කැරට් 450 යට ඇඳුමක්
ලොව ජනප්රියම කාන්තා යට ඇඳුම් විලාසිතා නාමය වන වික්ටෝරියාස් සීක්රට්ස් 2016 සිය විලාසිතා එළිදැක්වීමේ මහා විලාසිතා දැක්ම මේ වනවිට ප්රංශයේ පවත්වනු ලබනවා. ඒ සඳහා ලොව සුපිරිම විලාසිතා නිරූපිකාවන් රැසක් සහභාගි වී සිටිනවා. ඒ අතරට කැන්ඩල් ජෙනර්, ගිගී, වෙලා හඩීඩ්, ඇලෙස්සැන්ඩ්රා අම්බ්රොසිබ් ආදී නිරූපිකාවන් රැසක් ඇතුළත්.
මෙවර වික්ටෝරියාස් සීක්රට්ස් යට ඇඳුම් අතර මිල අධිකම යට ඇඳුම නිරූපණයට වරම් උදාකරගත් 25 හැවිරිදි ඒන්ජල් ජස්මින් විලාසිතා දැක්මේ වඩාත් කැපී පෙනුණා. ඇය කැරට් 450ක අගයකින් යුතු වටිනා මැණික් ගල් 9000කින් ඔපවැටුණු යට ඇඳුමකින් සැරසී සිටි අතර, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් වන බවයි පැවසෙන්නේ.
එසේම මෙම විලාසිතා දැක්මේදී සුපිරි නිරූපිකා ඉරිනා ශයික් පිළිබඳවද වැඩි අවධානය යොමුව තිබූ අතර, ඊට හේතු වී තිබුණේ ඇය තම කුළුඳුල් දරුගැබ දරා සිටියදී යට ඇඳුම් විලාසිතා එළිදැක්වීමට එක්ව සිටීමයි.
මේ වික්ටෝරියාස් සීක්රට්ස් 2016 විලාසිතා දැක්මේ මැවුනු දසුන් කිහිපයක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.










































