Colombo Fashion Week හි නවතම විලාසිතා සූදානම ලෙස HSBC Colombo Fashion Week Resort 2016 (CFW Resort 2016) පසුගියදා ගාල්ලේදී පැවැත්විණි.
Resort Wear සහ Destination Wear ප්‍රවර්ධනය කිරීමත්, එම ක්ෂේත්‍ර සම්බන්ධව විලාසිතාකරුවන් දිරිගැන්වීමත් අපේක්ෂා කර ගනිමින් ගාලු කොටුවේදී එළිදැක්වූ CFW Resort විලාසිතා දැක්මේදී විවිධාකාරයේ නවීන විලාසිතා හා නිදහස් නිවාඩු අවස්ථාවකට උචිත සුන්දර ඇඳුම් හඳුන්වාදීම සිදුවිය.
CFW Resort විලාසිතා දැක්මේ පළමු දිනයේදී හේෂාන් ද සිල්වා, ටර්ජා ද සිල්වා, අස්රා තාරික්, රිද්මා සමරනායක, ඈන් දේවේන්ද්‍ර, නයනි ප්‍රනාන්දු, ශානිකා සමරක්කොඩි, ඇන්ජලීනා සෙනෙවිරත්න, ශ්රිවිත්යා මාධවන්, නිත්‍යා නානායක්කාර යන අයගේ විලාසිතා එළිදැක්වීම ගාල්ල ජෙට්වින් ලයිට් හවුස් හෝටල් පරිශ්‍රයේදී මෙලෙස සිදුවිය.
ඡායාරූප දිෂ්ණ ධර්මරත්න