වර්තමානයේ රටේ ජනගහනයෙන් 52%ක් සිටිනුයේ කාන්තාවන්ය. නමුත් රැකියා නියුක්ති තත්ත්වය ගැනීමේදී පිරිමින්ට සාපේක්ෂව පහළ අගයක් ගනියි. එය යම් ගැටලුකාරී තත්ත්වයකි. ශ්‍රී ලංකාව තුළ ස්ත්රීන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ පැහැදිලි සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වුවද එය සාර්ථක සේවා නියුක්ති තත්ත්වයක් දක්වා වර්ධනය කර ගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ. පසුගිය කාලය දෙස විමසා බැලීමේදී ස්ත්‍රී ශ්රමබළකායේ සහභාගිත්වය පහළ බැස ඇති අතර, උගත් ස්ත්රීන්ගේ හා පුරුෂ සේවා නියුක්ති තත්ත්වය අතරද පැහැදිලි පරතරයක් දැකගත හැකිය. එය රටක ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වයක් ලෙසද දැක්විය හැකිය.
2015 වසරේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රමබල සහභාගිත්වතා අනුපාතය 53.8%කි. ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය මිලියන 8.2කි. මේ අය අතරින් 64%ක් පුරුෂ පාර්ශ්වය වන අතර, ස්ත්‍රී පාර්ශ්වය 36%කි. ඒ තුළින් ස්ත්රීන්ගේ රැකියා නියුක්තිය අතර විශාල පරතරයක් පවතින බව පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අධ්‍යාපනය සඳහා යොමුවීම ඉහළ මට්ටමක පවතී. ප්‍රාථමික අධ්‍යාපන සහභාගිත්වය අනුපාතයන් තුළ ස්ත්‍රී සහ පුරුෂ පාර්ශ්වයන් අතර සමානතාවක් දැක්වුවද උසස් අධ්‍යාපනය තුළ ස්ත්‍රීන් පුරුෂයන් අභිභවා යෑමට සමත්ව ඇත. නමුත් කාන්තාවන් අධ්‍යාපනය තුළ පුරුෂයන් අභිභවාලීමට සමත් වුවද සේවා නියුක්ති තත්ත්වය බැලීමේදී මේ දෙපිරිස අතර පරතරය 30%ක පමණ ප්‍රමාණයක් ගනී.
ස්ත්‍රී, පුරුෂ භාවය අනුව ආර්ථික වශයෙන් ක්‍රියාශ්‍රීලී/ ක්‍රියාශීලි නොවන ජනගහනයේ ව්‍යාප්තිය - 2015
ස්ත්‍රී/පුරුෂ භාවය
ආර්ථික වශයෙන් ක්‍රියාශීලි ජනගහනය
ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනය
|
එකතුව
|
ගණන
|
%
|
ගණන
|
%
|
8,214,473
|
100.0
|
7,067,473
|
100.0
|
පුරුෂ
|
5,255,593
|
64.0
|
1,781,352
|
25.2
|
ස්ත්‍රී
|
3,958,880
|
36.0
|
5,286,121
|
74.8
|
එසේම පුරුෂයන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යෑමත් සමග ඔවුන්ගේ රැකියා වියුක්ති මට්ටම පහළ ගිය නමුත් ස්ත්රීන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යෑමත් සමග ඔවුන්ගේ රැකියා විරහිතභාවයද ඉහළ ගොස් තිබේ.
ස්ත්‍රී-පුරුෂ භාවය හා ලබා ඇති අධ්‍යාපන මට්ටම අනුව විරැකියා අනුපාතයන් - 2015
අධ්‍යාපන මට්ටම
|
එකතුව
|
පුරුෂ
|
ස්ත්‍රී
|
එකතුව
|
4.7
|
3.0
|
7.6
|
අ.පො.ස (සා.පෙ)දක්වා
|
2.7
|
2.0
|
4.3
|
අ.පො.ස(සා.පෙ) සමත්
|
6.4
|
5.1
|
9.0
|
අ.පො.ස(උ.පෙ) හා ඉන් ඉහළ
|
9.2
|
4.7
|
13.5
|
ස්ත්‍රී පුරුෂ සේවා නියුක්තියේ විෂමතාවක් පිළිබඳ අවධානය යොමුකිරීමේදී පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය තුළ කාන්තා සහභාගිත්වය ඉතා පහළ මට්ටමක ඇති බව පෙනීයයි. නමුත් රාජ්‍ය අංශය ගත්විට මෙහි විශාල පරතරයක් දැකගත නොහැකිය. 2016 නොවැම්බර් මස පැවැත්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්ති සම්බන්ධව සංගණයකට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 1,117,808 බව ජන හා සංඛ්‍යාලේඛන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ අතරින් 54.9% ක් පිරිමින් වන අතර, 45.1%ක් කාන්තාවන් වේ. ඒ අනුව පෞද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍ය අංශයේ ස්ත්රීන්ගේ රැකියා නියුක්තියේ ප්‍රවණතාව වැඩිය.
මෙසේ පෞද්ගලික අංශයේ ස්ත්රීන්ගේ රැකියා නියුක්තිය පහළ බැසීමට හේතුව වන්නේ නිපුණතා මට්ටම, ශ්‍රම බළකාය තුළ ස්ත්‍රී සහභාගිත්වය අඩුවීම, උගත් ස්ත්රීන්ගේ සේවා වියුක්ති ඉහළ යෑමට හේතුවිය හැකිය. මෙයට එක් හේතුවක් වනුයේ උසස් පෙළ සමත් වීම ස්ත්‍රීන්, පුරුෂයන්ට වඩා ඉහළ සාර්ථකත්වයක් ලබා ගත්තද උසස් පෙළ හැදැරීමේදී කලා අංශයෙන් විෂයන් හැදැරීමට ස්ත්‍රීන් වැඩි නැඹුරුතාවක් දැක්වීමය. මීට අමතරව අනෙකුත් සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික සාධකද මේ සඳහා බලපායි.
එසේම වර්තමාන රැකියා වියුක්ති උපාධිධාරිනියන් සම්බන්ධව සලකා බැලීමේදී පැහැදිලි වනුයේ ඉන් බහුතරයක් කලා උපාධිධාරීන් වේ. මේ නිසා ලංකාවේ අධ්‍යාපනය තුළ වෙනස්කම් සිදුකළ යුතුය. එනම් අධ්‍යාපනය තුළ වෘත්තිමය මට්ටමක් ඇති කළ යුතුය. එසේම ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම සහභාගිත්ව අනුපාතය දියුණුකර ගැනීම සඳහා ක්‍රම‘වේදයක්ද සකස්කර උගත් කාන්තාවන්ගේ විරැකියා තත්ත්වයට පිළියම් යෙදිය යුතුය.
සටහන - සරසි නෙත්මිණි