ලෝකයේ ස්මාට්ෆෝන් මිළ දිනෙන් දින ඉහළ යද්දී සන්නාමය වෙනුවෙන් නිකරුනේ මුදල් යොදවනු වෙනුවට, මිළ අඩු එහෙත් විශේෂාංග අතින් ඉතා ඉහළින් ඇති ස්මාට්ෆෝන් මිලදීගන්නට මිනිසුන් යොමුවුනා. ඒ අතර හුවාවේ, සයෝමි, ඔපෝ වන්ප්ලස් වැනි සන්නාමයන් ඉදිරියෙන් සිටියේ, ඔවුන් ප්‍රධාන පෙළේ නිෂ්පාදනවල විශේෂාං ඒ අයුරින්ම තබානිමින් ඒවායේ මිලෙන් අඩකටත් අඩුවෙන් එම නිෂ්පාදන වෙළඳපොලට එක් කළ නිසායි.
මෙලෙස හඳුන්වා දෙන්නේ එයාකාරයේ අඩු මිල සන්නාමයකින් නිමවූ ඉතා අධික මිළැති ස්මාට්ෆෝනයක්. ඒ Huawei සමාගමේ Mate 9 Porsche Design උපාංගයයි. පසුගිය ජනවාරි මාසයේ නිකුත් වූ මෙම උපාංගය මගින් බ්ලැක්බෙරි වැනි සමාගම් Porsche Design ලෙසින් ඉදිරිපත් කළ සුඛෝපභෝගී ස්මාට්ෆෝන්වලම දිගුවක් නිරූපණය වන අතර ඒවා පෝෂ් ඩිසයින් සමාගමේ නිෂ්පාදන ලෙස වෙළඳපොලට එක්වන්නේ ඒවායේ ඇති සුවිශේෂී හැඩයත් සමගයි.
මෙලෙස පෝෂ් ඩිසයින් ලෙස ස්මාට්ෆෝන්, ඉයර්ෆෝන්, ස්පීකර්, අවු කණ්නාඩි, අත් ඔරලෝසු වැනි දෑ වෙළඳපොලට නිකුත් වුනු අතර මේ සටහන වෙන්වන්නේ රුපියල් දෙලක්ෂ තිස්දහසකට ආසන්න මිලකින් වෙළඳපොලට එන Huawei Mate 9 Porsche Design නිෂ්පාදනය සම්බන්ධවයි.
අඟල් 5.5ක AMOLED capacitive touchscreen තිරයක් සහ ඩුවල් සිම් පහසුකම සමග Huawei Mate 9 Porsche Design ස්මාට්ෆෝනය වෙළඳපොලට එයි. ඔක්ටා කෝ ප්‍රොසෙසරයකින් ජවගැන්වෙන මෙය ධාවනය වන්නේ Android 7.0 Nougat මෙහෙයුම් පද්ධතිය මතිනි. මෙහි රැම් අගය ගිගාබයිට් 6කි. බාහිරින් මතක චිප ඇතුළත් කළ නොහැකි මුත් ගිගාබයිට් 256ක් දක්වා ඉහළ දැමිය හැකි අති විශාල බාහිර මතකයක් එහි ඇතුළත්ය. ප්‍රධාන කැමරාව මො පික්සල් 20ක් සහ 12ක් ලෙසින් වූ කැමරා දෙකක පද්ධතියක් ලෙසින් නිමවා ඇත. ඉදිරිපස ද්විතියික කැමරාව මෙගා පික්සල් 8 ක් වේ.
මෙහි Fingerprint (front-mounted), accelerometer, gyro, proximity, barometer, compass ලෙසින් වන සංවේදකයන් ඇතුළත්ය. ග්‍රැෆයිට් කළු වර්ණයෙන් එන මෙම Huawei Mate 9 Porsche Design ස්මාට්ෆෝනය 4000 mAh ප්‍රමාණයේ බැටරියකින් බලගැන්වේ.