ADA
www.ada.lk
2025 ජුලි මස 06 වන ඉරිදා
මේ දිනවල සමස්ත ලෝක ප්‍රජාවගේම අවධානය බ්‍රසීලය වෙත යොමුව ඇති බව රහසක් නොවේ. ඒ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ රියෝ නුවර පැවැත්වෙන නිසාවෙනි. එහි ජිම්නාස්ටික් ක්‍රීඩා බිමේ අවධානය තමා වෙත රඳවා ගන්නට හතළිස් එක් හැවිරිදි ඔක්සානා චු සොවිටිනා සමත් වූවාය.
ඒ 2016 ඔලිම්පික් ක්‍රීඩා බිම නියෝජනය කළ වයස්ගතම ක්‍රීඩිකාව ලෙසින් මෙන්ම දැනට සිටින වයස්තගම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වෙමිනි. ඔක්සානා 2016 ඔලිම්පික් තරග බිමට පිවිසෙමින් තම දාහත් හැවිරිදි පුතණුවන්ගේ වයස් සීමාවේ පසුවන ක්‍රීඩිකාවන් සමග තරග වැදීම පිළිබඳ සැමගේ අවධානය යොමු විය.
සිය ක්‍රීඩා දිවියේ හත්වැනි වරට ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමට මෙවර වරම් ලද ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ජිම් (vault) ඉසව් තරගාවලියේ අවසන් අට දෙනා අතරට එක්වෙමින් ඇය සිය දක්ෂතා තවදුරටත් තහවුරු කර ඇත.1992 වසරේදී ඇය සෝවියට් සමූහාණ්ඩුව නියෝජනය කරමින් තරග වැදුණු ඇය එහිදී රන් පදක්කමට හිමිකම් කීවාය.
එසේම 2008 වසරේ චීනයේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඇය රිදී පදක්කමක් දිනාගත්තාය.ඇය 2008 වර්ෂයේ හා 2012 වර්ෂයේ ජර්මනිය නියෝජනය කරමින් ඔලිම්පික් තරග බිමට පිවිසි අතර, මෙවර ඇය උස්බෙකිස්තානය නියෝජනය කරන්නීය.
popular news
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් අපේක්ෂා රෝහලට පස් මහල් වාට්ටු සංකීර්ණයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd