ස්මාට්ෆෝනයකින් ඔබ ඉංග්‍රීසියෙන් යමක් ටයිප් කරනා විට බොහෝ විට නිවැරදි අක්ෂර වින්‍යාසය පෙන්වීමේ පහසුකම බොහෝ ස්මාට්ෆෝන් තුළ තිබේ. එසේ නමුත් ගැටලුව වන්නේ ව්‍යාකරණ නිවැරදි භාවය නිරීක්ෂණය කිරීමට සහ ව්‍යාකරණ වැරදි නිවැරදි කිරීමට ගැළපෙන පහසුකමක් ඔබේ ස්මාට්ෆෝනයට ඇතුළත් කළ හැකි යතුරු පුවරු සමගින් නොතිබීමයි. එසේ නම් GrammarPal යනු එම කර්තව්‍යය සඳහා ගැළපෙන යෙදුමකි.
මේ මගින් ව්‍යාකරණ දෝෂ, ලිවීම් රටාවේ දෝෂ මෙන්ම අක්ෂර වින්‍යාස දෝෂ අධීක්ෂණය කරනා අතර, එම පහසුකම සක්‍රිය කිරීම සඳහා කළ යුත්තේ GrammarPal යෙදුම ඔබේ ස්මාට්ෆෝනයට ස්ථාපනය කොට එහි මූලික සැකසුම් කිරීම නිම කිරීම පමණි.
ඉන් පසුව ඔබ ස්මාට්ෆෝනයේ ඕනෑම දෙයක් ටයිප් කරනා මොහොතකදී GrammarPal යෙදුම මගින් පාලනය වන කුඩා බොත්තමක් මතුවන අතර, ඔබට ඒ හරහා ඔබ ලියූ දෙයෙහි ඇති වැරදි සෙවිය හැක. වැරදි හසුවුණු විටදී ඔබ ලියූ දෙයෙහි ඇති වැරදි සංඛ්‍යාවද පෙන්නුම් කරනු ඇත. දැන් ඔබට අවශ්‍ය දෝෂය වෙත ගිය විටදී මතුවන කුඩා වින්ඩෝවක් මගින් එහි නිවැරදි යෙදීම යෝජනා කරනු ඇත.
අප නිතර භාවිත කරනා සිංහල යෙදුමක් හෝ වෙනත් එවැනි යෙදුම් දෝෂ ලෙසින් හසුනොවීම සඳහා GrammarPal යෙදුමේ ඇති ශබ්දකෝෂයට එක් කිරීමට හැකි වීමත්, එසේම ව්‍යාකරණ දෝෂ පවා අපට අවශ්‍ය දෝෂයන් පමණක් සෙවීමට සැකසුම් කළ හැකි වීමත් විශේෂත්වයක් වේ. කෙසේ නමුත් මෙම යෙදුමේ ඇති දෝෂ නිරීක්ෂණ හැකියාවන්ට සියයට සියයක්ම වැරදි හසු නොවිය හැකි බවද නිෂ්පාදකයින් කියා සිටී.
https://goo.gl/86LP2E