Uncategorized

මොලේ ඇතිව වැට පනින අලි

අධිවේගී මාර්ගයේ මත්තල ගුවන්තොටුපල මාර්ගයේ අන්දර වැව කැලෑවේ සිට අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා වන අලි හේතුවෙන් දැඩි ජීවිත තර්ජනයක් ඇති වී තිබෙන බව වාහන රියදුරන් පවසති.

Uncategorized

මඩේ එරී සිටි සද්දන්තයාගේ පිහිටට ආ යකඩ සද්දන්තයා

පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය ප්‍රදේශයේ මඩ වගුරක එරී සිටි වන අලියෙක් ගොඩගෙන 18 වෙනිදා සවස මාදුරුඔය ජාතික වනෝද්‍යානයට පලවා හැරීමට පිඹුරත්තෑව හා වෙහෙරගල වනජීවී නිලධාරීන් කටයුතු කළහ.

Uncategorized

අග්බෝට සුව වෙන්න තවත් මාස තුනක්

මේ වන විට අග්බො ඇතා අනුරාධපුර , තිරප්පනය - වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටින අතර අද පෙරවරුවේදී ඇතාව නිද්‍රාවට පත් කොට පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එම තුවාල විෂබීජහරණය කොට ප්‍රතිකාර කිරීම සිදු කෙරිණි.

Uncategorized

ඉන්දීය යුද නැවක් ත්‍රිකුණාමලයට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (14) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

බදුල්ල පිළිකා ඒකකයේ ඉදිකිරිම් අවසන් කරන්න රු. ලක්ෂ 750ක් වැය කරන දානපතියා

වසර 2 කට ආසන්න කාලයක් ඉදකිරීම් ඇනහිට ඇති බදුල්ල මහ රෝහලේ නව පිළිකා සායන සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉතිරි ඉඳකිරීම් සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ 750 ක මුදල ලබාදීමට කොලඹ නාවල පදිංචි හිලරි විශ්වජිත් පෙරේරා මහතා කටයුතු කර තිබේ .

Uncategorized

සුවය ලබන අග්බෝට ගොවියෝ තම අස්වැන්නෙන් කොටසක් දෙති

මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් කපා ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා තුන්මසක් ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (12) පස්වරුවේ කටයුතු කළහ.

Uncategorized

ශාන්ත මරියතුමියගේ පිලිරුවේ වම් ඇසින් රත් පැහැයෙන් යුතුව ගැලුවේ මොනවාද?

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ (10) දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් වම් ඇසින් කදුළුවැනි යමක් ගලා ඇති බව එම දේවස්ථානයේ පියතුමන් වන වර්ණකුලසුරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පැවසිය.

Uncategorized

ලෝක විවාහක රූ රැජින ලංකාවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Uncategorized

වනජීවී නිලධාරීන් බැකෝ හොයද්දී සද්ධන්තයා පැය 20ක් වගා ළිඳේ

තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රියේ වැටුණු වන අලියකු ගොඩ ගැනීම සඳහා අද (05) දවස පුරා වන ජීවී නිළධාරීන් උත්සහ කළද පස්වරු 03.00 පමණ වන විටත් වන අලියා ගොඩට ගැනීමට නොහැකි විය.

Uncategorized

බලධාරීන් කෝටි ගණන් ඇස්තමේන්තු සැකසූ වැව ගොවි සමිතය ලක්ෂ තුනෙන් හදයි

රුපියල් කෝටි ගණන් ඇස්තමේන්තු සකසා මුදල් නොමැති වීම හේතුවෙන් බලධාරින් මග හරිමින් සිටි ගල්ලෑව පුරාණ වැව ගල්වීරගොල්ලෑව ගොවි සමිතිය විසින් රුපියල් ලක්ෂ තුනාහමාරක් වැනි සුලු මුදලක් වැය කරමින් සාර්ථාක ලෙස ප්‍රථිසංස්කරණය කල බව ගම්වාසීහු පවසති.

Uncategorized

වෙල්යායක පුලුන් රොදක් වැනි වැනි යමක්

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත ප්‍රදේශය හරහා වෙල් යායක් මැදින් ගලා බසින ඇල වේල්ලක දින පහක පමණ සිට සුදුපැහැති විශාල ප්‍රමාණයේ හදුනා නොගත් පුලුන් රොදක් වැනි යමක් හට ගැනීමෙන් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් මතුව ඇතැයි ජනතාව චෝදනා කරති.

Uncategorized

රන්දෝලී පෙරහැරේ අලි - ඇතුන්ට ගෞරව ලැබෙද්දී, පෝ දින තඹුත්තේගමදී සද්ධන්තයෙක් අවසන් ගමන් යයි

මෙම වන අලියා ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිමේ රක්ෂිතයේ මායිමට වන්නට ජීවිතක්ෂයට සිටි අතර, අද (30) අලුයම මෙම වන අලියා මෙම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කරන බව වනජීවි නිළධාරීන් පැවසීය.

Uncategorized

ජනක කාංචනගෙන් අටවන ගිනස් වාර්තාවක්

තම දෑත් මත තබාගත් කිලෝ ග්‍රෑම් 22 ක බරින් යුත් කොන්ක්‍රීට් කුට්ටියකට, කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළදී එවැනි කුට්ටි 26 ක් කඩා දමා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට හඟුරන්කෙත පල්ලේබෝවල පදිංචි ජනක කාංචන මුදන්නායක ඊයේ (29) සමත් වූහ

Uncategorized

මහනුවරට නව නගර දුම්රිය නැවතුම් පොළක්

මහනුවර නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස සියලු ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ගුඩ් ශෙඩ් ඉදිරිපිට ඉදි කිරීමේ සැලැස්ම වසර හතක් තිස්සේ සාකච්ඡාවට පමණක් සීමා වී ඇති බවත් එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Uncategorized

අපේ අය අපිරිසිදු කළ වෙරළ පිට රට අය පිරිසිදු කරයි

අපේ ඇත්තන් අසීමාන්තිකව අපිරිසිදු කළ අම්බලන්ගොඩ වෙරළ තීරය විදෙස් රටවල් වල තරුණ තරුණියන් පිරිසක් අද (29දා) උදේ පිරිසිදු කිරීමට කටයුතු කළේය.

Uncategorized

මහනුවර රජ මාළිගය වටලා ලන්දේසින් ගෙන ගිය දේවල් වලින් නැවතත් ලංකාවට ගේන කෞතුක වස්තු

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් ඊයේ (28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

Uncategorized

යොවුන් සංචාරක රූ රැජින කිරුළ ලංකාවට

ඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින ( Miss Teen Tourism ) තරගාවලියට සහභාගී වී , එහිදී ජයග්‍රාහිකාව බවට පත් වූ නෙළුනී සෞන්දර්යා මෙනවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Uncategorized

මහවැලියත් පතුලටම සිදෙයි

කඳුකර ප්‍රදේශවලට ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කයට මාස ගණනාවක සිට වැසි නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන නියගය සහ ඉඩෝරය නිසා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් අඩු වී තිබේ.

Uncategorized

නාවික හමුදාව ත්‍රිකුණාමලය වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි අරඹයි

නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ත්‍රීකුණාමලය වරාය ඇතුලත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 19 වන දින ත්‍රීකුණාමලය වරාය පරිශ්‍රයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

Uncategorized

මෑත ඉතිහාසයේ වැඩිම මිලක් නියම වූ කහවත්තේ නිල් මැණික

කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමු වූ නිල් මැණිකට මෑත ඉතිහාසයේ වැඩිම මිල වූ රුපියල් කෝටි 43කට අද (16දා) වෙන්දේසියේදී අලෙවි කෙරිණි.

Uncategorized

සිරුරේ අවයව 432ක් විනාඩි 4කින් කියා ලෝක වාර්තා පොතකට යන අපේ දැරිය

මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් විනාඩි 04 ක් වැනි කෙටි කාලයක් තුලදි මතක තබා ගනිමින් නම් කරමින් ලොව ඉහලම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක් පිහිටුවිමට (16) දින බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවිය සමත්විය.

Uncategorized

කිලෝ මීටර් 500ක් යා හැකි විදුලි මෝටර් රථයක් මයික්‍රෝ සමාගමෙන්

එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 500ක් ගමන් කළ හැකි මොටර් රථයක් ශ්‍රි ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට මයික්‍රෝ සමාගම කටයුතු කර තිබේ. MG5 EV ලෙසින් මෙම මොටර් රථය ශ්‍රී ලංකා වෙළඳ පොළට නිකුත් කරයි.

Uncategorized

අපුර - මිහින්තලය දුම්රිය මාර්ගය යළි හදයි

මෙහිදී අනුරාධපුරයේ සිට මිහිනතලේ දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 12 ක දුර ප්‍රමාණයකින් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට නියමිතයි. මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ , දිගුකාලීන විසල් සංවර්ධන වැඩපිළිවෙලක් ඉලක්ක කරගනිමිනි.

Uncategorized

මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය නුවර එළියේදී

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් (12) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Uncategorized

මිනිසුන්ගේ නොමනා වැඩ නිසා තබ්බෝවේ අක්කර 300ක් විනාශයි

තබ්බෝව අභය භුමියෙ ඇතිවු හදිසි ගිනි ගැනීමක් නිසා අක්කර 300 කට වැඩි ප්‍රමණයක භුමියක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.