ඊයේ දිනයේ (22) චීනයේදී හුවාවි සමාගම මගින් නිල වශයෙන් හඳුන්වා දෙන්නට කටයුතු කර තිබුණේ ඔවුන්ගේ නවතම ප්‍රධාන ස්මාට්ෆෝනය වන Huawei Honor V9 උපාංගයයි. මෙය සැබවින්ම මින් පෙර තිබූ හුවාවි ස්මාට්ෆෝනයන්ගේ තිරයේ විභේදන බලය අඩුවීම, තිරය අනවශ්‍ය ලෙසින් විශාල හෝ කුඩා වීම වැනි පරිශීලක පැමිණිලි සියල්ලම සලකා බලා දියත් කරන්නට යෙදුණු උපාංගයක් යැයි බැලූ බැල්මට හැඟී යනු ඇත.
මෙය අඟල් 5.7 ක QHD LTPS LCD touchscreen තිරයක් සමගින් පැමිණෙන අතර, මෙගාපික්සල් 12 ක (f/2.2) විභේදනයකින් යුක්ත කැමරා ද්විත්වයක පද්ධතියක් පසුපස ප්‍රධාන කැමරාව ලෙසින් ස්ථාපනය කොට ඇත. මෙම කැමරා පද්ධතියේ laser autofocus සහ LED flash වැනි සම්මත හැකියාවන් සියල්ලම තිබෙනා අතර, 4K ගුණාත්මක භාවයෙන් යුතුව වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද තිබේ. මෙහි ඉදිරිපස මෙගාපික්සල් 8 ක (f/2.0) ක කැමරාවක්ද තිබේ.
මෙහි Octa-core ප්‍රොසෙසරයක් තිබෙනා අතර, හුවාවි සමාගමේ නවතම සහ දැනට පවතින විශිෂ්ටතම චිප් පද්ධතිය වන HiSilicon Kirin 960ද මෙහි ස්ථාපනය කොට ඇත. මෙහි 6GB රැම් මතකයක් ද ඇති අතර, මතක ධාරිතාව 64GB හෝ 128GB වන සංස්කරණ දෙකක් ලෙසින් Huawei Honor V9 ස්මාට්ෆෝනය වෙළෙඳපොළට පැමිණෙනු ඇත. මෙහි බාහිර මතකයද ඔබට අවශ්‍ය ලෙසින් MicroSD card හරහා ඉහළ දැමීමේ හැකියාව ඇත.මෙය බලගැන්වෙන්නේ Huawei EMUI 5.0 සමගින් ධාවනය වන Android 7.0 Nougat මෙහෙයුම් පද්ධතියෙනි. මෙහි 4,000mAh ක බලයක් ඇති බැටරියක්ද ස්ථාපනය කොට තිබේ.
මූලිකවම මෙය නිල් පැහැයෙන් සහ රන් පැහැයෙන් යුතු සංස්කරණයන් ලෙසින් වෙළෙඳපොළට පැමිණෙනු ඇත. කෙසේ නමුත් පරිශීලකයින්ගේ කැමැත්ත මත බොහෝ විට වඩාත් අඳුරු පැහැයක හෝ කළු පැහැයක සංස්කරණයක්ද ඉදිරියේදී පැමිණෙනු ඇතැයි සිතිය හැක. ප්‍රබල දෘඩාංගයන් සහ ඉහළ ශක්‍යතාවයන් සහිත ස්මාට්ෆෝනයන් වඩාත් ලාභදායී මිලකට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නමක් දිනා ඇති හුවාවි සමාගම මගින් මෙම වසරේදී අනෙකුත් ප්රමුඛ පෙළේ ස්මාට්ෆෝන් නිෂ්පාදන සමාගම් වෙත එල්ල කෙරෙනා අභියෝගයක ආරම්භය මෙම Huawei Honor V9 ස්මාට්ෆෝනය වනු ඇතැයි අපට සිතිය හැක.
මෙය තවමත් ශ්‍රී ලංකා වෙළෙඳපොළට පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි වූවත්, ඒ සඳහා වැඩි කාලයක් ගත නොවන බව අත්දැකීමෙන් පැවසීමට හැක.