යමෙක් මැරිල ඉපදෙනවානම් ජීවත්ව ඉන්න තත්ත්වයට වඩා සැපදායී ජීවිතයක් ලබන්න ප්‍රාර්ථනා කරනවා. නමුත් ලස්සන වෙන්න කියල විදගත්ත එන්නතක් නිසා මැරෙන්න ගිය ඒප්‍රිල් බ්‍රවුන්ට ආයෙත් ඉපදෙන්න වුණේ අතපය දෙකම අහිමිවයි.
ලොස් ඇන්ජලිස් නුවර ජීවත්වන ඒප්‍රිල් බ්‍රවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. රූපලාවන්‍යාගාරයක සේවය කළ ඇය, තමාගේ ස්වාභාවික සුන්දරත්වය තවත් වැඩි කරගන්න අදහස් කර, ඒ සඳහා Filler ක්‍රමය විසඳුම බවට පත්කරගත්තා. දෑත්, දෙපා හා පසුපස ප්‍රදේශය ආකර්ෂණීය කරගැනීම සඳහා ඇය මෙම Filler එන්නත් උපයෝගී කර තිබෙනවා.
එන්නත් කිරීමෙන් මසකට පසු ශරීරයේ අධික වේදනාවක් හටගැනීම නිසා රෝහල්ගත වන්නට ඒප්‍රිල්ට සිදුවූ අතර, එහිදී ඇය භාවිත කළFiller එන්නත් බාලවර්ගයේ ඒවා බවත්, කොටින්ම කිවහොත් මෙම Filler එන්නත් වල අඩංගුව තිබී ඇත්තේ වැසිකිළි නළ වල කාන්දු වළක්වන සිලිකන් වර්ගයක් බවත් සොයාගෙන තිබෙනවා. ලස්සන වෙන්න අපේක්ෂාවෙන් විඳගත්ත එන්නත් නිසා ඒප්‍රිල් මාසයක් පමණ සිහිමුර්ජා වි සිටි අතර, අවසානයේ ඇයට දෙපා හා දෑත්ද අහිමි කරනු ලැබුවා.
මේ වනවිට සැත්කම් 27කට මුහුණ දී සිටින ඒප්‍රිල් පවසන්නේ ලස්සන වෙන්න අපේක්ෂාවෙන් යමක් කරන්න කලින් දෙවරක් සිතන්න යනුවෙනි.