හැටන් යාචකයන්ව අල්ලා පොලිසිය කරපු අපුරු වැඩේ
හැටන් නගරයෙ සැරිසරන යාචකයකන්ව හැටන් පොලිසියේ නිළධාරින් විසින් (25) දින අල්ලා පොලිසිය වෙත රැගෙන ගොස් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කරනු ලැබූහ.
හැටන් නගරයෙ සැරිසරන යාචකයකන්ව හැටන් පොලිසියේ නිළධාරින් විසින් (25) දින අල්ලා පොලිසිය වෙත රැගෙන ගොස් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කරනු ලැබූහ.
වසර 17කට ආසන්න කාලයකට පසුව නුවරඑළිය නගර සීමාව අභයවල පට්ටිපොළ ලෝකාන්තය ඇතුළු ප්‍රදේශවලට සෙල්සියස් අංසක 05ට අඩු දැඩි සීතලක් සහිතව සෙන්ටිමීටරයක පමණ උසකින් සුදු වර්ණයෙන් මල් තුහින පතිත වී තිබීම අද (23) උදෑසන දක්නට ලැබින.
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය රේන්දපොළ ජනපදයේ පස්වලට යට වී ඇති වාහන කිහිපයක් ගොඩ ගැනීමට සහයෝගය දක්වන ලෙස එම වාහන හිමියන් වග කියයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටියි.
2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකාවේ “පුංචි එංගලන්තය” ලෙස හඳුන්වන නුවරඑළියේ (17) දින අලුයම ඇතැම් ස්ථානවල මල් තුහිණ පතිත වී තිබූ අයුරු දක්නට ලැබුණි.සෑම වසරකම දෙසැම්බර් මාසයේදී නුවරඑළියේ මල් තුහිණ පතිත වීම සිදුවන අතර, මෙම වසර මුලදී, නුවරඑළියේ උද්‍යාන සහ තේ වතු වල මල් තුහිණ පතිත වීම දක්නට ලැබුණි.
මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.රෝල්ස් රොයිස් සමාගමේ එකේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් එම සමාගම නිර්මාණය කරන Phantom Centenary Edition මාදිලියට අයත් මෙම මෝටර් රථ නිපදවා ඇත්තේ ඒකක 25ක් පමණි.එම ඒකක 25න් එකක් මෙසේ ඩඩ්ලි සිරිසේන මහතා මිලදී ගෙන තිබේ.
හම්බන්තොට සයිනෝපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරනවා - ඇමති විජිත
ලොරි රථය ගැටීමට පෙර රියදුරු ලොරි රථයෙන් පැන තිබෙයි .රියැදුරු සුළු තුවාල ලබා රඹුක්කන රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලිසිය පවත්වයි .
නුවරඑලියේ ග්‍රෙගරිවැවට ගොඩබෑමේදි (07) දින අනතුරට පත් පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා සැහැල්ලු ගුවන් යානය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරින්ගේ අධීක්ෂණය යටතේ (08) දින ගොඩ ගැනීමට උත්සහ කලද එම ගුවන් යානය ගොඩ ගැනීමට අපහසු නිසා එම ගුවන් යානය ගොඩ ගැනීමට වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master divers) සේවය ලබා ගැනීමට කටයුතු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිළධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පැවසීය.
නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබෑමට ගිය සී ගුවන් යානයක් අනතුරට. ගුවන් නියමුවන් දෙදෙනා රෝහල් ගත කෙරේ.
නායයෑමේ අවධානමක් හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා ඇති කොත්මලේ තවලන්තැන්න කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය කොත්මලේ තවලන්තැන්නේ පිහිටි තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යැමට තීරණය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
මඩකලපුවේ මන්මුනයි දකුණු එරුවිල් පත්තු ප්‍රදේශයේ ඔන්තාචිමඩම් වෙරළට ඉන්දීය ජාතික ධජයක් සහිත යානයක කොටසක් අද උදෑසන ගොඩගසා ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත්,Clean Sri Lanka වැඩසටහනත් යටතේ ක්‍රියාත්මක වන Star garment pvt ltd මූල්‍ය දායකත්වය ඇතුව Dream Destination ව්‍යාපෘතියට අනූව නවීකරණය වූ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය අද (02) දිනයේ දී නවීකරණය කර ජනතා අයිතියට පත්කෙරුණ.
ගාලු පාරේ අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද (1දා) උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදී එහි රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
දිට්වා සුලි කුණාටුවෙන් පසු නායයෑමට ලක් වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සංවර්ධන කාර්යාලය යටතේ පවතින මාර්ග දෙපස ප්‍රතිසංස්කරණය කිරිමෙන් පස් කියුබ් ලක්ෂ 3-4ක් ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ජාත්ක ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණය කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය තුළ අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට සහ නිවාස අහිමි වූවන්ට රජය මඟින් ලබා දෙන සහන හා රුපියල් 25000 ඇතුළු මුදල් මෙතෙක් නොලැබීම පිළිබඳ ගම්වාසින් සමග කරගස්තලාව සුගතාරාම විහාරාධිපති කළුගල කාශ්‍යප හිමි ඇතුළු සංඝරත්නය ප්‍රාදේශීය ලේකම් හමුවීමට (29) දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගම්වාසීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා දිවෙන කිලෝ මිටර් 34 කින් පමණ සමන්විත මර්ගය ස්ථාන 53 කින් දැඩි ලෙස නායයෑමට ලක් වීම නිසා මීමුරේ ඇතුළු ග්‍රාම නිලධාරි වසම් පහක මාර්ග පද්ධතියට සහ විදුලිය මෙන්ම යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වි තිබේ. මේ හේතුව නිසා මේ වන විට මාසයකට ආසන්න කාලයක් ඔවුහු තම ගම්මානවලටම කොටු වී සිටිති. ශ්‍රී ලංකා යුද හමුදාව මූලික වී මාර්ගය පිළිසකර කිරීම ඇතුළු යටිතල පහසුකම් ලබා දීම සහ සහ විදුලි බල මණ්ඩලයේ
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ විසිර යාමේ පෙළපාලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුකායක ගුවන් හමුදා මූලික කදවුරෙදී අභිමානවත් අයුරින් පැවැත්විනි.
චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ ශ්‍රී ලංකා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතාට යුනාන් පළාත් රජය විදේශිකයෙකුට පිරිනමන ඉහළම සම්මානය පිරිනමා ඇත.
දිත්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 27 වනදා අළුයම වත්තේගම දුම්රිය ස්ථානයේ නතර වූ මාතලේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය දින 26 ක් තිස්සේ එම දුම්රිය ස්ථානයේ සිර වී තිබේ. මහනුවර දෙසට ගමන් කරන දුම්රිය මාර්ගය මෙන්ම මාතලේ දෙසට ගමන් කරන දුම්රිය මාර්ගයද දැඩි ලෙස ආපදාවට ලක්ව තිබීම නිසා මෙම දුම්රිය කිසිදු පැත්තකට ගෙනයා නොහැකි තත්වයේ පවතී. කෙසේ නමුත් දුම්රිය සාමාන්‍ය තත්වයෙන් පවතින බවත් දිනපතා පණ ගන්වා දෙපැත්තට සුළු දුරක් ධාවනය
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා Indra Traders (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100 මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.
“දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයේ මහිම”වැඩසටහන යටතේ පසුගිය දින වල පැවති ආපදාවෙන් විනාශයට පත්වූ උමා ඇල අමුණ ප්‍රතිසංස්කරණය කර මහ කන්නය සඳහා දියවර නිකුත් කිරීම සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ (17) වෙනිදා සිදුකෙරිණි.
“දිත්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම” අධිෂ්ඨානයේ මහිමය යටතේ කැඩි බිදි ගිය බත්මැඩිල්ල ප්‍රධාන ඇලේ පැති බැම්ම ඉඳිකිරීම මේ දින වල සිදු කෙරේ.
කොටගල සිට අඹේවෙල දක්වා දුම්රිය ධාවනය කිරිම අතිදුෂ්කර බව දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවන් කියයි. ග්‍රෙඩ්වෙස්ටන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ නායයෑම පළමු වරට මාධ්‍යට.
ලංකාවේ භූමියෙන් සියයට 30 ක් නායයෑමේ අවදානමක පවතින බවත් දිස්ත්‍රික්ක 14 ක මෙම භූමිය පැතිරී ඇති බවත් 2025.05.16 වන දින ’අද’ පුවත්පත මගින් හෙළි කළ අයුරු
අයහපත් කාලගුණය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධතිය පිළිසකර කිරීමේ ”දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම” වැඩසටහනට (13) වෙනිදා ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා එක්වූහ.
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය.
ලංකාවේ ප්‍රථමවරට සවිකළ උපාංගයක් ස්ථාපිත කරමින් ගෙලෙහි සුෂුම්නාවේ ශල්‍යකර්මයක් සිදුකිරීමට විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතාට හැකිවිය.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව (11) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය.