Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
වසරකට කුස තුළ මියයන දරුවන් 1730ක ප්‍රමාණය අඩු කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීමට 'ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ' දායකත්වය ලබාදීමට නිතැතින්ම සූදානම්ව සිටී.
විශේෂයෙන්ම අප රටේ 2015 වර්ෂයේ දත්තවලට අනුව සජීවී දරු උපත් 334,000ක් වාර්තා වී ඇති බවත්, පරාජන්මීය අවධිය ලෙස සැලකෙන ගර්භයට සති 28ත් දරුවෙකු ඉපදී මුල් දින 28ත් අතර කාලය තුළ 2015 වර්ෂයේදී දරුවන් 3283ක් මියගිය බවත්, ශ්‍රී ලංකා පරාජන්මීය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළේය.
ඊයේ 22දා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සම්මන්ත්රණ‘යේදී ඒ මහතා සඳහන් කළේ මෙම මරණවලට හේතුවන නොමේරු දරු උපත්, අඩුබර දරුවන්, ප්‍රසූත සංකූලතා සහ උපත් ආබාධ යනාදිය තවදුරටත් අවම කරගැනීම වෙනුවෙන් තම සංගමය ප්‍රසව හා නාරිවේද, ළමා රෝග හා ප්‍රජා වෛද්‍ය යන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හා අදාළ ක්‘ෂේත්‍රවල විද්වතුන්ගේ සහභාගිත්වයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.
මේ අනුව මේ වසරේ එම සංගමයේ වාර්ෂික සැසිය අද (23දා) හා හෙට (24දා) යන දින දෙකේදී කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා දේශීය හා ජාත්‍යන්තර විද්වතුන්ගේ සහභාගිත්වය ඇතිව පරාජන්ම මරණ අඩුකිරීම උදෙසා වූ ක්‍රියාමාර්ග සහ තාක්ෂණික දැනුම ලබාදීම සිදුකෙරෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව කලාපයේ අඩුම මාතෘ මරණ හා ළදරු මරණ අනුපාත වාර්තා කරන රටක් ලෙස සැලකෙන අතර, විශේෂයෙන් අප රටේ සජීවී දරු උපත් 1000කට මියයන දරුවන් සංඛ්‍යාව 8.2ක අගයක් ගනී. එමෙන්ම පසුගිය වසරේ මාතෘ මරණ වාර්තා වී ඇත්තේ 112කි. මේ අනුව අප රටේ සිදුවන මාතෘ මරණ හා ළදරු මරණ ඉතා අඩු අගයක පවතින බව පෙනී යයි.
මෙම මරණ අතරට එකතුවන්නේ බොහෝවිට වළක්වා ගැනීමට නොහැකි තරම් වූ සංකීර්ණ අවස්ථාවන්ට මුහුණදෙන මවුවරුන් හා දරුවන්ය.
අප රටේ ළදරු මරණ අනුපාතය සජීවී දරු උපත් 1000කට 8.2ක් ලෙස සඳහන් වන්නේ ඉපදී දින 365ක් ගතවන්නට පෙර සිදුවන මරණය. මේ මරණ අතරින් 72%ක් මිය යන්නේ පළමු දින 28 දීය. එම 72% අතරින් 61%ක් මිය යන්නේ පළමු දින 07 ඇතුළතය. එම 61%න් 35%ක් මිය යන්නේ පළමු පැය 24 තුළදීය.
මෙකී මරණවලට හේතු ලෙස නොමේරු දරු උපත්, අඩුබර දරු උපත්, උපතේ ඇතිවන ආබාධ, ආසාදන ආදිය හඳුනාගෙන ඇත.
විශේෂයෙන්ම අප රටේ මළදරු උපත් 5.3%ක අගයක් උසුලයි. එසේම පරාජන්ම මරණ අනුපාතය 10.1%ක අගයක් උසුලයි. පරාජන්ම මරණ දෙස බලන විට සති 28න් පසු කුස තුළදී දරුවන් 1728ක් මිය යන බවත්, ඉපදී පළමු දින 7 තුළ දරුවන් 1555ක් මිය යන බවටත් වාර්තා වේ.
කුස තුළට එක්වන සෑම දරුවෙකුම වැදගත් යැයි සලකමින් ශ්‍රී ලංකා පරාජන්මීය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම අගයන් තවදුරටත් අඩුකර ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටී.
අප රටේ මවුවරුන් ගර්භිණී වී සති 12ක් ඇතුළත ලියාපදිංචි වන අතර, රජය හා සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන සේවාවන් සඳහා 82%ක්ම ලියාපදිංචි වේ. එමෙන්ම ගැබිනි මවුවරු 99%ක්ම පූර්ව ප්‍රසව සායන තුළින් වෛද්‍ය සුපරීක්ෂණය ලබාගනිති.
අප රටේ මවුවරුන්ගෙන් 99.9%ක්ම රෝහලකදී දරු ප්‍රසූතියන් සිදුකරන අතර, එයින් 94%ක්ම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ තම දරු ප්‍රසූතියන් සිදුකරයි. මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් කලාපයේ අනෙක් රටවල් වාර්තා කරන්නේ 40%කටත් වඩා අඩු අගයකි. අප රටේ පෞද්ගලික රෝහල් හරහා දරු ප්රසූතියන්ට මුහුණදෙන මවුවරුන් ගත්විට එය 5%ක් තරම් අඩු අගයක් ගනී.
මෙලෙස මෙලොවට උපත ලබන නව ජන්මීන්ට පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා නිවසේදී සත්කාර සේවා ලබාදීම සිදුකෙරෙන අතර එය 92%ක් තරම් ඉහළ අගයක් ගනී.
මෙය කලාපයේ වෙනත් කිසිදු රටක දක්නට නොලැබෙන තත්ත්වයකි.
මෙවැනි සත්කාර ලබාදෙද්දීත් පරාජන්ම මරණ වාර්තා වීමට බලපාන හේතු සාධක අතරින් සංජනනීය ආබාධ නැතහොත් උපත් ආබාධවලින් මිය යන අගය 20%ක් පමණ වන බව සඳහන්වේ.
එමෙන්ම අපේ රටේ හිස කුඩා දරුවන් කොපමණ බිහිවන්නේද යන්න පිළිබඳවද මේ වනවිටත් පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පර්යේෂණ කිරීමට යොමුවී ඇත්තේ සංජනනීය නැත්නම් උපත් ආබාධ අතරට මොළයේ වර්ධනයේ අඩාළවීම්ද හේතු වී ඇති බැවිණි.
ඒ අනුව එම වෛද්‍යවරුන් කොළඹ ද සොයිසා කාන්තා රෝහල හා කාසල් වීදියේ කාන්තා රෝහල තුළ ඉපදෙන දරුවන්ගේ හිස කුඩා වීමේ තත්ත්ව පිළිබඳ පරීක්ෂණයන් සිදුකරමින් පවතී. ඔවුන් පවසන ආකාරයට මාසයකට එලෙස හිස කුඩාව ඉපදෙන දරුවන් ගණන 10ක් පමණ වාර්තා වී ඇත.
එම දරුවන් ලෙඩුන් නොවුනත් මෙලෙස හිස කුඩාවීමට බලපා ඇති ජානමය හෝ වෙනත් හේතුවක් පවතීද යන්න පිළිබඳ විදෙස් සහයෝගය ඇතිව මේ වනවිට පර්යේෂණ ක්‍රියාත්මක කරමින් තිබේ.
එසේම පරාජන්මීය අවස්ථාවේ මධ්‍ය අවස්ථාව වන ප්‍රසූතියේදී සිදුවෙන ඇතැම් තත්ත්ව වළක්වා ගැනීමට දරු ප්‍රසූතියකදී ළබැඳියෙකු නැත්නම් සහයට අයෙකු තබා ගැනීමට අවස්ථාව ලබාදීම උචිත බව ඔවුන් හඳුනාගෙන තිබේ. මේ වනවිට ඒ සඳහා පහසුකම් සපයන ලෙස වෛද්‍යවරුන්ට, රෝහල් කාර්යමණ්ඩලයට දැනුම්දෙමින් චක්‍රලේඛ නිකුත් කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකර තිබේ.
මේ පිළිබඳ තවදුරටත් සෞඛ්‍ය අංශ හා ප්‍රජාව දැනුම්වත් කිරීම වෙනුවෙන් අද (23දා) දිනයේ පැවැත්වෙන වාර්ෂික අධ්‍යාපන සැසියේදී දැනුම්වත් කිරීමේ පෝස්ටර් නිකුත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඉදිරියේදී දරු ප්‍රසූතියට මුහුණදෙන මවකට ප්‍රසූති අවස්ථාවේදී සහයට තමන්ගේ ළඟම ඥාති කාන්තාවක රඳවා ගැනීමට හැකිවනු ඇත.
මෙය සියලුම රෝහල්වල සිදුකිරීමට පහසුකම් නොමැති වූවත් හැකි සෑම රෝහලකම සිදුකිරීමට සහය ලබාගැනීම මෙම සංගමයේ අපේක්ෂාව වී තිබේ. මීට අමතරව දරු ප්‍රසූතියේදී මවකට දැනෙන වේදනාව අවම කිරීමට 'වේදනාවෙන් තොර ප්‍රසූතිය ඔබේ අයිතියක්' යන මැයෙන් මවුවරුන් දැනුවත් කිරීමේ පෝස්ටර් බෙදා හැරීමක්ද අද දිනයේ සිදුකිරීමට නියමිතය.
මේ යටතේ දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාව අවම කර ගැනීමට මවකට ඇති අයිතිවාසිකම පිළිබඳව දැනුම ලබාදේ. එහිදී ප්‍රසූතියේ අවස්ථා තුන යටතේ ලබාදෙන වේදනා නාශක ක්‍රම පිළිබඳව ඔවුන්ව දනුම්වත් කෙරේ.
විශේෂයෙන් පළමු අවධියේදී පැරසිටමෝල් හෝ වෙනත් වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක්ද, දෙවන අවධියේදී එන්නත් කිරීමක් හෝ ඔක්සිජන් සමග මුසුකරන ලද වේදනා නාශක ඖෂධයක් ආශ්වාස කිරීමට සැලැස්වීම යන ප්‍රතිකාර ලබාදීමද රෝහල් තුළදී සිදුකිරීමටත් සෑම විටම මවුවරුන් දැනුම්වත් කිරීම හරහා ප්‍රසූතියට මවක් සූදානම් කිරීමත් මේ හරහා සිදුකිරීමට නියමිතය.
තවද ඕනෑම මවක මුහුණදෙන අවදානම් තත්ත්වයකදී ළඟම ඇති රෝහලකට ඇතුළත්වීම සිදුකරන බැවින් එම රෝහල්වල සිටින වෛද්‍යවරුන්ට හදිසි අවශ්‍යතාවකදී විශේෂඥ දැනුම දුරකථන හදිසි ඇමතුම් සේවාවක් හරහා ලබාදීමේ ක්‍රමවේදයක්ද අද දින දියත් කිරීම සිදු කරන්නේ තවදුරටත් මාතෘ හා ළමා මරණ වළක්වා ගැනීමටය.
Expert Specialist ලෙස නම් කර ඇති මෙම සේවාව මොබිටෙල් දුරකථන සේවාව හරහා 3636 යන ක්ෂණික ඇමතුම් අංකය යටතේ සම්බන්ධ කෙරෙන අතර ඒ හරහා අවශ්‍ය විශේෂඥ වෛද්‍ය සේවාව වෙත යොමු කරනු ලැබේ. මොබිටෙල් නොවන අනෙක් ඕනෑම දුරකථන ජාලයකින් 071 0 363 636 දරන අංකය හරහා සම්බන්ධ වී විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගැනීමට මේ අනුව වෛද්‍යවරුන්ට හැකියාව උදා කෙරේ.
එසේම පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ යටතේ ඉපදීමෙන් පසු දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සොයා බලන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ද ළදරු මරණ වළක්වා ගැනීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදේ.
ඒ පිළිබඳව පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් පානදුර 'කේතුමතී' කාන්තා රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රධානී ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සඳහන් කළේ මෙම ළදරු මරණවලට හේතුවන සංකූලතා වළක්වා ගැනීමට ගැහැනු දරුවෙකු වැඩිවියට පත්වූ දිනයේ සිට ලබාදෙන පෝෂණය අධ්‍යාපනය හා ලිංගිකත්ව දැනුම හේතුවන බවයි.
අප රටේ දරු උපත් තුන්ලක්ෂ තිස්දහසක් පමණ සිදුවද්දී ඉන් 20000ක් පමණ සති 37කට අඩු ප්‍රසූතියක් වාර්තා වන බවද ඒ මහතා පැවසුවේය.
දශක කිහිපයකට පෙර මෙවැනි අඩු සති ගණනකින් උපදින දරුවන් ජීවත් කිරීමට අපහසු වුවත් වර්තමානයේ තාක්ෂණික දියුණුව හරහා එම දරුවන්ද ජීවත් කරවීමට හැකි වී ඇති බවද ඒ මහතා පැවසීය.
කෘත්‍රීම ශ්වසනය ලබාදීම්, පෝෂණය ලබාදීම් ආදිය උපකරණ හා නව තාක්ෂණය හරහා සිදුකරමින් මේ තත්ත්ව ළඟා කර ගැනීමට හැකිව ඇති බවද හෙතෙම පැවසූ අතර, දරුවන්ට ඇතිවන සංකූලතා වළක්වා ගැනීම වෙනුවෙන් දරුවෙකු කුස තුළ සිටියදී ලැබෙන පෝෂණයද බලපාන බව එහිදී ඒ මහතා සඳහන් කළේය.
වර්තමානයේ දරුවෙකු ඉපදීමෙන් පසු දරුවාගේ හිසේ සිට දෙපතුල දක්වා මැනවින් නිරීක්ෂණය කරන බවත්, ඩවුන්සින්ඩ්‍රෝම් තත්ත්වයේ ලක්ෂණ, ඇසේ සුද, හෘද සිදුරු ආදී ආබාධ ඒ හරහා පරීක්ෂාවට ලක්කෙරෙන බවත්, වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
මේ සියලු තත්ත්වවලින් තොරව නිරෝගී දරුවෙකු මෙලොව බිහිවීම ඉතාමත් සුවිශේෂී තත්ත්වයක් බවද ඒ මහතා පැවසුවේය.
එසේම උපත් ආබාධ නැතහොත් සංජානනීය ආබාධ දරුවෙකුට ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගර්භිණී වීමට පෙර සිටම කාන්තාවක් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය යූ.ඩී. පී. රත්නසිරි මහතා පැවසුවේය.
විශේෂයෙන්ම මෙම ජානමය සංකූලතා ඇතිවීමට මිත්තණිය හෝ මුත්තණුවන්ගේ සිට පැවත එන රෝගී තත්ත්ව හේතුවන බව හෙතෙම පැවසුවේය.
මෙරට වායු දූෂණය, මවුවරුන් ආලේප කරන ආලේපන, ආහාර පාන ආදී සියලු දේ උපත් ආබාධ ඇතිකිරීමට හේතුවන බවත්, එසේම ගැබ් ගන්නට පෙර සිට දියවැඩියාව, හෘද රෝග, වලිප්පුව ආදි රෝගවලට ඖෂධ ගන්නා කාන්තාවක ගැබ් ගන්නට සූදානම් වේ නම් එම ඖෂධ කළමනාකරණය කළ යුතු අතර, ආසාදනවලින් වැළැක්වීමට අවශ්‍ය එන්නත් ලබාගත යුතු බවත් රත්නසිරි මහතා සඳහන් කළේය.
HIV, සිපිලිස්, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවලට ආසාදනය නොවෙන ලෙස ක්‍රියාමාර්ග ගැනීමටද කාන්තාවන් දැනුම්වත් කළයුතු බවද ඒ මහතා පැවසුවේය.
එසේම පූර්ව ප්‍රසව අවධියේදී හඳුනාගන්නා විවිධ සංකූලතා ඇති මවුවරුන්ට විශේෂ අවධානයක් යොමු කිරීම හරහාද මෙවැනි මරණ වළක්වාගත හැකි බව හෙතෙම පැවසුවේය.
මෙවැනි වැදගත්වූ දැනුම්වත් කිරීම් හා කතිකාවත් රැසකින් සමන්විත, අද දිනයේ (23දා) කොළඹ ගලධාරි හෝටල් පරිශ්‍ර‘යේදී ආරම්භ වන පරාජන්මීය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසිය, අද උදෑසන 8 සිට 2 පස්වරු දක්වා හෙද නිලධාරීන් හා වෛද්‍යවරුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවැත්වේ.
ඉන්පසුව හවස 6-9 දක්වා පැවැත්වෙන සමාරම්භක උලෙළ ජනාධිපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී Expert Specialist ඇමතුම් සේවාව ආරම්භ කිරීමත්, සංගමයේ වෙබ් අඩවිය නිකුත් කිරීමත්, 'අම්මේ වේදනාව උරුමයක් නොවේ' හා 'ළබැඳියාවේ සෙවණැල්ල' යන සංකල්පය හඳුන්වා දෙනු වස් නිකුත් කරන පෝස්ටර් එළිදැක්වීමත් සිදු කිරීමට නියමිතය.
හෙට (24දා) දින උදෑසන 8 සිට පස්වරු 5 දක්වාද මෙම සැසිය පැවැත්වෙන අතර, මෙහිදී පරාජන්මීය වෛද්‍ය සේවාවේ විශේෂ තොරතුරු හා දැනුම්වත් කිරීමේ දේශන හා වැඩසටහන් පැවැත්වේ. මේ සඳහා ඕනෑම ක්ෂේත්රයක නියැළෙන අයට සහභාගි වීමට අවස්ථාව උදාකරදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd