චිත්වේගශීලීව හැඟීම් බරව සිටිනා විටකදී ‘‘මොකද තද වෙලා* නැත්නම් ‘‘අරයට හොඳටම තද වෙලා* යැයි කියනවා අප නිතර අහලා තියෙනවා. අපට ආවේගයක් ඇති වූ විට නිරන්තරයෙන්ම අපගේ මාංශ පේශීන් තද වීමක් ඇති කර අපගේ සියලු ඉරියව් වෙනස් වෙන්නට පටන් ගන්නවා. මෙය බාහිරව අප දෙස බලා සිටින අයෙකුට හොඳින් පෙනෙන නිසා එවැනි ප්‍රශ්නයක් නිරතුරුවම අසනු ලබනවා.
ඒ වගේම ශෝකයක් ඇති වූ විට ‘‘කෑගහල ඇඬුවාම හිතට මාර සහනයක් දැනෙනවා කියලා අපේ පිළි ගැනීමක් තියෙනවා. ඒ වගේම ‘&‘එයාට හොඳවැයින් දෙකක් දීපු නිසා’’ එහෙමත් නැත්නම් ‘‘එයාට හොඳවයින් දෙකක් කියපු නිසා මට නින්ද යනවා’’ යන මේ හැම කතා බහකින්ම පෙන්නුම් කරන්නේ ඒ ඒ අවස්ථාවන්වලදී ශරීරය තුළ නිරන්තරයෙන් සිදුවන ලිහිල් වීම සහ තද වීමෙන් ඇතිවන සහනය සහ අසහනයයි.
නමුත් මෙවැනි ඇතැම් අවස්ථාවන්වලදී අපට ආශා කරන දේ ලබාගැනීමට, තරහ පැමිණි විටකදී එය පිට කිරීමට හෝ පළිගැනීමට, බය වූ විට, පැන දිවීමට හෝ සටන් කිරීමට, ශෝකයක් පැමිණි විටකදී විලාපදී හැඬීමට හැකියාවක් ඇති නොවන අවස්ථාද තිබෙනවා. එවිට සිදුවන්නේ අසහනයන් වඩ වඩා වර්ධනය වෙලා අධික පීඩනයට පත්වීමයි. (මතුසම්බන්ධයි)
සාකච්ඡා සටහන - අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ