මෙම මාසයේ අග භාගයේදී එළිදැක්වීමට නියමිත LG G6 ස්මාට්ෆෝනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබාගෙන සිටින්නේ එහි ඇතැයි කියවෙන සුවිශේෂී පහසුකම් නිසාවෙන්ම වේ. සම්පූර්ණයෙන්ම ලෝහමය බඳකින් යුක්ත වන මෙම ස්මාට්ෆෝනයේ ගැලවිය නොහැකි බැටරියක් අඩංගු වූවත්, එය සාමාන්‍ය 3,200 mAh සීමාවන්ට වඩා වැඩි ධාරිතාවකින් යුක්ත වනු ඇතැයි අසන්නට ලැබේ.
එසේම මෙය අඟල් 5.7 ක තිරයක් සමගින් ස්මාට්ෆෝනයකට වඩා ෆැබ්ලට් උපාංගයකට නෑකම් කියනා අතර, 2,880x1,440 තිර විභේදනයක් ලබාදෙනු ඇත. එසේම මෙහි Qualcomm's Snapdragon 821 චිප් පද්ධතිය සහිත ප්‍රොසෙසරයක් ස්ථාපිතව පැමිණෙනු ඇති අතර, පසුපස කැමරාව ලෙසින් ද්විත්ව කැමරා පද්ධතියක් මෙන්ම ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ සංවේදකයන්ද සහිතව පැමිණෙනු ඇත. එසේම මෙහි ගූගල් ඇසිස්ටන්ට් තත්‍යාසන්න සහකරු මෙන්ම Quad DAC හැකියාවද ස්ථාපනය වී පැමිණෙනු ඇත.
කෙසේ වෙතත් වඩාත්ම වැදගත් පුවත වන්නේ, දින කිහිපයකට පෙරාතුව නිල වශයෙන් නිකුත් වූ ප්‍රවෘත්තියක් මගින් LG G6 ස්මාට්ෆෝනය සැබවින්ම කෙතරම් භාවිතයට ඉහළ යෝග්‍යතාවයක් ඇතිද යන්න සම්බන්ධයෙන් අදහසක් ලබාදිමයි. මෙයට අනුව LG G6 ස්මාට්ෆෝනයේ ජල ප්‍රතිරෝධතාවය සහ දුහුවිලි ප්‍රතිරෝධතාවය සම්බන්ධයෙන් පරිශීලකයින්ට හොඳ බලාපොරොත්තු තබාගැනීමට හැකියාව ඇත. අසන්නට ලැබෙනා ලෙසට මෙයට ජල සහ දුහුවිලි ප්‍රතිරෝධතාවය සඳහා IP68 සහතිකය ලැබී ඇති අතර, ඒ නිසා මෙම මාසය අවසානයේදී දුහුවිලි නොයන ආකාරයේ සැකැස්මකින් යුක්ත, අඩු තරමින් මීටරයක් හෝ ගැඹුරට ජලයෙන් හානියක් සිදු නොවන කදිම ස්මාට්ෆෝනයක් දැකගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.