පූර්ණ ආබාධිත පුද්ගලයන්ට ආහාර ගැනීම පහසු කරවන මිනිස් මොළයෙන් නිකුත්වන EEG තරංග මගින් පාලනය කෙරෙන රොබෝ යන්ත්‍රයක් නිපදවීමට මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුහු තිදෙනෙක් සමත්ව සිටිති.
යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉසිර නාඔටුන්න, චාමික ජනිත් පෙරේරා සහ චමීර සඳරුවන් යන සිසුන් තිදෙනා විසින් මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කර තිබේ. මෙය නිර්මාණය කිරීමේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්ත සහ ආචාර්ය රුවන් ගෝපුර යන මහත්වරුන්ගේ මගපෙන්වීම එම සිසුන්ට ලැබී තිබුණි.
|
ලොව පුරා විවිධ ආබාධවලින් පෙළෙන පුද්ගලයන් රාශියක් සිටිනවා. ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බෙල්ලෙන් පහළ පණ නැති හෝ අත් අහිමි වූවන් වෙනවා. එදිනෙදා ජීවිතයේදී ආහාර ගැනීමේදී මෙම පුද්ගලයන්ට විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවෙනවා. මෙම රොබෝ තාක්ෂණය යටතේ පූර්ණ ආබාධිත පුද්ගලයන්ට තනිව ආහාර ගැනීමට අත්වැලක් වෙනවා.
|
ගයාන් සූරියආරච්චි