එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කීර්තිනාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන ලෝක ප්රසිද්ධ පාපන්දු ක්රීඩක ඩෙවිඩ් බෙකම් නවතම වීඩියෝවක් හරහා ළමා හිංසනය පිටුදැකීමට එක්ව සිටී.
මිනිත්තුවක් පුරා දිවෙන මෙම වීඩියෝවෙන් දරුවන්ට එරෙහිව සිදුවන කායික හා මානසික හිංසන පිටුදැකීම සඳහා වන පණිවුඩ නිරූපණය කෙරේ.
ඒ ලොව වැඩි අවධානයක් දිනූ බෙකම්ගේ සිරුරේ ඇඳුණු ටැටූ විලාසිතා හරහා ගෙනෙන කතාවක් අයුරෙනි. එය සැබැවින්ම කාටූන් රූප පෙළක් සේ ඔබට දිස්වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඩේවිඩ් බෙකම් සඳහන් කරන්නේ ලෝකය දරුවන්ට සුරක්ෂිත මෙන්ම සතුටුදායක තැනක් බවට පත්කිරීම සඳහා තමන් හැකි පමණින් දායක වන බවයි. එමෙන්ම පසුගිය වසරේ තමන් යුනිසෙෆ් නියෝජිතයෙකු ලෙස කාම්බෝජියාවේ සංචාරය කළ අවස්ථාවේදී දරුවන් අත්විඳි හිංසනයන් පිළිබඳ දැනගැනීමෙන් තමන් කම්පනයට පත්වූ බවද ඔහු සඳහන් කළේය.
දරුවන්ට එරෙහිව සිදුවන කායික මානසික හිසංනයන් පිළිබඳ සැලකීමේදී 2015 වර්ෂයේ මෙරට දරුවන් 735 දෙනෙකු ලිංගික අතරවයට පත්ව ඇත.
එසේම අතවර සිද්ධීන් 433ක්ද බරපතල ලිංගික අතවර සිද්ධීන් 365ක්ද නොසලකා හැරීමේ සිද්ධීන් 885ක්ද වාර්තා වී ඇත.
යුනිසෙන් සංවිධානය මෙම තත්ත්වයන් අවම කිරීම සඳහා ශ්රී ලංකා රජය සමඟ කටයුතු කරමින් සිටින අතර විශේෂයෙන් අධිකරන පද්ධතිය තුළින් සිදුවන නඩු කටයුතුවල ප්රමාදයන් මඟහරවා ගැනීම සඳහා කටයුතු යොදමින් සිටියි.
VIDEO