පරිගණක හා සබැඳි කටයුතු වල අනාගතය දැඩි ලෙසින් තත්‍යාසන්න යතාර්ථය හෙවත් මත පදනම් වනු ඇතැයි අනාවැකි පළවීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. තත්‍යාසන්න යතාර්ථය යනු කුමක්දැයි විමසන, ඒ සම්බන්ධයෙන් ආගන්තුක අයෙකුට මේ සම්බන්ධයෙන් කියා දීමට හැක්කේ, තත්‍යාසන්න යතාර්ථය යනු පරිගණක දෘඩාංග සහ මෘදුකාංග භාවිතා කරමින්, ඔබ දකිනා, ඔබ හඟිනා යතාර්ථයට ආසන්න වූ යතාර්ථයක් නිර්මාණය කිරීම බවයි. මෙහිදී එම තත්යයට ආසන්න වූ යතාර්ථය හරහා පරිගණකය ඔස්සේ ඔබට ලබාගත හැකි හැකියාවන් හා සේවාවන්ද ලබාදීම, තත්‍යාසන්න යතාර්ථය හා පරිගණක හැකියාවන් මුහු කිරීම මගින් පරිශීලකයාට වඩාත් පහසු, වඩාත් සුවිශිෂ්ට අත්දැකීමක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
කෙසේ නමුත් තවමත් එම තත්‍යාසන්න යතාර්ථය සාමාන්‍ය පරිගණකයක් හෝ ස්මාට්ෆෝනයක් සමඟින්ද පරිශීලකයෙකුට අත්විඳීමට හැකියාව ලැබෙනා දිනය පැමිණ නොමැත. එම දිනය ආසන්නයේවත් නොමැත. එයට හේතුව වන්නේ සාමාන්‍ය පරිශීලකයින් හට තත්‍යාසන්න යතාර්ථය අත්දැකීමට හැකි උපාංගයන් තවමත් මිලෙන් ඉහළ වීමත්, මිලෙන් අඩු වැනි උපාංගයකින් එම සැබෑ තත්‍යාසන්න යතාර්ථ අත්දැකීම ලබාගත හැකිද යන්න සම්බන්ධයෙන් තවමත් බොහෝ පරිශීලකයින් කුකුසකින් සිටීමත් වේ.
එමෙන්ම තත්‍යාසන්න යතාර්ථය සමගින් පරිශීලකයින් හට ගනුදෙනු කිරීමට ඉඩ ලබාදෙන අන්තර්ගතයන්ද සුලභ නොවීම තවත් හේතුවකි. එයටද ප්‍රධානතම හේතුවක් වන්නේ තත්‍යාසන්න යතාර්ථ අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා වන යන්ත්රයන් සැබවින්ම වෙනත්ම තලයක තිබිය යුතු වීමයි. කෙසේ නමුත් ලෙනෝවෝ සමාගම විසින් අත ගසා ඇත්තේ එසේ තත්‍යාසන්න යතාර්ථ අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා උත්සුක වන්නවුන් සඳහා ජංගම වර්ක්ස්ටේෂන් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමටයි. හඳුන්වා දෙන Lenovo ThinkPad P71 යනු එහි ප්රතිඵලයයි.
බැලූ බැල්මට තවත් එක් හැඩි දැඩි පෙනුමකින් යුක්ත ලැප්ටොප් උපාංගයක් ලෙසින් පෙනී ගියද, සැබවින්ම සතුව අතිශයින් ප්‍රබල මෙන්ම සුවිශේෂී දෘඩාංග සහ මෘදුකාංග හැකියාවන් සමුච්චයක් අන්තර්ගතව ඇත.
මෙම ලැප්ටොප් උපාංගයේ IPS තාක්ෂණය සමගින් එන අඟල් 17 ක 4K UHD තිරයක් ඇති අතර, X-Rite® PANTONE® වර්ණ ක්රමාංකනයද සමගින් වඩාත් ඉහළ නිරවද්‍යතාවයක් සහිත දසුන් මෙන්ම තියුණු, සුපැහැදිලි වර්ණ රටාවන්ද පරිශීලකයින් හට ලබාදෙනු ඇත. එසේම මෙම තිරය අංශක 180 කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඕනෑම කෝණයකින් එක ලෙසින් පැහැදිලි දසුන් පරිශීලක ඇසට ලබාදීමටද සමර්ථ වනු ඇත. එසේම විප්ලවීය තාක්ෂණික ඉදිරි පියවරක් වන Intel® Thunderbolt™ 3 පෝට්ද මෙහි අන්තර්ගත වන හෙයින්, තත්‍ය කාලීනවම වඩාත් ඉහළ විභේදන බලයන් සහිත තිරයන්ද ඔබට යොදාගැනීමට අවශ්‍ය වේ නම්, එක් කුඩා පෝට් එකක් හරහා එම සම්බන්ධතාවයද ලබාගැනීමට හැකියාව මෙහිදී ලැබෙනු ඇත.
මෙම Lenovo ThinkPad P71 උපාංගයේ නවීනතම Intel® 7th Gen Core™ සහ Xeon™ ප්‍රොසෙසරයන්, විශේෂ ආරක්ෂක පියවර සමගින් අන්තර්ගත කොට ඇත්තේ පරිශීලකයෙකු හට සිය නිර්මාණශීලීත්වය, කාර්යක්ෂමතාවය සහ ත්‍රිමාණ/තත්‍යාසන්න යතාර්ථ අන්තර්ගතයන් හැසිරවීම ඉහළ තලයක සිට කළ හැකි පරිද්දෙනි.
මේ සමඟින් පරිශීලකයෙකු හට තමන් කැමති Nvidia ග්‍රැෆික් ප්‍රොසෙසරයන් හතරකින් එකක් තෝරාගැනීමටද හැකියාව ඇති අතර, මෙම ලැයිස්තුවේ ඇති ඉහළම මට්ටමේ ග්‍රැෆික් ප්‍රොසෙසරය Nvidia Quadro P5000 වේ. එසේම ගිගා බයිට් 64 ක රැම් මතකයක් මෙන්ම ටෙරා බයිට් 2 ක් දක්වා වූ අභ්‍යන්තර මතක ධාරිතාවක්ද මෙහි තිබේ. මෙවැනි ප්‍රබල යන්ත්‍රයක් මනා ලෙසින් සිසිලනය කිරීම පහසු කටයුත්තක් නොවේ. එනමුත් මෙහි කිසිදු ශබ්දයකින් තොරව ක්‍රියාත්මක වන සිසිලන පංකා ද්විත්වයක් ස්ථාපනය වී තිබීමද සැබවින්ම නිෂ්පාදකයින් හට ප්‍රශංසා කළ යුතු අන්දමේ ජයග්‍රහණයකි.
මෙහි Intel® Thunderbolt™ 3 පෝට් ද්විත්වයක් ඇති අතර, Mini-DisplayPort 1.2 සම්බන්ධතාවයක්ද, HDMI පෝට් එකක්ද තිබේ. මෙයට අමතරව USB-C සම්බන්ධතාවයන්, Ethernet සම්බන්ධතාවයන් ඇතුළු පොදුවේ නවීන ලැප්ටොප් උපාංගයක දැකිය හැකි පෝට් වර්ගයන්ද මෙහි අන්තර්ගතවේ. මෙයට අමතරව මෙහි සිම් කාඩ්පතක් ඇතුළත් කිරීමටද අවකාශ සලසා ඇත්තේ ඔබට වයි-ෆයි සම්බන්ධතාවය නොමැති අවස්ථාවකදී වුවද Lenovo ThinkPad P71 උපාංගය සඳහා 3G හෝ 4G සම්බන්ධතාවයන් සමගින් අන්තර්ජාල ප්‍රවේශය ලබාගැනීමට හැකියාව ලබාදෙමිනි.
මෙම හැකියාවන් සියල්ලටම අමතරව Lenovo ThinkPad P71 උපාංගයේ ආදාන හැකියාවන් කෙරෙහිද නිෂ්පාදකයින් විශේෂ අවධානයක් යොමු කොට ඇත. ලෙනෝවෝ සමාගමේ සම්මාන දිනූ යතුරු පුවරුව මෙහි ඇතුළත් කොට ඇති අතර, ටච්පෑඩයද සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කොට ඇත. මෙම අතට පහසු ලෙනෝවෝ යතුරු පුවරුව ලොව පුරා ජනප්‍රිය වූයේ එහි ඇති පහසුතාවය, ටයිප් කිරීමේදී අතට දැනෙනා වෙනස මෙන්ම ඉහළ, නිරවද්‍ය සංවේදීතාවයකින් ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාවද නිසාවෙනි.
මෙම උපාංගය ක්‍රියාත්මක වන්නේ Windows 10 Pro මෙහෙයුම් පද්ධතිය මතින් වන අතර, ඉහළ ශක්‍යතා මට්ටමක පවත්නා ජංගම වර්ක්ස්ටේෂන් උපාංගයක හැකියාවන් සඳහා අවශ්‍ය කරනා බොහෝ මෙවලම්ද මෙහි ස්ථාපනය වී පවතී. උදාහරණයක් ලෙසින් වෘත්තිය මට්ටමේ කළමනාකාරීත්වයක් ඔබේ ලැප්ටොප් උපාංගය වෙනුවෙන් පරිශීලක ඔබට ලබාදීම සඳහා ස්ථාපනය කොට ඇති Intel® vPro තාක්ෂණය දැක්විය හැක.
මෙසේ දැක්වූ ඉහළ මට්ටමේ විශේෂාංගයන් සහ ශක්‍යතාවයන් සමගින් මෙම Lenovo ThinkPad P71 ජංගම වර්ක්ස්ටේෂන් උපාංගය මෙම වසරේ අප්‍රේල් මස වනවිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කොට තිබෙන බව ලෙනෝවෝ සමාගම විසින් අනාවරණය කර සිටී. සාමාන්‍යයෙන් ලෙනෝවෝ නිෂ්පාදනයන් බොහෝමයක් සාමාන්‍ය පාරිභෝගිකයෙකුට වුවද ප්‍රවේශ විය හැකි පහසු මිල ගණන් මට්ටම් වල පවතී. කෙසේ නමුත් Lenovo ThinkPad P71 උපාංගය සාමාන්‍ය පාරිභෝගිකයන් නොව, නිර්මාණකරුවන්ව ඉලක්ක කරගන්නා හෙයින් මෙහි මිල ගණන් වඩාත් ඉහළ මට්ටමක පවතිනු ඇත.