ADA
www.ada.lk
2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා
මගේ ජීවිතය යළි මට ලැබුණා යැයි ඇය හැඬු කදුළින් ලොවට පැවසුවේ බටහිර වර්ජිනියා විවාහක රූ රැජින කිරුළ දරමිනි. පිළිකාව සමග ජීවන අරගලයේ යෙදෙන 36 හැවිරිදි ඇය සාරා වයිට් නම් වෙයි. 2015 වර්ෂයේ ඇය පියයුරු පිළිකාවට ගොදුරුවී ඇති බවට ලක්ෂණ පළකර ඇති අතර, පසුව එම පිළිකා සෛල ඇගේ පපු කුහරය, කොදුඇට පෙළ හා පෙනහළු දක්වා පැතිරී ඇති බව සොයාගෙන ඇත. මෙලෙස පිළිකාව ඇයගේ ජීවත් වීමේ කාලය ක්‍රමයෙන් පහළ දමද්දී ඇය තමන්ගේ ආශාව මුදුන්පත් කරගැනීම සඳහා Mrs. All-Star United States Pageant නමැති තරගයට සහභාගි වී ඇත.
එහි ජය තහවුරු කරගනිමින් ඇය බටහිර වර්ජිනියාවේ විවාහක රූ රැජින කිරුළට හිමිකම් කීවාය. සිය පාසල් සමයේ Miss Teen West Virginia USA තරගාවලියට ඉදිරිපත්ව ඇති ඇය රූ රැජිනක් වීමේ සිහිනය සඵත කරගනු ලැබුවේ දරුවන් දෙදෙනෙකුගේ මවක මෙන්ම පිළිකාව සමග පොරබදන කාන්තාවක් ලෙසිනි.
"මම කුඩා වයසේදී කිරුළක් පලඳින්න සිහින මැව්වා. මේ වෙලාවේ මට ජීවිතයේ අරමුණක් තිබුණා. මම කැමතියි සියලුම කාන්තාවන්ට කියන්න පිළිකාවක් නොවේ වෙනයම් බාධකයක් තිබුණත් ඔබට ජීවිතය ජීවත් කරන්න සිදුවෙනවා. රෝගී වෙනවා කියන්නේ මරණ දණ්ඩනය නියම කළා නොවෙයි. ඔබට තවමත් රැජිනක් වීමට කාලය තිබෙනවා. අද මට දැනෙන්නේ යළි මගේ ජීවිතය ලැබුණා වගේ" යැයි ඇය කිරුළ දරමින් පැවසුවාය.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ඉදිරි වසර පහකදී අවසන්
පාස්පෝට් කන්තෝරුවෙන් දැනුම් දීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd