මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන්  වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය නිසා සමස්ථ ලෝකයටම අහිතකර බලපෑමක් ඇති වුවද , එය ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් විවෘතව තිබේ.

ඒ අනුව ඉතාලියේ නිෂ්පාදිත නවීනතම ලැම්බෝගිනි මෝටර් රථ 14 ක් , එරට සිට මුහුදු මාර්ගය ඔස්සේ හම්බන්තොට වරාය වෙත ගෙනැවිත් , එතැන් සිට අඩි 40 ක් දිග බහාලුම් 07 ක බහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඉන්පසු ඒවා විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක පටවා , කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන යාමට පියවර ගෙන තිබීමයි .

මෙම එක් මෝටර් රථයක අවම මිළ ශ්‍රි ලංකා රුපියල් කෝටි 50 ක් වන අතර එහි ස්පෝට්ස් කාණ්ඩයේ රථයක  මිළ රුපියල් කෝටි 100 ක් පමණ වන බවත් , ඒ අනුව නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගය නිසා ශ්‍රී ලංකාවට ද ආර්ථික වශයෙන්  වාසිදායක තත්වයක් උදා වෙමින් පවතින බවත් , මෙම මෝටර් රථ ප්‍රවාහනය සදහා භාර ගෙන ඇති ඩෙන්මාර්කයට අයත් සමාගමේ ප්‍රකාශකවරයෙකු පැවසීය. 

මෙම මෝටර් රථ මීට දින කීපයකට පෙර හම්බන්තොට වරායට ගෙනැවිත් තිබූ අතර 08/21 දින උදෑසන මෙම මෝටර් රථ තොගය රැගත් ගුවන් යානය ඩුබායි සහ දෝහා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතය .

එහෙත් රටට වැඩදායක මෙම සිදුවීම වාර්තා කිරීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගිය මාධ්‍යවේදීන් හට ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් අවශ්‍ය සහාය නොමදව ලැබුණ ද , මෙම ගුවන් ගත කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන ගුවන් භාණ්ඩ ගම්මානයේ අපනයන අංශයෙහි සේවයේ නිරත ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීවරුන්ගෙන් , මාධ්‍ය වාර්තාකරණය සදහා අවසරය හිමි නොවූ අතර අප මාධ්‍යවේදීන් වහා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම කනගාටුදායක සිදු වීමකි .     

    

 

0 comments

Leave a Reply

Post Comment