ලොව පුරා ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ අවධානය දිනාගත් ප්රමුඛ ජංගම දුරකතන ක්‍රීඩාවක් වන Pokémon Go (පෝක්මෝන් ගෝ) ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ උනන්දුවක් දක්වනන්ට බාගත කිරීමේ අවස්ථාව ලැබි තිබේ.
ඒ එම ජංගම දුරකත ක්‍රීඩාව මේ වන විට දකුණු ආසියානු රටවල්හි වෙසෙන ජනතාව වෙත බාගත කිරීමේ අවස්ථාව ක්‍රිඩාවේ නිර්මාපකයන් වන නියැන්ටික් සමාගම විසින් ලබාදී ඇති හෙයිනි.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, පාකිස්තානය යන රටවල් සඳහා ඔවුන් මෙම දුරකතන ක්‍රීඩාව බාගත කිරිමේ අවස්ථාව ලබා දී ඇත.
ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෙහෙයුම් පද්ධති ඇති ජංගම දුරකතනයන්ට මෙම යෙඳුම (App) බාගත කර ගැනිමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලැබෙන බව සමාගම නිවේදනය කරයි.
කෙටි කාලයක් තුළ ලෝකය තුළ වේගයෙන්ම ව්‍යාපත්ත වූ ජංගම දුරකත යෙදුමක් ලෙස පෝක්මෝන් ගෝ ජංගම දුරකත ක්‍රිඩාව ප්‍රසිද්ධියක් උසුලයි.