ඔබත් අතීතයේ පැවති ජංගම දුරකථන විලාසිතාවන් සම්බන්ධයෙන් අතීත කාමයකින් පෙළෙන්නේ නම්, මෙම හඳුන්වා දෙන ස්මාට්ෆෝන් නිර්මාණය ඊට නව පණක් ලබාදෙනු ඇත. වර්තමාන Full Touchscreen ස්මාට්ෆෝන් ලෝකය තුළ ස්පර්ශ තිරය, QWERTY කීපෑඩය සමගින් සමව ස්මාට්ෆෝනයේ ඉදිරි මුහුණත වපසරිය බෙදාගන්නා ස්මාට්ෆෝන් අතළොස්සක් දැකිය හැකි වුවද, දැනට ලෝකයෙන් අභාවයට ගොස් ඇති සගයෙකු වන Flip Phone නොහොත් Folding Phone නැවතත් කරළියට පැමිණ තිබේ.
මෙම ස්මාට්ෆෝනයට පහසුවෙන්ම දශකයකට දෙකකට පමණ පෙරාතුව ජංගම දුරකථන භාවිතය ආරම්භ කළ පරම්පරාවක පාරිභෝගිකයන් හට සිය අතීතය සිහිපත් කර දීමට හැකිවනු ඇති අතර, ඒ නිසාවෙන්ම මෙම උපාංගවලට වෙෙළඳ පොල තුළ සාර්ථකත්වයක් අත්පත්කරගැනීමට හැකිවුණි.
Samsung Galaxy Folder නිකුත්වන්නේ පසුගිය මාසයේදීය. TFT Capacitive Touch screen එකකින් බලගැන්වෙන මෙහි තිරය ඔබට වෙනස් ස්මාට්ෆෝන් අත්දැකීමක් වනු ඇත. Android V 5.1 (Lollipop) මෙහෙයුම් පද්ධතිය මතින් මෙය ධාවනය වෙයි. ඔබට අතිසුඛෝපභෝගී ස්මාර්ට්ෆෝනයක් ලෙස භාවිතා කිරීමට තරම් තරගකාරී සාධක මෙතුළ ඇතුළත් නොවූවද , මෙහි ඇති වෙනස් භාවිතාව සහ ආකර්ෂණය එම අඩුපාඩු මකාලනු ඇත.
මෙහි මතක ධාරිතාවන් ලෙස 8GB මතකයක් හා 1.5GB RAM අගයක් අන්තර්ගතය. බාහිරින්ද 128GB දක්වා microSD මතක චිප ඇතුළු කළ හැක. එමෙන්ම මෙගාපික්සල් 8ක කැමරාවක් Auto Focus සහිතව අන්තර්ගතය. මෙගාපික්සල් 2 ක ද්විතීයික ඉදිරිපස කැමරාවක්ද මෙහි ස්ථාපිතව තිබේ.
කළු සහ සුදු වර්ණයන්ගෙන් යුතුව වෙෙළඳ ෙපාළට එන මෙම Samsung Galaxy Folder උපාංග දැනටද ජාත්‍යන්තර වශයෙන් ඉහළ අවධානයක් දිනා ඇත.