නොකියා සමාගමේ නව නිෂ්පාදන හතරක් පිළිබඳ පසුගිය මාසය පුරාවට දැඩි කතාබහට ලක්වුනා. ඒ අතරේ නොකියා සමාගම තම මුල්කාලීන නිෂ්පාදනයක් වන නොකියා 3310 උපාංගයට වසර දාහතක් පිරීම නිමිත්තෙන් නිකුත්කිරීමට නියමිත නව 3310 උපාංගයද, නොකියා නව දුරකතන පෙලේ කිහිප දිනකට පෙර හඳුන්වාදුන් නොකියා 6ට අමතරව නොකියා 5 සහ නොකියා 3ද වෙනවා.
පෙර හඳුන්වාදීම් සිදු කළ නොකියා 6 උපාංගයේ අලුතින් හඳුන්වාදීමට යමක් නැතත් එහි මිළ යුරෝ 230ක් ලෙස දක්වා තිබීම වැදගත් වෙනවා. එය මෙවසරේ දෙවැනි කාර්තුවේදී අනෙකුත් උපාංග සමම නිකුත් වනු ඇත. මෙම උපාංගයට පමණක් විශේෂයෙන් නොකියා සමාගම මෙතකෙ සිවු වරක් පමණක්(Nokia 8800 Carbon Arte, Nokia 8800 Arte, Nokia 8800 Gold Arte, Nokia 8800 Sapphire Arte) නිකුත් කර ඇති Arte පෘෂ්ඨයේ කළු වර්ණිත උපාංගයක් වෙනස් විශේෂාංග සමග නිකුත් කරනු ඇති.
යුරෝ 190කට නිකුත් කරන නොකියා 5 උපාංගය ඇලුමිනියම් පසුබිමකින් යුතුව Snapdragon 430 චිප පද්ධතියකින්, මොපික්සල් 13ක කැමරාවකින් සහ අඟල් 5.2ක තිරයකින් හෙබිය. ගිගාබයිට් 2ක රැම් අයකින් සහ ගිගාබයිට් 16ක මතකයකින් සපිරි මෙයද මිලි ඇම්පියර් තුන්දහසක ස්මාට්ෆෝන්යක් වන අතර එයට වඩා මිලෙනුත් වැඩි නොකියා 6 උපාංගයද එම බැටරි ජවයෙන්ම හෙබිවීම ප්රශ්නකාරීය.
යුරෝ 140කට නිකුත්වන නොකියා 3 ලුමියා උපාංගයක හැඩයෙන් දිස්වනු ඇත. ඒ ඇලුමිනියම් රාමුවට හොඳින් ග්රහණය වන පොලිකාබනේට් පෘෂ්ඨයකින් උපාංගය නිමවා ඇති නිසාවෙනි. එය අඩු මිළකට මිළදී ගත හැකි සාර්ථක උපාංගයක් වනු ඇත. ගිගාබයිට් 2ක රැම් අයකින් සහ ගිගාබයිට් 16ක මතකයකින් එය හෙබිය. මෙගාපික්සල් 8ක කැමරාවක්ද එයට අන්තර්ගතය.
ස්නේක් ක්රීඩාවද සමග එක් චාජ් කිරීමකින් මාසයක් පුරා ස්ටෑන්ඩ්බයි මට්ටමේ පවත්වා ගත හැකි නව 3310 උපාංයද දෙවන කාර්තුවේදී නිකුත් වනු ඇත.