OnePlus සමාගම ඔවුන්ගේ නවතම ස්මාට්ෆෝනය OnePlus 3T නමින් පසුගියදා එළිදැක්වූවා. ඒ ගැන බොහෝ කතා ඇති වුණේ ඔවුන් නිර්මාණය කළ OnePlus 3 උපාංගයට ඉතා සමාන ගුණාංග පෙන්වන මෙම උපාංගය තවත් එක් අකුරක් ඈඳා 3T නමින් නිර්මාණය කළේ ඇයිද යන්න සම්බන්ධයෙනි. සැබවින්ම සැළකිය යුතු වෙනස්කම් කිහිපයක්ම සමගින් නිකුත් වී ඇති මෙම උපාංගයේ එම T අකුර, තරගකාරී සමාගම් එවැනි වැඩි දියුණු සංස්කරණයක් යොදද්දී භාවිතාකරන S අකුරට වඩා වැඩි අගයක් ඇති බව පෙන්වන්නට යෙදූවක් වැන්න. එය සැබවින්ම අලෙවිකරණ ප්‍රයෝගයක් විය හැකිය.
කෙසේ හෝ Gun Metal නම් වූ අලුත් සිත්ගන්නා සුලු වර්ණයකින් නිකුත් වන උපාංගය බැලූ බැල්මටම වුවද සිත් ඇදගන්නා නිමාවක් සහිත වනවා සේම පරිශීලකයාට සැළකිය යුතු ගුණාත්මක භාවිතාවක් අත්කරදිය හැකි උපාංගයක් ලෙසද පෙනී යයි. මෙම උපාංගය ශ්‍රී ලංකා වෙළඳපොළ තුළට පැමිණෙන්නට යම් කලක් ගත වෙතැයි සිතුවද එයට ඇති උනන්දුව ඉහළ යාම මත තත්ත්වය වෙනස් විය හැක.
ඩුවල් සිම්පත් සමගින් ක්‍රියා කරනා මෙම ස්මාට්ෆෝනය අඟල් 5.5ක තිරයක් සහිතය. දැනට ඇන්ඩ්‍රොයිඩ් මාෂ්මෙලෝ සමග ක්‍රියාකරන එය ඉදිරියේදී ඇන්ඩ්‍රොයිඩ් නුගා වෙත යාවත්කාලීන වනු ඇත. Snapdragon 821 චිප් පද්ධතියක්, ගිගාබයිට් 64/128 ලෙස මතක ධාරිතා සංස්කරණ ද්විත්වයක් සේම ගිගාබයිට් 6ක අධිබලැති රැම් මතකයක් එහි අන්තර්ගතය.
මෙම OnePlus 3T ස්මාට්ෆෝනයේ ස්ථාපිතව ඇත්තේ සෙන්සර් ප්‍රමාණයේ 1/2.8” මෙගාපික්සල් 16ක කැමරාවකි. එයට phase detection autofocus, OIS, LED flash, 1.12 µm pixel size, geo-tagging, touch focus, face detection, panorama, HDR යන හැකියාවන් අන්තර්ගතය. එසේම 2160p@30fps, 720p@120fps, Auto HDR වීඩියෝ හැකියාවක් ඇත. ඒ ආකාරයෙන්ම 16 MP, f/2.0, 1.0 µm pixel size, 1080p ඉදිරිපස කැමරාවකින්ද එය සන්නද්ධය.
නවීනතම තොරතුරු සන්නිවේදන භාවිතාවන්ගෙන් මෙන්ම සෙන්සර් පද්ධතියෙන්ද මෙම ස්මාට්ෆෝන් උපාංගය වර්තමානයේ ඇති ඉහළ ශක්‍යතා ස්මාට්ෆෝන් උපාංගයන් හා කරට කර සිටී. එහි ඇති Fingerprint, accelerometer, gyro, proximity, compass සංවේදකයන් මගින් පරිශීලකයාට වැඩිමනත් පහසුකම් සඳහා අවකාශ ලබාදෙනු ඇත.
තවත් දෘඩාංග හැකියාවක් වන්නේ ඉවත් කළ නොහැකි අධි බලැති Li-Ion 3400 mAh බැටරියක් අන්තර්ගත වීමයි. එසේම එය මෙහි සිහින් හැඩයට හා මනා නිමැවුමටද බාධාවක් නොවී අන්තර්ගතව තිබීමද වැදගත් කාරණාවකි. මෙසේ ඉහළ මට්ටමේ මිල අධික ස්මාට්ෆෝනයක එන විශේෂාංගයන් හා පහසුකම් සියල්ලම සාපේක්ෂව මිළ අඩු ස්මාට්ෆෝනයකට අන්තර්ගත කිරීමට OnePlus සමාගම ගෙන ඇති උත්සාහය සැබවින්ම ප්‍රශංසා කටයුතුය.